තැම්බුම් හොද්දේ ඇති මේ වාසි 5 දැනගත්තොත් ඔබ එයට තවත් ආස වේවි

March 28, 2020
12,021
You will love rasam when you learn these benefits
තැම්බුම් හොද්ද නැත්නම් රසම් කියන්නේ දිව්‍යමය ආහාරයක්. බත් එක්ක හෝ බත් ආහාරයට ගන්න කලින් හෝ පසුව රසම් රසවිඳින්න අපි පුරුදුවෙලා තියෙනවා.

අප අතරින් ඈත්වෙලා තියෙන මේ තැම්බුම් හොද්ද ආයෙත් අපේ ආහාර රටාවට පුරුදු කරගත්තොත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ආයෙත් අපිට හිමිකරගන්න පුලුවන් වේවි.

01. මලබද්ධය නැති කරයි

රසම් අපේ උදරයත් එක්ක තියෙන රෝග, අපහසුතා නැති කරන්න හොඳ ඖෂධීය ආහරයක්. මේහි ප්‍රධානත්වය දරන්නේ රසම් වල තියෙන සියඹලා යි. ඒ වගේම අනෙකුත් කලමනා වල තියෙන තන්තු මලබද්ධය නැති කරනවා.

02. විටමින් සහ ඛණිජ ලවණ වර්ග වලින් අනූනයි

තැම්බුම් හොද්ද කියන්නේ විටමින් සහ ඛණිජ ලවණ බැංකුවක්. එහි ෆෝලික් ඇසිඩ්, විටමින් ඒ, විටමින් සී, නිකොටිනික් අම්ලය, පොටෑසියම්, අයන්, කැල්සියම්, සින්ක්, සෙලීනියම්, කොපර්, මැග්නීසියම් වැනි අපේ ශරීරයට අවශ්‍ය බොහොමයක් සංඝටක වලින් අනූනයි.

03. ආහාර ජීර්ණය පහසු කරනවා

බඩ පුරවලා දාලා වගේද, ගැස්ට්‍රික් හැදිලද... තැම්බුම් හොද්ද මේ හැමදේකටම උත්තරයක්.

04. ප්‍රතිඔක්සිකාරක ගුණය

සියඹලා වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ඔයාගේ සෞඛ්‍යයට මෙන්ම ලස්සන සමක් හිමි කරගැනීමටද රසම් උදවු වෙනවා.

05. බර අඩු කරන්න හොඳ බීමක්

තැම්බුම් හොදි කෝප්පෙකින් ඔයාට බර කිලෝ කීපයක් අඩු කරගන්න පුලුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවාද? මෙහි තියෙන ගම්මිරිස් වලින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා. හරි පරිවෘත්තීය ක්‍රියාවලියක් කියන්නේ ශරීරයේ බර වැඩි වීම නිසි ලෙස පාලනය කරනවා කියන එකයි.

මේ කී දේවල් වලට අමතරව තැම්බුම් හොද්ද කියන්නේ අසනීප වුනු කෙනෙක්ට නැවත ශරීර ශක්තිය, ප්‍රතිශ්ක්තිය ලබා දෙන ආහාරයක්. ඉතින් අතීතයේ සිට අපේ අම්මලා ආචිචිලා අපිට හදලා දුන්න මේ රසවත් ගුණවත් ආහාරය නැවතත් අපේ බාල පරපුරට දායාද කරමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1529 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:57:11 AM
Script:/article/1529/you-will-love-rasam-when-you-learn-these-benefits.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:57:11 AM
Script:/article/1529/you-will-love-rasam-when-you-learn-these-benefits.html