මුඛ පිළිකා ඔබවත් බිලි ගන්න කලින් දැනුවත් වී ආරක්ෂා වෙන්න

April 18, 2020
5,860
Be aware of mouth cancer
පිළිකාව මොන තරම් භයානක රෝගයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. කියද්දීත් ඇඟ කිලිපොලා යන පිළිකාව අද වෙද්දී ගොඩ දෙනෙක්ගේ ජිවිත වෙලාගෙන ඉවරයි. කාලෙන් කාලෙට විවිධ අය මේ රෝගය සුව කරන්න පුළුවන් කියලා එක එක කතා කිව්වට තවම නම් ඒ සඳහා සියයට සියයක් සාර්ථක ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. පිළිකාවේ භයානක කම එකෙන්ම තේරෙනවනේ.

අවදානමට පෙර සුදානම හොඳයි කියනවනේ. මේ වගේ භයානක තත්ත්වයක අවදානමට හසු වෙන්නේ නැතුව ඊට කලින්ම ඒ ගැන අවදානය දෙන එක තමයි මේකෙන් බේරෙන්න තියෙන ආරක්ෂිතම මාර්ගය. පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණ කලින්ම හදුනා ගන්න පුළුවන් වුනොත් මේ තත්ත්වයන් පරාජය කරන්න ඔබට පුළුවන්. බහුලව පැතිර යන මුඛ පිළිකා වලින් ආරක්ෂා වෙන්න මේ උපදෙස් ඔයාට වැදගත් වෙයි. 

මුඛ පිළිකාවක් ඇති වීමට බලපාන වැරදි පුරුදු ඔයා ළඟත් තියෙනවා නම් එහෙමත් නැත්තන් පවුලේ කා ළඟ හරි එහෙම අයහපත් පුරුදු තියෙනවා නම් ඒ දේවල් වලින් ඔවුන්ව ඈත් කරන්න තවත් ප්‍රමාද වෙන්න එපා. 

දුම්කොළ, හුණු, පුවක් එක්ක බුලත් විට නිතර සැපීම කියන්නේ මුඛ පිළිකා වලට අතවනන ඉතාමත් අහිතකර පුරුද්දක්. ඒ වගේම දුම්පානය ඒ කියන්නේ සිගරට්, බීඩි, සුරුට්ටු ආදී ඕනෑම ආකාරයක දුම් පානයත් මුඛ පිළිකා, පෙනහළු පිළිකා ඇති කරන හේතු වෙනවා. ඒ වගේම මත්පැන් භාවිතයත් මුඛ පිළිකා සම්බන්ධයෙන් ඉතාමත් අහිතකරයි. මේ අහිතකර චර්යාවන්ගෙන් ඉවත් වීම මුඛ පිළිකා අවදානම අවම කර ගන්න බොහෝ දුරට ඉවහල් වෙනවා. 

පිළිකා තත්ත්වයක් ඇති වෙන්න කලින් පිලිකාවක පූර්ව ලක්ෂණ පහල වෙනවා. හොඳ අවදානයකින් හිටියොත් ඒවා කල් තියාම හඳුනා ගන්න පුළුවන්. මුඛ පිළිකා සම්බන්ධයෙන් මේ කියන පූර්ව ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. 

1. මුඛයේ පවතින ඉවත් නොවන කල් පවතින සුදු ලප.

2. මුඛයේ සිවියේ ඇති වන දැවිල්ලක් සහිත රතු පැහැය.

3. අසාමාන්‍ය දැවිල්ලක් සහිතව මුඛ ශ්ලේෂ්මලය සහ තොල් රළු වී සුදු පැහැ වීම.

4. මුඛය තුල කාලයක් පවතින සුව නොවන තුවාල.

ස්වයං මුඛ පරික්ෂාවක් මඟින් මේ කියන ලක්ෂණ පෙන්නුම් කරනවද කියලා හඳුනා ගන්න. යම් සැක සහිත දෙයක් වෙනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න වැඩි කල් ගන්න එපා. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1561 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:58:58 AM
Script:/article/1561/be-aware-of-mouth-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:58:59 AM
Script:/article/1561/be-aware-of-mouth-cancer.html