ඔබේ දරුවා සමඟ වෛරස​ය ගැන සාකච්ඡා කළ හැකි ක්‍රම 6 ක්

April 27, 2020
7,306
How to talk about corona virus with kids
බලධාරීන් සන්සුන්ව සිටින්න කියලා ජනතාවගෙන් කොච්චර ඉල්ලා සිටියත්, දිනපතා කොරෝනා වෛරස​ය සම්බන්ධ ප්‍රවෘත්ති සහ දර්ශනවලට අවධානය දීම නිසා වැඩිහිටියන් විදිහට අපිට විතරක් නෙමෙයි දරුවන්ගේ මනසද මේ වෙද්දී දැඩි ලෙස ව්‍යාකූල වෙලා තියෙන්න පුළුවන්. ඉතින්, ඔබ ඔබේ කුඩා දරුවන්ගේ බය සමනය කරන්නේ කොහොමද? කොරෝනා වෛරස​ය ගැන ඔබ මුලින්ම ඔවුන් සමඟ කතා කළ යුත්තේ කොහොමද? ඒ ගැන අපි ඔබට කියන්නම්...

1. සත්‍ය තොරතුරු දැනගන්න

වෛරස​ය පිළිබඳ කරුණු සහ සංඛ්‍යා පිළිබඳව ඔබ දැනුවත්ද? වරින් වර සෞඛ්‍ය නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන අදාළ මාධ්‍ය වාර්තා සහ උපදේශන ඔබ සොයාගෙන කියවනවාද? එහෙනම් වසංගතය ගැන ඔබේ දරුවා සමඟ කතා කරන්න කලින් සත්‍ය කරුණු සහ ව්‍යාජ අනතුරු ඇඟවීම් අතර වෙනස හරියට දැනගෙන ඉන්න. වසංගතයට හේතුවන දේවල් ගැන ඔබ සංවාදයේ යෙදෙනවා නම්, ඔබේ දරුවාගේ විමසීම්වලට පිළිතුරු සැපයීම සඳහා ඔබ වඩාත් හොඳින් දැනුමින් සන්නද්ධ වෙන්න ඕනේ. 

2. වයසට ගැළපීම

ඔබේ දරුවාගේ වයස අවුරුදු පහක් පමණ නම්, ඔහුට / ඇයට වෛද්‍ය හෝ විද්‍යාත්මක තොරතුරු රාශියක් කියලා දෙන්න අවශ්‍ය නෑ. ඔබේ කුඩා දරුවා අනවශ්‍ය ලෙස කනස්සල්ලට පත් නොකර තත්වයේ බරපතලකම පැහැදිලි කිරීමට උත්සාහ කරන්න. විශේෂයෙන්ම යෞවන දරුවන් සමඟ සාකච්ඡා කරද්දී විද්‍යාත්මක කරුණු හෝ වසංගතය පිළිබඳ ලිපි කියවන්න ඔබේ පුතා / දියණිය දිරිමත් කරන්න.

3. දැන් කතා කරන්න

වෛරස​ය පැතිරීම ගැන සාකච්ඡා කිරීමට ඔබේ දරුවා ගන්නා කිසිම උත්සාහයක් නතර කරන්න එපා. මේ තත්ත්වය ගැන කතා නොකර ඉද්දී ඔබේ දරුවාට මානසික ආතතියෙන් මිදිලා ඉන්න පුළුවන් කියන තර්කය මේ වෙලාවේ සලකන්න එපා. ඒ වෙනුවට නිවසේදී වයිරස පිළිබඳ සාකච්ඡා කරන්න. ලොව පුරා සිදුවන වර්ධනයන් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒත් ඇත්ත වශයෙන්ම, ඔබේ දරුවාට මෙම රෝගයේ මරණ පිළිබඳ කරදරකාරී දර්ශනවලට, සංවේදී පුවත් වලට යොමු කරවන්න එපා.

