දරුවන්ට බිම හිඳගෙන අතින් ආහාර ගන්න ඉඩ දෙන්න

March 30, 2020
3,460
Let children eat with their fingers
අද බොහෝ දෙමව්පියන් දරුවන්ට අත වෙනුවට හැන්දක් භාවිතා කර ගෙන ආහාර ගැනීම බාල කාලයේ පටන්ම හුරු කරනවා. ඒත් අතීතයේදී යාන්තම් අත හුරු වුන දවසේ පටන්ම දරුවන් තමන්ගේ දකුණතේ ඇගිලි උපයෝගී කර ගෙන ආහාර අනාගෙන කෑමට පුරුදුව සිටියා. ඒ වගේම අද වගේ පුටුවක වාඩිවී ගෙන ආහාර ගත්තේ නැහැ. පැදුරක ඉදගෙන බිම වාඩිවී ආහාර ගැනීමට දරුවන් යොමු කිරීම එදදා සිදු වුනා. ආයුර්වේදයට අනුව මෙම වාඩි වෙන ඉරියව්ව ‘‘සුබාසනය” හෙවත් “අර්ධ පද්මාසන යෝග ඉරියව්ව” යනුවෙන් හැදින්වෙනවා.

ඇත්තටම බිම වාඩි වී ආහාර ගැනීම සුදුසුද...?

අපි ආසනයක වාඩි වුනාම ස්නායු ක්‍රියාකාරිත්වය බිම වාඩිවී සිටින තරම්ම හොදින් සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම බඩපිරී ඇතැයි යන සංඥාව අපට නොලැබෙන නිසා පමණ ඉක්මවා ආහාර ගැනීම තරබාරුවට මග කියනවා. මෙය තරබාරුවෙන් නැවතෙන්නේ නැහැ. එහි ප්‍රතිඵල විදිහට දියවැඩියාව, හදවත් රෝග වැනි තව තවත් අතුරු සංකුලතාවයන්ද ඇති වීම වලක්වා ගන්න බැහැ.

බිම වාඩි වුනාම රුධිර සංසරණය හොදින් සිදු වෙන නිසා ආමාශයට හොදින් රුධිරය ලැබෙන අතර එය ආහාර ජීරණයට වඩාත් හොඳයි. පුටුවක සිටින විට මේ තරම් යහපත් රුධිර සංසරණයක් ආමාශයට නොලැබෙන බැව් ආයුර්වේදයේ දැක්වෙනවා. ඒ වගේම මනස බොහොම සාමකාමී වීම බිම වාඩිවීමෙන් සිදු වෙන නිසා ආහාර ජීරණයට සුදුසු මානසිකත්වයක් ඇති වෙනවා.

බිම වාඩිවී ගෙන ආහාර ගන්නා විට අපි ආහාර ගැනීමට ඉදිරියට නැවෙනවා. ගිලීම වෙනුවෙන් නැවතත් සිටි ඉරියව්වට පිවිසෙනවා. මේ ක්‍රමය නිසා සිරුරේ නම්‍යශීලිත්වය ඇති වෙනවා. ඒ නිසා ආමාශයේ මාංශ පේශි හොඳින් ක්‍රියාකාරිත්වයක් ගොඩ නගනවා.

ඇඟිලි ආධාරයෙන් අනාගෙන ආහාර ගැනීම

අතේ ඇගිලි පහ පංච මහ භුතයන් නියෝජනය කරන බව ආයුර්වේදයේ සදහන්. සුළැඟිල්ල ජලයද, වෙදැගිල්ල පෘථිවියද, මැදඟිල්ල අවකාශයද, දබරැඟිල්ල වාතයද සහ මාපටැගිල්ල ගින්දරද සංකේතවත් කරනවා. ඒ වගේම ඇඟිලි තුඩුවල ඇති ස්නායු මගින් බඩවැලේ ක්‍රියාකාරිත්වය උත්තේජනය වෙනවා. මේ නිසා හොඳින් රුධිර සංසරණය සිදු වීම නිසා ජීරණයේ අපහසුතාවයන් ඇති වීම වලක්වනවා.

