ඔබ ගන්නා මේ දැඩි තීරණ 5 ඔබේ දරුවා ප්‍රසන්න දරුවෙකු කරනවා නිසැකයි

October 6, 2019
5,190
5 strict steps to make a pleasant child
කුඩා දරුවෙකුට සාරධර්ම කියා දීම තුළින් තමයි ගුණ ගරුක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. සාරධර්ම කියා දීම තුළින් දෙමාපියන් බලාපොරොත්තු වන්නේ සමාජයේ ඔබේ දරුවා යහපත් පුරවැසියෙකු ලෙස ජිවත් විමයි. දරුවෙකුට හොඳින් හැසිරෙන්නට කියා දීම සහ නිවැරදි ලෙස තම ජීවිතය හැඩගස්වා ගැනීමට කියා දීම මව්පියන්ගේ වගකීමක්. අම්මෙකුගේ වගකීම හරි ලෙස ඉටු නොකළොත් ඔබේ දරුවා ඔබට අකීකරු වන දවස වැඩි ඈතක නොවේ. කුඩා කාලයේ සිටම දරුවන්ව හරි මඟෙහි යැව්වේ නැති නම්, පසුකාලීනව දරුවන්ව නිවැරදි මඟට ගැනීම ඉතා අපහසුයි. ඉතින් අද හැඩකාරී අපි ඔයාට දරුවෙකුට සාරධර්ම කියා දීමේ පියවර 5ක් ගැන කියා දෙන්න තීරණය කළා.

නීති පනවන්න

දරුවෙකු නිසි මඟට ගැනීමේදී අත්‍යාවශ්‍යම සාධකය තමයි නීති පැනවීම කියන්නේ. නමුත් දරුවාගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා වන සේ නීති පනවන්න එපා. නමුත් නීති පැනවීම කළ යුත්තේ දරුවන්ට හරි දේ සහ වැරදි දේ තේරුම් ගත හැකි අවධිය පැමිණි විටදියි. ඔයා දරුවන්ගෙන් බලාපොරොත්තු වන හැසිරීම ඔවුන්ට නිවැරදි ලෙස සන්නිවේදනය කළ යුතුයි. එමෙන්ම නීති කැඩුවොත් සිදු වන දෙය ගැනත් ඔවුන්ට කලින්ම අවවාද දිය යුතුයි.

කාල සටහනකට අනුව වැඩ කිරීමට උනන්දු කරන්න

දරුවා උදේ අවදි වූ වෙලාවේ සිට, නින්දට යාම තෙක් කළ යුතු වැඩ රාජකාරි වල ලිස්ට් එකක් හා ඒවා කළ යුතු වේලාවන් යොදා කාලා සටහනක් සකසන්න. කාල සටහනකට අනුව වැඩ කිරීමට කුඩා කළ සිටම ඔවුන්ව එයට හුරු කරවන්න. දරුවාගේ කාල සටහන කිසියම් උවමනාවකට වෙනස් කිරීමට සිදු වෙනවා නම් දරුවාව දැනුවත් කරන්න.

ස්වභාවික ප්‍රතිඵල වෙනස් කරන්න එපා

සමහර මව්පියන් දරුවාට ඇති, දැඩි ආදරය නිසා දරුවා අතින් සිදු වන වැරදීම් නොසලකා හරිනවා. දරුවාගේ වැරදි වලට දෙමව්පියන් මැදිහත් වී ඔවුන් බේරා ගන්නවා. එසේ කිරීමට යාමෙන් ඔයාගේ දරුවා ඊළඟ දිනයේත් වැඩ අතපසු වීම, අනෙකුත් ළමුන් සමග දබර ඇති කර ගැනීම, ගුරුවරුන්ට ගරු නොකිරීම වගේ දේවල් දිගින් දිගටම සිදු වේවි. ඒ දෙමව්පියන් මැදිහත් වී තමාට අවාසියක් වීමට ඉඩ නොදෙන බව දන්නා නිසා. එවිට ඔවුන් නිවැරදි ලෙස ජිවත් වීමට උනන්දු වෙන්නේ නැහැ. දරුවාගේ අඩුපාඩු නොසලකා හැරීමෙන් ඔවුන් දිගින් දිගටම අඩුපාඩු සහිතව වැඩ කිරීමට පෙළඹෙනවා. ඔබ සතුව දරුවන් කීප දෙනෙකුම සිටිනවා නම්, අන් අයත් වැරදි කිරීමට පෙළඹෙනවා.

අවවාද ලබා දෙන්න

දරුවෝ කියන්නේ සෙල්ලමට බර, වගකීම් ඉක්මනින් අමතක වන පිරිසක්. ඉතින් ඔවුන් තමන්ගේ වගකීම් අතපසු කරන බව දැනුනු විගස ඔවුන්ට එය නැවත මතක් කරලා දෙන්න. අම්මගේ අවවාදය සෘජුව ලබා දීමෙන් දරුවා නැවත තමන්ගේ කාර්යයේ නිරත වෙනවා නම්, දෙමව්පියන්ට බිය වෙන්න දෙයක් නැහැ. ඔවුන් නිවැරදිව ඔවුන් කළ යුතු දෙය ගැන හොඳ වැටහීමකිනුයි සිටින්නේ.

ආචාරශිලිව කතා කරන්න උගන්වන්න

දරුවන් තමන්ගේ වැඩ අතපසු කළ විට හෝ වරදක් කළ විට අශිලාචාර වදන් වලින් ඔවුන්ට බැන වදින්නට යන්න එපා. එය ඔබ දරුවාගේ මනසට සිදු කරන හානියක්. එවිට දරුවා තමන්ගේ වැඩ රාජකාරි වල නිරත වන්නේ ඔයාට ඇති බිය නිසා මිස තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි. අනිත් කරුණ නම්, දරුවාත් දෙමව්පියන් අනුගමනය කර රෞද්‍රව හැසිරෙන්නට ඉඩ තිබෙනවා. වචන කීපයකින්, සරලව ඔයාට පැවසීමට ඇති දේ දරුවන්ට පවසන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1410 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:55:50 AM
Script:/article/1410/5-strict-steps-to-make-a-pleasant-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:55:50 AM
Script:/article/1410/5-strict-steps-to-make-a-pleasant-child.html