4. ඔන්ලයින් කුණු වලින් පරිස්සම් වන්න

ඔබේ දරුවා අන්තර්ජාලය හරහා වෛරස​ය ගැන කියවනවා නම්, දරුවන් ලබා ගන්න තොරතුරු මූලාශ්‍රය පිළිගත්ත එකක්ද කියලා දෙවරක් පරීක්ෂා කරන්න. සාවද්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා හෝ වට්ස්ඇප් පණිවිඩ හරහා පැතිරවීමට එරෙහිව බලධාරීන් ද ජනතාව දැනුම්වත් කරනවා. වෛරසය පිළිබඳ තහවුරු නොකළ වට්ස්ඇප් පණිවිඩයක් අන් අයට යොමු කිරීමට පෙර ඔබේ දරුවා සමඟ සාකච්ඡා කරන්න. වයිරස පැතිරීම පිළිබඳව සත්‍ය තොරතුරු බෙදා හැරීම අරමුණු කරගත්ත පිළිගත්ත මාධ්‍ය මූලාශ්‍ර සම්බන්ධ ලින්ක් ලැයිස්තුවක් දරුවාට සකසා දෙන්න ඔබට පුළුවන්. වැදගත්ම දෙය තමයි වසංගතය පිළිබඳ ඕනෑම පැහැදිලි කිරීමක් කරගන්න ඕනෑම වෙලාවක ඔබ වෙත ළඟා වෙන්න පුළුවන් කියලා ඔබේ දරුවාට කියන්න.

5. විශේෂඥ සහාය ලබා ගන්න

වසංගත තත්ත්වය සමඟ කටයුතු කරන්නේ කොහොමද කියලා ඔබ ද ඉන්නේ ව්‍යාකූල වෙලා නම්, වෘත්තීය උපදේශකයෙකුගේ සහාය ලබා ගන්න. කොවිඩ් -19 අපට බලපාන්නේ කොහොමද සහ එයට එරෙහිව වැළැක්වීමේ පියවර ගන්න පුළුවන් කොහොමද යන්න පිළිබඳව ඔබේ සැකයන් දුරු කරන්න පුළුවන් ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ දුරකථනයෙන් කතා කරන්න උත්සහ කරන්න. ඔබේ දරුවාත් ඒ වගේ ඇමතුම් වලට සම්බන්ධ කරගන්න වග බලා ගන්න. එසේම, ඔබේ දරුවාට භීතිකාවක් හෝ නොසන්සුන්කමක් දැනිලා කියලා තේරෙනවා නම් ඔබේ දරුවාට සන්සුන් බවක් දැනීම සඳහා උපදේශකවරයෙකුගේ උපකාරය පතන්න.

6. සියල්ල හොඳින් වේවි

දරුවන් එක්ක කතා කරද්දී ඔබේ භාෂාව ප්‍රවේශමෙන් තෝරන්න. නිතරම වෛරසයෙන් මිය යන අය ගැන කතා කරමින් අශුභවාදී විදිහට කතා කරන්න එපා. ඒ වෙනුවට ඔබේ දරුවාට විවිධාකාරයේ සුභවාදී බලාපොරොත්තු ලබා දෙන්න. නිදසුනක් වශයෙන් ඔබේ දරුවා අසනීපයකින් පෙළුණු කාලයකදී ඔහු / ඇය සුවය ලැබූ ආකාරය නැවත මතක් කරලා දෙන්න. ඒ හා සමානව ම සෑම දෙයක්ම ඉක්මනින් යහපත් වන බව ඔබේ දරුවාට කියලා දෙන්න. මේ අවස්ථාවේ අපි කරන්න ඕනේ සුදුසුම හා හොඳම දේ ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයින් වගේම අපේ රටේ බළධාරීන් විසින් ද නිර්දේශ කර ඇති විදිහට කළ යුතු හා නොකළ යුතු දේවල් අනුගමනය කිරීමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1570 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:05:28 PM
Script:/article/1570/how-to-talk-about-corona-virus-with-kids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:05:28 PM
Script:/article/1570/how-to-talk-about-corona-virus-with-kids.html