අපේ සිරුරේ තිබෙන බැක්ටීරියාවන්ගෙන් සමහරක් හිතකර බැක්ටීරියාවන් බවත් අප දන්නවා. මුඛය, බඩවැල, උගුර ආදි තැන්හි ඇති හිතකර බැක්ටීරියාවන් අතින් ආහාර ගැනීමේදි උත්තේජනය වීමක් සිදු වෙන බවත් ආයුර්වේදයේ සඳහන්.

ඒ වගේම අතින් ආහාර ගන්නා විට හොදින් අනා ගැනීමට පුලුවනි. හැන්දකින් ඒ කාර්යය ඉටු වෙන්නේ නැහැ. හදිසියේවත් ආහාරයට නුසුදුසු ගල්, කටු වැනි දෙයක් තිබුනොත් අතින් ආහාර ගන්නා විට එය දැනෙන නිසාත් අතින් ආහාර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම පමණට වඩා උනුසුම් දෙයක් සෘජුවම කටට ඇතුලු වීමට තිබෙන ඉඩත් අතින් අනන විට වැලකෙනවා. ඊට හේතුව අතින් අනන විට ඒ බව තමන්ටම දැනෙනවා. නමුත් හැන්දකින් ආහාර ගන්නා විට මේ දැණුවත්බව ලැබෙනවා අඩුයි.

බඩ පිරෙන විට ඒ පණිවිඩය වඩාත් හොඳින් දැනීමටත් අතින් අනාගෙන ආහාර ගැනීමෙන් සිදු වෙන වාසියක්. දැන් ඉතින් බිම වාඩි වෙලා අතින් අනාගෙන ආහාර ගැනීමේ වාසි දන්නා නිසා ගෙදර ඉන්න පොඩි පැටවුන්ට පැදුරක් එලලා අතින් අනාගෙන තමන්ට බත් ටික කන්න පුරුදු කලොත් වරදක් නැහැ.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Short term memory loss symptoms diagnosis and treatment
   269
   205

කෙටිකාලින මතකය නැතිවීම, රෝග ලක්ෂන, හේතු සහ ප්‍රථිකාර

කාන්තා අප එතරම් මේ ගැන සැලකිළිමත් නොවූවාට.. මේ තත්ත්වය අපේ ජීවිතය සම්පූර්ණයෙන් කණපිට හැරවීමට පවා හේතු වෙන බව ඔබ දැනුවත් වී සිටීම වැදගත්…
Must have frocks for woman (part 02)
   24,774
   190

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා
Do not do these after sexual intercourse
   1,945
   169

ලිංගික සංසර්ගයෙන් පසු මේ දේවල් නම් කරන්න එපා

ලිංගික එක්වීමකින් පසු ඔබ විසින් අනිවාර්‍යෙන් වැළකිය යුතු කරුණු පිලිබදව ඔබ දැනුවත්ද..? කාර්‍යක්ෂම ලිංගික ජීවිතයක් ගතකරන ගමන්ම ඔබ වැළකී සිටිය යුතු ප්‍රධාන කරුණු 6 ක් පිළිබදව හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරනවා
Energy Boost Mango Juice
   3,317
   84

උදේට බීලා යන්න ශක්තිජනක අඹ ජූස්

අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට තේ එකක් කෝපි එකක් බොන්නනේ. ඒත් ඒකෙන් සතියට දවස් තුනක් වත් අයින් වෙලා පළතුරු ටිකක් කන්න, බොන්න පුරුදු උනොත් ඔයාගේ, ඔයාගේ පවුලේ අයගේ යහපත් සෞඛ්‍යයට හොඳ ආරම්භයක් වෙයි
How to keep your feet beautiful
   44,824
   74

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන

Latest Articles

Most Viwed