ඔයාගේ දියණියට හොඳ මවක් වෙන්නේ කොහොමද?

February 24, 2020
11,865
How to be a good mother to your daughter
ඔයා බිරිඳක් වගේම කාලයක් යනකොට මවක් වෙනවා. ඒ වගේම මව සහ දියණිය අතර ඇති වන බැඳීම සැබවින්ම සුවිශේෂීයි. ගැහැණු ළමයින්ගේ ජීවිත කාලය පුරාම අම්මාට ලැදියාවක් දක්වනවා. මව්වරුන් සහ දියණියන් අතර සමීප සම්බන්ධතාවයක් පැවතීම පවුලේ සතුට වැඩි කරන්නක්. ඉතින් අද හැඩකාරී අපි ඔයාගේ දියණියට ඵලදායී සහ ආදරණීය මවක් වීමට ඔයාට උපකාරී වන අදහස් කිහිපයක් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.

මවක් වුණාට පස්සේ දරුවන්ගේ වැඩත් කරන්න වෙන්නේ අම්මට තමයි. නමුත් ඔයාට දියණියක් ඉන්නවා නම් ඔයාගේ වැඩ තරමක් දුරට පහසු වෙනවා. ඒවගේම මවක් තම දියණිය ඉදිරියේ ක්‍රියා කරන ආකාරය බොහෝ දුරට ඔයාගේ දියණියගේ හැසිරීමට බලපානවා. ඔයා​ට ආඩම්බර විය හැකි ආකාරයට ඔ​යා​ගේ දියණිය​ව උස් මහත් කරන්න. දියණියට ආඩම්බර විය හැකි මවක් වෙන්නත් ඔබ හිතෙ තබාගන්න ඕනේ. දියණියගේ ජයග්‍රහණයන් ගැන සතුටු වන්න, දියණියගේ දක්ෂතාවයන් ගැන නිසි අවබෝධයක් ඇති​ව සහ ධනාත්මක​ව ඔයා​ගේ දියණියගේ අනාගත​ය සවිබල ගන්වන්න.

පුතෙකුට වඩා දියණියක්ගේ හැඟීම් හා ශාරීරික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට වැඩි වෙහෙසක් ගන්න වෙනවා. ඒ සඳහා යම් යම් සීමාවන් පණවන්නත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් නිමාවක් නැතිව සීමාවන් ප​ණවද්දී දියණියන් මව්වරුන්ගෙන් ​ඈත් වෙන්න පටන් ගන්නවා. ​ඒ නිසා දියණිය සහ මවගේ සම්බන්​ධතාවය මිතුරන් සේ පවත්වා ගැනීම වැදගත්.

කාන්තාවන්​ට රූපලාවණ්‍ය කෙරෙහි ඇල්මක් තියෙන නිසා මව සහ දියණියට රූපලාවණ්‍යය ගැන කතා කරන්න අවස්ථාව ලැබෙනවා. අලංකාරය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇයව දැනුවත් කරන්න. තමන්ගේ පෞරුෂයට හානි නොවන ආකාරයට ඒ දේවල් වල සීමාවන් දැනගෙන කරන්න ඇයට උදවු වන්න.

ඔයාට හැකි සැම විටම දියණිය සමග කාලය ගත කර ඉන් නිසි ප්‍රයෝජනය ගන්න. ඇය මොන වගේද කියා තේරුම් ගන්න ඒ කාලය යොදාගන්​න. ඇයව සැලකිල්ලට ගෙන ඇයගේ රුචි අරුචිකම් ගැ​න විවෘතව කතා කරන්න. ඒ ගැන ඔබ දෙදෙනාගේ අදහස් හුවමාරු කරගන්න. ඔයාට දියණියගේ තීරණ වලට එකඟ වීමට අවශ්‍ය නැති නම් එයට අකමැති බව සහ එම තීරණයේ වාසි සහ අවාසි ගැන කියලා දෙන්න. තමන්ගේ ගෞරවය සහ ස්වාධීනත්වය වර්ධනය කර ගැනීමට ඇයට අවස්ථාව ලබා දෙන්න.

ගැහැනු ළමයින්ගේ කේන්තිය නවත්වන්න උත්සහ කරන්න එපා. එම හැඟීම් වලින් ලබන අත්දැකීම් වි​ඳ ගැනීමටත්, හැගීම් සමඟ සාර්ථකව ගනුදෙනු කිරීමටත් අවස්ථාව ලබා දෙන්න. ජීවිතයේ සතුටුදායක වගේම දුක්ඛදායක හැඟීම් එක්කත් සාර්ථකව ගනු දෙනු කරන්න ඉගෙනගන්නට ඇයට සහාය වන්න.

නව යොවුන් වියේ සිට මැද භාගය දක්වා ඇයගේ ආශාවන්, දක්ෂතාවයන් සහ අරමුණු සොයා ගැනීමට හැකි වන පරිදි විවිධ ක්‍රියාකාරකම් අත්හදා බැලීමට ඇයව දිරිමත් කරන්න. සමහර ගැහැනු දරුවන්ට ඔවුන්ගේ ආශාවන්, දක්ෂතාවයන් සහ අරමුණු සොයා ගැනීමට අනෙක් අයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ගැහැනු ළමයින්ට කුරුල්ලෙකු ලෙස සිතන්න පුරුදු කරන්න. ගැහැනු ළමයෙක් ඇගේ ආශාවන් සහ අනාග​ත අරමුණු සොයාගත් පසු, ඇයගේ කුසලතා වර්ධනය කර ගැනීමට උදව් කරන්න.

ඔයාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසයක් තබා ගන්න. ඔයාගේ සහජ බුද්ධිය මඟින් දියණිය දෙමව්පියන්ට කීකරුව හදා වඩා ගන්න. ගැහැනු ළමයින් තම මව්වරුන්ට ආදර්ශයට ගන්නවා. එ නිසා ඔයා සැමියාට හො​ඳ බිරිදක් වීමටද අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතයේ ස්ථාවර වීමට මවගේ චරිතය බෙහෙවින් ඉවහල් වෙන බව සිහියේ තබාගෙන කටයුතු කරන්​න .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed