අපි අඳින ඇඳුම් පැළඳුම් ගැන ඇති විශ්වාස

May 14, 2020
3,634
Believes in clothing and accessories
හැඩකාරියන් හැඩට අඳින්න පළඳින්න ආසයි නේ.. ඒ වගේම ඇඳුම් පැළඳුම් මුල් කර ගත් පුංචි ටිප්ස් ටිකකුත් තියෙනවා..

අපේ කට්ටිය පොල්කා ඩොට්ස් සහිත ඇඳුම් අඳිනවා නම් වාසනාව අතටම ලැබෙනවාලු. සල්ලි අත මිට හොඳට ගැවසෙන හැකියාවක් මේ පොල්කා ඩොට්ස් ඇඳුම්වල තිබෙන බවට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා ගවුම්, බ්ලවුස් තෝරා ගනිද්දී පොල්කා ඩොට්ස් රෙදි වලින් නිර්මානය කළ ඇඳුම් ගැන වැඩියෙන් යොමු වෙන්න පුලුවනි.‍ බොහෝ සංස්කෘතීන් විශ්වාස කරන්නේ පොල්කා තිත් සුබ බවයි.

පොල්කා තිත් ඔබේ ධනයට හොඳ යැයි සිතිය හැකිය. ... ඉරි අඳුම් ඇඳීමට ප්‍රසිද්ධ ප්‍රංශ ජාතිකයින් පවා අලුත් අවුරුදු දිනයේ පොල්කා තිත් පැළඳීමෙන් සමෘද්ධිය ලබා ගනී.

හැඩකාරියන්ට විතරක් නොවෙයි.. පිරිමි වැඩකාරයන්ටත් පොල්කා ඩොට්ස් ඇඳුම් වලින් වාසනාව උදා කර ගන්න පුලුවනි. දැන් ප්‍රශ්නයක් ඇති අපි කාන්තාවන් වගේ මුද්‍රිත රෙදි අඳිනවායැ.. කලබල වෙන්න එපා. ඔබේ ටයි පටිය පොල්කා ඩොට්ස් වලින් හැඩ කර ගන්න කිසිම අපහසුවක් නැහැ.

දැන් නම් පාවහන් නිවස ඇතුලට ගන්නම බැහැ.ඇයි කොව්ඩ් 19 රහසේම නිවසට ඇතුලු වෙන්න පුලුවනි. ඒ නිසා ඔබ නිවසට ඇතුලු වීමට පෙරාතුව පාවහන් දෙක පිටතින් තියලා විෂබීජහරනයෙන් පසුව ඇතුලට ගන්න ඕන. හැබැයි මේ විදිහට තියෙද්දී පවා සපත්තු දෙක එකටෙක ගෑවෙන්න තබන්න. කිසිම දවසක සපත්තු සෙරෙප්පු නොපිට හරවා තබනන් එපා. එයින් දියුනුවට බාධාවන් ඇති වෙන බවට විශ්වාසයක් තියෙනවා. පාවහන් යුගලය එකටෙක ගෑවෙන විදිහට පිලිවෙලට තිබුනොත් එබේ දියුණුව ලං කර ගන්න පුලුවනි.
තවත් ආරංචියක් තියෙනවා.. එක් සපත්තුවක් අනෙක් සපත්තුවට ගෑවී තිබීම අනාගත සහකරු ඉක්මනින් හමු වීමටත් හේතුවක්ලු..

ඔබේ අත්බෑගය කවදාවත් බිමක තබන්න එපා. සමහර විට මහන්සිය වැඩි නිසා නිවසට පැමිනි ගමන්ම බෑගය බිමින් තියනවා ඇති. දැන් නම් නිවස ඇතුලට බෑගය වෙනදා වගේ ගැනීමට අවසර නැහැ. නිවසෙන් පිටත තියලා විෂබීජහරනයෙන් පසුව අත්බෑගය නිවස ඇතුලට ගන්න ඕන. හැබැයි මේ වේලාවේ වුනත් උස් තැනකින් අත්බෑගය රඳවන්න.ඇත්තටම ඉතින් අපේ ආර්ථිකය කියන්නේ අත්බෑගය නේද..

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1592 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:00:52 PM
Script:/article/1592/believes-in-clothing-and-accessories.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:00:52 PM
Script:/article/1592/believes-in-clothing-and-accessories.html