මේ ආහාර 5 නිසා ඔබව ඉක්මණටම වයසට යනවා

December 9, 2019
8,936
You grow look old if you use these 5 food
ඔබ වයසට යාම වේගවත් වීමට සහ එලෙස වයසට යාම ඔබේ සම මත කෙතරම් පැහැදිලිව පෙනෙනවාද යන්නට සාධක රාශියක් බලපානවා. ජාන විද්‍යාව මේවායින් ප්‍රබලම හේතුව වන අතර එය පාලනය කිරීමට අපට නොහැකියි. නමුත් වයසට යාමේදී ඔබට පාලනය කළ හැකි බොහෝ දේ තිබෙනවා. දුම් පානය, හිරු එළියට නිරාවරණය වීම සහ විශේෂයෙන් ආහාර සම්බන්ධ පුරුදු වියපත් වීම ඉක්මන් කරවනවා.

අපි හැමෝටම හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍යයි. සිරුරට සුවයක් දැනෙන විට, එය ඔබේ මුහුණේ ද පෙන්වයි. ශරීරය ඉක්මණින් වයසට යාමෙන් විවිධ කැක්කුම් හා වේදනාවන් ඇතිවිය හැකි අතර දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා වැනි නිදන්ගත රෝග සඳහාද ඔබේ ශරීරය මුහුණ දෙන්න පුලුවන්. අපට කිසි විටෙකත් ඉක්මණින් වයස්ගත වීමට අවශ්‍ය නොවුනත් අපේම වැරදි පුරුදු නිසා නිසි වයසට පෙර ශරීරය වයස්ගත වීම ඉක්මන් වෙනවා. 

නිරෝගී ශරීරයක් සහ තරුණ පෙනුමක් පවත්වා ගැනීමට නම් ඔබේ ආහාර වේලෙන් මේවා කපා ඉවත් කරන්න.

1. මාගරින්

මීට වසර කිහිපයකට පෙර මාගරින් එහි සන්තෘප්ත මේද අන්තර්ගතය නිසා නරක නමක් දිනා ගත්තා. අවාසනාවකට මෙන්, මාගරින් ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරයට තරමක් නරකයි. මාගරින් ට්‍රාන්ස් ෆැට් වලින් පිරී ඇති අතර එය ඔබේ නිදන්ගත රෝග අවදානම වැඩි කරයි. එය ඔබේ ශරීරයේ සජලනය වීමේ මට්ටම ද අවුල් කරයි. නිදන්ගත විජලනය කියන්නේ සමේ රැළි ඇති වීමට හේතුවක් වන අතර එය අනිවාර්යයෙන්ම අනවශ්‍ය ප්‍රතිවිපාකයකි. මාගරින් වලට අමතරව ඔමේගා -6 මේද අම්ල ඉහළ මට්ටමක පවතිනවා. ඔබේ ශරීරයට මේවායින් සමහරක් අවශ්‍ය වුවත්, ඕනෑවට වඩා ලබා ගැනීම ගැටලු ඇති කරවනවා.

2. ක්ෂණික ආහාර

අපේ ජීවිත කාර්යබහුලයි. ඒ නිසා ඔබටත් ගෙදරදී සෑම දිනකම නැවුම් ආහාර පිසීම ජයගත නොහැකි අභියෝගයක් වෙලා ඇති. ආහාර සැකසීම පහසු කරවන බොහෝ මයික්‍රෝවේව් ආහාර සහ ඇසුරුම් කළ ආහාර තුළ ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන රහසක් සැඟවී තිබෙනවා. ඒ අධික ලුණු යි. බොහෝ දෙනෙක් එම ආහාර මඟින් ශරීරයට අනවශ්‍ය තරම් අධික ලෙස ලුණු ලබා ගන්නවා. පහසුව සඳහා සකස් කළ ආහාර හෝ ක්ෂණික ආහාර මත යැපෙන විට එය සැබවින්ම පහසුයි තමයි. ඒත් භයානකයි. සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීම ඔබේ කාලසටහනට අනුව අමාරු නම්, ඒ වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර සපයන තැනක සේවාවක් ලබා ගැනීමට යොමු වෙන්න.

3. ශක්තිජනක පාන

ඔබේ දවස පුරා ශක්තිය අවශ්‍ය යැයි ඔබට හැඟේ නම්, සෑම රාත්‍රියකම කලින් නින්දට යන්න. ඔබේ නින්දේ කාලය වැඩි දියුණු කිරීමෙන් ඔබට තරුණ බවක් දැනීමට සහ පෙනීමට බොහෝ දේ කළ හැකි නමුත් ශක්තිජනක බීම කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒවායේ සීනි, කැෆේන්, සෝඩියම් සහ අම්ල අධිකයි. එම මාරාන්තික සංයෝජනය ඔබේ දත් වලට හානි කරවන අතර විජලනය වීමට දායක වෙනවා. ඊට වඩා හොඳ නින්දක් ලබා ගන්නවා කියන්නේ ඊළඟ දවසේ ඔබ කළ යුතු සියල්ල ඉතා වේගයෙන් සිදු කල හැකි යහපත් හේතුවක්.

4. සීනී සහිත ආහාර

වයසට යාමේ දී සීනි කියන්නේ බොහෝ විට අපේ පොදු සතුරා විය හැකියි. එය සෑම තරාතිරමකම ආහාර වල අන්තර්ගතයි. එය විශාල ගැටළුවක් වන බැවින් තරබාරුකම ඇති කරන විශාලතම හේතුවත් එයයි. අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් නිදන්ගත රෝග ඇති වීම සඳහා ඔබේ ශරීරය තුල පරිසරයක් සැකසෙනවා. එය දියවැඩියාව වර්ධනය කිරීමට දායක වනවා පමණක් නොව, සීනි කියන්නේ පිළිකා සෛලවල ප්‍රියතම ඉන්ධනයක්. ඔබ කඩෙන් මිලදී ගන්නා ඕනෑම ආහාරයක කොච්චර සීනී ප්‍රමාණයක් අඩංගු දැයි බැලීම සඳහා ලේබල් කියවන්න. 

5. ඉහළ ග්ලයිසමික් දර්ශක සහිත කාබෝහයිඩ්‍රේට් ආහාර

ග්ලයිසමික් දර්ශකයේ, පිරිපහදු කළ සුදු පිටිවලින් සාදන ලද පාන් සහ පැස්ටා ඉහළ මට්ටමක පවතින අතර එයින් අදහස් වන්නේ ඒවා ඔබේ රුධිරයේ සීනි ඉතා ඉක්මණින් ඉහළ යවන බවයි. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ආහාර සමේ වයසට යාම වේගවත් කරන අතර කුරුලෑ සහ කැළැල් ඇති කරයි. ඒ වෙනුවට සම්පූර්ණ තිරිඟු නිෂ්පාදන අනුභව කරන්න. පිරිපහදු කළ ද්‍රව්‍යවලට වඩා ඒවා ඔබව සම්පූර්ණයෙන් පුරවනවා. රුධිර පීඩනය අඩු කිරීමට සහ දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට ඒවාට පුලුවන්. තවත් විකල්පයක් නම් බෝංචි ඇට වලින් හදන පැස්ටා හා හණ බීජ වලින් සාදන ලද පාන් අනුභව කිරීම ගුණයි. ඔබේ තරුණ පෙනුම පවත්වා ගැනීමට අවශ්‍ය නම් බේක් කළ ආහාර ද කපා හැරීම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1481 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:47:20 PM
Script:/article/1481/you-grow-look-old-if-you-use-these-5-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:47:21 PM
Script:/article/1481/you-grow-look-old-if-you-use-these-5-food.html