පැෂන් ෆෘට් මුහීටෝ

January 1, 2020
1,876
Passion Fruit Mojito
උත්සව සමයට කියාපු රසවත් පානයක්

අවශ්‍ය ද්‍රව්‍ය (එක වීදුරුවක් සඳහා) :

පොඩි පැෂන් ෆෘට් ගෙඩි 1
වයිට් රම් මේස හැඳි 3 (හෝ දුඹුරු සීනි මේස හැඳි 1ක් වතුර මේස හැඳි 3කට දියකර ගන්න )
මින්ට් සිරප් මේස හැඳි 2 (පහතින් සාදන ආකාරය පෙන්වා ඇත )
ගෙඩි බාගයක දෙහි යුෂ
ක්ලබ් සෝඩා කෝප්ප 1/2
අයිස් කැට
දෙහි පෙති සහ මින්ට් කොල සැරසීමට

මින්ට් සිරප් එක සාදන ආකාරය :
වතුර කෝප්ප 1
සීනි කෝප්ප 1
මින්ට් කොල 8-10
පොඩි සාස්පානක වතුර සහ සීනි එකතු කර අඩු ගින්දරේ රත්වෙන්න හරින්න. සීනි ටික සම්පූර්ණයෙන්ම දියවනතුරු තබන්න. ගින්දරෙන් ඉවතට ගෙන මින්ට් කොල ටික එයට දමන්න. පැය 1-3 පමණ එය තබන්න. කාලය වැඩි වන තරමට මින්ට් රසය හොඳින් එයට එකතු වේවි. මෙය සුළං නොවදින භාජනයක ශීතකරණයේ සතියක් තබාගන්න පුලුවන්.

සාදන ආකාරය :

01. පිළිගන්වන වීදුරුව ගෙන එයට පැෂන් ෆෘට් ඇට සමග දමන්න. එයට අයිස් කැට එකතු කර පසෙකින් තබන්න.

02. රම්, මින්ට් සිරප්, දෙහි යුෂ සහ අයිස් කැට හොඳින් මිශ්‍ර කරන්න. එය පැෂන් ෆෘට් වීදුරුවට එකතු කරන්න. ක්ලබ් සෝඩා සෙමින් ඒ මතට වත් කර දෙහි පෙති සහ මින්ට් කොල උඩින් දමා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Forget about your disappointing affair
   4,008
   72

ඔයාගේ කලකිරුණු සම්බන්ධතාවය අමතක කරලා හිත හදා ගන්න මේ දේවල් උදවු වෙයි

නිතරම ප්‍රශ්න එක්ක ජිවත් වෙන්න කවුද කැමති? හැමදාම එක එක ප්‍රශ්න ඔලුවට කඩා වැටෙද්දී මම මේ පැටලිලා ඉන්නේ වැරදි සම්බන්ධයකද කියලා
Best food for constipation
   508
   43

ඔබත් මලබද්ධය නිසා පීඩා විදිනවාද? එසේනම් මෙම ආහාර ඔබගේ ආහාර වේලට එක්කරගන්න

පහසුවෙන්ම මෙම තත්ත්වයෙන් මිදීමට ඔබගේ දෛනික ආහාර වේලට මේ දේවල් එකතු කරගන්න..
Consider these before going to see a new born baby
   7,825
   37

අලුත උපන් දරුවෙක් බලන්න යද්දි මේ ගැන හිතන්න

දරුවෙක් බලන්න යනකොට අනිවාර්යෙන්ම ඔබ හිතන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා
Hit fashion trends in 2021
   1,404
   37

2021 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

මේක විලාසිතා ලෝකයට නිහඬ වසරක් වුණත් ආකර්ෂණීය මෝස්තර කිහිපයක් එළිදක්වා තියෙනවා. 2021 වසරේ ට්‍රෙන්ඩ් වුණු ෆැෂන් ටිකක් තමයි මේ
Food to regulate your menstrual circle
   20,132
   36

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed