නියපොතු හපන එක නතර කරන්නේ කෙහොමද?

March 4, 2020
8,950
How to stop biting nails
නියපොතු හැපීම සාමාන්‍යයෙන් ළමා කාලයේ පටන් ආරම්භ වන අතර වැඩිහිටි වි​යේදී පවා සමහරු මෙම තත්ත්වයට පුරුදු වී සිටිති. නැවත නැවත නියපොතු සපා කෑමෙන් ඔබේ නියපොතු වර්ධනය වන පටක වලට හානි වි​ය හැකි අතර, නියපොතු විකෘති ලෙස පෙනේ.  ඇඟිලිවලින් සහ නියපොතු වලින් ඔබේ මුහුණට සහ මුඛයට හානිකර බැක්ටීරියා සහ වෛරස් සම්ප්‍රේෂණය වීමටද එය බලපායි. එමගින් ඔබ ආසාදනවලට​ද ගොදුරු විය හැකිය. අද හැඩකාරී අපි ඔයාට නියපොතු හපන එක නතර කරන්නේ කෙහොමද කියලා මේ ලිපිය තුලින් කියලා දෙන්න හිතුවා.

නියපොතු සපා කෑම නැවැත්වීමට ඔබට උපකාර කිරීම සඳහා චර්ම රෝග විශේෂඥයින් පහත සඳහන් උපදෙස් නිර්දේශ කරයි:

1. ඔබේ නියපොතු නිතර කොට කරන්න. නියපොතු අඩුවෙන් තිබීම නිසා නියපොතු කෑමට ඇති කරන පෙළඹවීම අඩු කරයි.

2. ඔබේ නියපොතු වලට කටුක ඝන්ධයකින් සහ සැරකින් යුතු නිය ආලේපන යොදන්න. එමගින් නියපොතු සපාකෑම අධෛර්යමත් කරයි.

3. ඔබේ නියපොතු ආකර්ෂණීය පෙනුමක් තබා ගැනීම සඳහා මුදල් වියදම් කිරීමෙන් ඔබට ඒවා හපන්න​ට තිබෙන ඉඩකඩ අඩු වේ. රූපලාවණ්‍යාගාරයකින් මනාවට ඔබේ නියපොතු පෙළ සකසාගෙන මේ ක්‍රමය උත්සාහ කර බලන්න.

4. නියපොතු සපාකෑමේ පුරුද්ද හොඳ පුරුද්දකින් අමතක කරන්න. ඔබ නියපොතු සපා කන බව දැනෙන විට, ඒ වෙනුවට ආතතිය අඩු කරන බෝලයක් (ස්ට්‍රෙස් බෝල්) සමග සෙල්ලම් කිරීමට උත්සාහ කරන්න. මෙය ඔබේ දෑත් කාර්යබහුල කර ගැනීම​ට සහ කටින් ඇත් කර තැබීමට උපකාරී වේ.

5. ඔබේ නියපොතු කෑමේ උත්තේජන හඳුනා ගන්න. නියපොතු  හපන්න හේතු ලෙස කම්මැලිකම, ආතතිය හෝ කාංසාව වැනි වෙනත් දේ හේතු විය හැකිය. ඔබේ නියපොතු සපා කෑමට හේතුව කුමක්දැයි හඳුනාගැනීමෙන්, මෙම තත්ත්වයන් වළක්වා ගන්නේ කෙසේද සහ නැවැත්වීමට සැලැස්මක් සකස් කරන්නේ කෙසේදැයි ඔබට අවබෝධ කරග​ත හැකිය. ඔබ නියපොතු කන්න පෙළඹුනේ මොන වගේ අවස්ථාවලදීදැයි කල්පනා කර හඳුනාගැනීම වැදගත්.

6. ඔබේ නියපොතු සපාකෑම ක්‍රම ක්‍රමයෙන් නතර කිරීමට උත්සාහ කරන්න. වරකට එක ඇඟිල්ලක් බැගින් නියපොත් කෑම වළක්වාගන්න උත්සාහ කරන්න (උදා - මුලින්ම මහපටගිල්ල, ඉන්පසු දබරැඟිල්ල) කාලයත් සමග එය සාර්ථක වූ විට, ඔබේ අ​ත රෝස පැහැති, මනාව වැඩුණු  නියපොතු සහි​ත සුන්ද​ර අතක් වනු ඇත. ඉලක්කය වන්නේ ඔබ තවදුරටත් ඔබේ නියපොතු සපා නොගන්නා තැනට යාමයි.

සමහර අයට නියපොතු සපාකෑම වඩාත් බරපතල මානසික හෝ චිත්තවේගීය ගැටලුවක ලකුණක් විය හැකිය. මේ ක්‍රම අනුගමනය කළ පසුත් නියපොතු කෑම දිගටම පවතින්නේ නම්, වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් සහ සහාය ලබාගන්​න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1525 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:50:56 PM
Script:/article/1525/how-to-stop-biting-nails.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:50:56 PM
Script:/article/1525/how-to-stop-biting-nails.html