විදුලි බිල අඩු කරගන්න ශීතකරණය මේ විදිහට පාවිච්චි කරමු

October 11, 2019
6,155
Use your fridge like this to reduce electricity bill
හැම දෙනාම විදුළි බිල්පත දරා ගන්න අපහසුබවට මැසවිලි නගනවා . මේ පීඩනය සමහර විට ඔබටත් සාධාරණ ඇති. ඉස්සරනම් ශීතකරනය සුඛෝපබෝගී භාණ්ඩයක් වුනත් දැන් ශීතකරණය නිවසකට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒ නිසා අපි බිල නිසා පීඩනයට පත් නොවන අන්දමින් සකසුරුවමින් ශීතකරණය පාවිච්චි කරන්නේ කොහොමද....?

ශීතකරණය ස්ථානගත කිරීමේදී පොළව හා සම මට්ටමේ තබන්න. එවිට ශීතකරනය වටා නිදහසේ වාතය ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ශීතකරනය අසල අවන්, රේඩියේටර්, ගෑස් කුකර්, විදුළි ඉස්ත්‍රික්ක වැනි රත්වෙන උපකරණ තබන්න එපා. ශීතකරණයට ඇති පේනුව හෙවත් ප්ලග් එකෙන් සෙසු උපකරණ සඳහා සම්බන්ධ කරන්න එපා. එවිට ශීතකරණයට අවශ්‍ය වෝල්ටීයතාවය අඩු වෙලා එහි කොම්ප්‍රෙසරයට හානි වීමට පුලුවනි. හිරු එලිය වුනත් සෘජුව ලැබෙන අන්දමින් ශීතකරනය තැබීම නිසා වාතය නිදහසේ ගමන් කිරීම සිදු වෙන්නේ නැහැ. බිත්තියට අඩියක්වත් ඈතින් තබන්න.

ඒ වගේම ශීතකරණයේ දොර අරින වාර ගණන හැකිතාක් අඩු කරන්න. අවශ්‍ය කළමනා එක් වරකදීම පිටතට ගන්න. ඔබ දොර අරින වාරයක් පාසා ශීතකරණයේ විදුලිය වැය වීම වැඩියි. ඒ විතරක් නොවෙයි, දොර විවෘත කිරීමෙන් පසුවත් හැකි ඉක්මනින්ම වැසීමත් වැදගත්. සමහර විට ගෙදර උදවිය ශීතකරනයේ දොර විවෘත කිරීමෙන් පසුව එයින් පිටතට ගන්නේ මොනවාදැයි කල්පනා කරන වේලාවකදී ඔවුන්ටත් මේ අනවශ්‍ය නාස්තිය ගැන කියා දෙන්න. හැකිතාක් ඉක්මනින් දොර වැසීම වැදගත්.

ශීතකරණයක් මිළදී ගන්නා විට එහි පවතින මිළට වඩා විදුළිය වෙනුවෙන් ලබා දෙන ඉතිරිය ගැන සලකා බැලීම වැදගත්. අද මිළ සෙසු ශීතකරණයන්ට සාපේක්ෂව අඩු වුනත් එයින් වැය වෙන විදුළිබලය ඔබට දැරීම අපහසු විය හැකියි. ඒ නිසා නිතරම ශීතකරනය මිළට ගන්නා විට එහි විදුලියේ වැය වීම ගැනත් සලකා බලන්න.

ශීතකරණයේ අවශ්‍ය දේ පමණක් ගබඩා කරන්න. හැම දෙයම ගබඩා කිරීම අවශ්‍ය නැහැ. බොහෝ නිවෙස්වල ශීතකරණයන්හි අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දේ ගබඩා කර තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට විදුළිය වැය වීමක් සිදු වෙනවා. ශීතකරණයේ රාක්ක කඩදාසිවලින් පුරවන්න එපා.

එළවලු හැමයිටම ශීතකරණයේ ඒ වෙනුවෙන් ඇති බාස්කට්ටුවේ ගබඩා කරන්න. ආහර ද්‍රව්‍ය භාජනවල අසුරා තබන්න.

ගබඩා කරන විටත් හැකිතාක් ඉඩ ඇති ලෙසින් ගබඩා කරන්න. එකිනෙක අවහිර වන සේ ගබඩා කිරීම විදුළිය වැඩියෙන් වැය වීමට හේතු වෙනවා. ඒ නිසා කොටස් විදිහට වෙන් කරලා කුඩා ඇසුරුම් ලෙසින් ගබඩා කරන්න. එයින් බැලු බැල්මටත් පිළිවෙලක් ඇති වෙනවා.

ශීතකරණයේ දොරේ ඇති බීඩිම් පටිය ගැනත් සැලකිලිමත් වෙන්න. එය අක්‍රිය වුනොත් දොර වැහෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය විදිහට විදුළිය වැය වෙනවා.

ඒ වගේම මොනතරම් හදිසි වුනත් උණුහුම් ආහාරපාන සිසිල් වීමට පෙරාතු ශීතකරනයේ ගබඩා කරන්න එපා. එවිට ඇතුලත උෂ්ණත්වය ඉහළ යනවා .

එන්.ඒ.පි. සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,248
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,996
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,981
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,415
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed