ජිවිතයේ කෙදිනක හෝ නිහඬ ආදරයක අත්දැක්මක් ලැබී තියෙනවද?

October 30, 2019
4,115
Have you experienced a silent love
හැමෝම කියන්නේ ආදරේ පිස්සුවක් කියලනේ. හැබැයි ඉතින් මේක කොච්චර පිස්සුවක් උනත් අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි. සමහරවිට ඔයා මේ වෙනකොටත් කෙනෙක් ගැන හිතේ ආදරය තියාගෙන, ඒ ආදරය හෙළි නොකරන කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්තම් ඔබ පෙම්වතෙක් වෙන්න මාස කීපෙකට කලින් හෝ ඒ විදිහට ආදරය හිතේ හංගගෙන, එයා දිහා බලාගෙන ඉඳලා ඇති. ආදරයක් දිනා ගත්තම රටක් රාජ්‍යයක් හිමි වුණා වගේ හැඟීමක් ඇති වුණත්, ආදරය දිනා ගන්න පෙර ඔයා කරපු පුංචි පුංචි දේවලුත් හරිම සුන්දර මතකයන් විදිහට ඔයා ළඟ ඉතුරු වෙලා ඇති. සුන්දර මතකයන් ආයෙත් ඔබට මතක් කරලා දෙන්න කැමතියි. අද හැඩකාරී අපි ඔයාට නිහඬ ආදරයක අත්දැක්ම් ගැන මේ ලිපියෙන් කතා කරන්න හිතුවා.

නිදහස් පුද්ගලයෙක් වීම

පෙම්වතෙක් හෝ පෙම්වතියක් වූ විට එක් වරම ඔයා වගකීම් වලින් පිරුණු තරුණයෙක් බවට පත් වෙනවා. පෙම් කරනකොට අනෙකාව සතුටු කිරීමට, අනෙකාට අවශ්‍ය දේ සිදු කර දීම වැනි වගකීම් රැසක් ඔයා මත පැටවෙනවා. ඒවා ඉටු කර දීමට ඔයාට නොහැකි වූවොත්, අනෙකා අමනාප වේවි යැයි ඔයා බිය වෙනවා. නමුත් හිතේ ආදරය තියාගෙන හිටිය කාලෙ නම්, ඔයාගේ හිතේ ඒ වගේ වගකීම් තිබුණේ නැහැ. ඒ කාලේ ඔයාට තිබුණේ හිතේ කිසිම වගකීමක් නැතිව එයා ගැන සිහින දකිමින් ඉන්න එක විතරයි.

කතා කරන්න අවස්ථාවක් සොයා සොයා කල් ගෙවීම

අහම්බෙන් හරි එයා එක්ක එක වචනයක් හරි කතා කරන්න ලැබුනොත් ඔබට ඒ කාලෙ හරිම සතුටුක් දැනෙනවා නේද? ඒ සබැඳියාව කොයි වෙලෙත් හරිම නැවුම්. ඒත් පෙම්වතෙක් වුණාට පස්සේ, පෙම්වතිය එක්ක කතා කරන එක ලොකු දෙයක් නෙවේ. ඉස්සර වගේ නැවුම් ගතියක් දැනෙන්නෙත් නැහැ. සමහරවිට මෙහෙම වෙන්නේ ඕනෑම දෙයක් ලඟට ලැබුනම ඒකෙ අගය ටිකක් විතර අඩු වෙන නිසා වෙන්න ඇති.

නීති දාන්න කෙනෙක් නැහැ

ඔයා පෙම්වතියගේ හෝ පෙම්වතාගේ පස්සෙන් ගිය කාලෙ ඔයාට එයා නීති දාන්න ආවේ නෑ. ඒත් ඔයා එයාගේ ආදරය දිනා ගත්තට පස්සේ එයාගේ පුංචි පුංචි නීති වලට ඔයාටත් යටත් වෙන්න සිදු වෙලා ඇති. නීති කැඩුවොත් එයා ඔයාට රිදවයි කියලා ඔයා ටිකක් විතර බයක් දැනෙනවා නේද?

වියදමක් තිබුණේ නැහැ

ඔයා ඒ කාලෙ කළේ ඇය දිහා බලාගෙන හිටපු එක විතරයි. ඇය දිහා බලාගෙන ඉන්නයි, ඇය ගැන තොරතුරු හොයන්නයි ඔයාට මුදල් වියදම් වෙන්නේ නැහැ. ඒත් දැන් එහෙම නැහැ. ඇයට තෑගී අරන් දෙන්න, ඇය එක්ක කෑමකට ගියාම ඔයාගේ මුදල් නම් වැය වෙනවා.

දවල් සිහින දැක්කා

ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා කොයි වගේ කෙනෙක්ද කියලා ඒ කාලෙ දන්නේ නැහැ. ඒ නිසා ඔයා ඇති තරම් ඇය ගැන සිහින දකිමින්, සතුටින් කාලය ගෙව්වා. ඒත් ඔයා පෙම්වතෙක් වුණාට පස්සේ ඔයාගේ පෙම්වතිය ගැන අමුතුවෙන් සිහින දකින්නේ නැහැ. ඔයාට ලැබී ඇති දේ, ඇගේ ගතිගුණ ඔයාට පිළිගන්නට සිදු වෙනවා. පෙම්වතිය ගැන සිහින දැක්කත්, ඉස්සර වගේ නැවුම් හැඟීමක් දැනෙන්නේ නැති එකත් පොඩි අඩුවක් වගේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   34,096
   85

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Don't ever think of marring these 5 men
   39,604
   81

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
Things to do to avoid heart attack risk
   8,206
   70

හෘදයාබාධ අවදානමෙන් මිදෙන්න මේ දේවල් පුරුදු කර ගන්න

හෘදයාබාධයක් වැනි දරුණු අසනීපයක් ඇති වෙන්න කලින් ඔයාගේ පරිස්සම ගැන හිතලා මේ දේවල් අනුගමනය කරන්න
Day to day tips for a outstanding beauty
   23,522
   34

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ
Why are children’s teeth yellow and what can we do about it?
   2,469
   32

දරුවාගේ දත් කහ පාට වන්නේ ඇයි? ඒ සඳහා කළ හැක්කේ කුමක් ද?

හැඩකාරි වෙතින් අද අපි කතා කරන්නේ කුඩා දරුවන්ගේ දත් කහ පාට වීම සම්බන්ධවයි

Latest Articles

Most Viwed