සමාජ දුරස්ථ කාලය තුළ තරුණියක් විදිහට තනිකම ජය ගන්නේ කොහොමද දන්නවා ද? - 2 කොටස - පිළියම්

May 18, 2020
6,430
How to win loneliness as a woman - Solutions
කොවිඩ් 19 වෛරසයට අපි මුහුණ දෙන මේ විශේෂිත කාලය ඇතුළේ අපේ මානසික සෞඛ්‍ය තත්ත්වයට අවධානය යොමු කරද්දී ඇති වෙන තනිකම පිළිබඳ හැඟීම් අවබෝධ කරගන්නේ කොහොමද කියලා මීට පෙර පළ කරපු පළමු ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කළා. මෙම දෙවෙනි කොටසින් අපි ඔබට කියන්නම් කොහොමද ඒ දේවල් කළමනාකරණය කරගන්නේ කියලා. ඉතින් විශේෂඥයන් පවසන්නේ බාහිර සමාජය දුරස්ථව පවතින මේ ලොක් ඩවුන් දිනවලදී ඔබ, ඉගෙන ගන්න. කාලයක් පුරා බලන් හිටපු දේවල්, විශේෂ කුසලතා ඉගෙන ගන්න කියලයි. තනි වෙලා ඉන්න එක සැපපහසුවක් ලෙස සලකන්න. ඔබ සමඟ සම්බන්ධ වන්න. අභියෝග ඔබට ලැබෙන අවස්ථාවන් බවට පරිවර්තනය කරගෙන වඩාත්ම වැදගත් ලෙස ඔබටම ආදරය කරන්න. ඇත්තටම අපිට පුළුවන් අපටම හොඳ සහකරුවෙක් වෙන්න. ඊට අමතරව මේ දේවල් ද කරන්න උත්සහ කරන්න.

ඔබගේ සමීපතමයන් හා ආදරණීයයන් සමඟ කතාබස් කරන්න: ඔවුන් ගැන සොයා බලන්න. අපි සියල්ලන්ම සුවිශේෂී කාලයන් පසුකරමින් සිටින නිසා අපි කොතැනක සිටියත් සියල්ලන්ට ම පාහේ කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය වෙනවා. ඔබට හොඳින් සම්බන්ධ වෙන්න පුළුවන් පුද්ගලයින් සොයා ගැනීම සහ සෑම දිනකම එක් අලුත් පුද්ගලයෙක් ඇමතීමෙන් ඔබට හුදෙකලා හැඟීම්වලින් මිදීමට ද හැකි වෙනවා. 

එමනිසා ඔබත් මේ කාලයේදී තනිවම ජීවත් වන්නේ නම් සමාජ මාධ්‍ය නොසලකා හැරීම වෙනුවට අන්තර්ජාලය සමඟ ද කාලය ගත කිරීම හොඳයි. ඒ සඳහා මිතුරන් සහ පවුලේ සාමාජිකයන් කණ්ඩායමක් තෝරන්න. එසේම මිනිසුන් වරින් වර ඔබව පරීක්ෂා කරන බව ද අමතක කරන්න එපා.

නිවාඩු ගන්න: වසංගතය අතරතුර ඔබ නිවසේ ඉඳන් කාර්‍යාලීය වැඩ කරනවා ඇති. ඔබට විශාල වැඩ බරක් තිබුණත්, ඔබේ කාර්යබහුල කාලසටහනෙන් ටිකක් විවේක ගන්න. අප කරන කාර්යයන් වලින් විශ්ලේෂණාත්මක වෙන්වීමක් තිබිය යුතුයි. ඔබ ජීවිතයේ වෙනත් අංශයන් හඳුනාගන්න. ඔබට ජීවිතයේ ඔබේ විනෝදාංශ, පවුල, සුරතල් සතුන් සහ මිතුරන් වගේ වෙනත් අනන්‍යතා ද තියනවා. ඒ දේවල් එක්කත් ජීවිතයට වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් ලබාගෙන කාලය ගන්න.

නව ක්‍රියාකාරකමක් උත්සාහ කරන්න: ඔබ කැමති භාෂාවක් හෝ නර්තනයක් වගේ අලුත් දෙයක් ඉගෙන ගැනීමට සිතනවා නම් ඒක පටන් ගන්න ඕනේ කාලය මේකයි. මේ සඳහා ඔබට උදව් ගන්න පුළුවන් ඔන්ලයින් පන්ති හරහා ලියාපදිංචි වන්න. අළුත් දෙයක් ඉගෙන ගැනීමෙන් ඔබට ඔබේම විශ්වාසනීය මට්ටමක් ඉහළ නංවා ගන්න පුළුවන් වෙන අතර එමඟින් තනිකම පිළිබඳ හැඟීම අඩු වෙනවා. එසේම මෙම සමහර ක්‍රියාකාරකම් සමඟ ඔබට නව පුද්ගලයින් හමුවීමට හා ඔවුන් සමඟ අන්තර් සම්බන්ධතා පැවැත්වීමට ද අවස්ථාව ලැබෙනවා.

ඔබ තනිවම නොවේ: තනිකම ඔබව අඩපණ කරන්න පුළුවන්. නමුත් මේ කාලයේ ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසකට තනිකමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියනවා කියලා මතක තබා ගන්න. ඔබ අන්තර්ජාලයේ සැරිසරනවා නම් මිනිසුන් ඔවුන්ගේ දුක් වේදනා බෙදාගන්නා වෙබ් අඩවි කිහිපයක් ඔබට හමු වෙයි. නිදසුනක් වශයෙන්, තනිකමේ විවිධ පැතිකඩයන් පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් වන Web Of Loneliness (WOL) Unselfie Project පිටත සිටින බොහෝ අය සමඟ සහයෝගීතාවක් ඔබට ලබා දෙයි.

ප්‍රතික්ෂේප වීමට ඇති ඔබේ බිය සමඟ කටයුතු කරන්න: මේක අතීතයේ ඇති අනවශ්‍ය සම්බන්ධතා, අත්දැකීම් වලින් පැන නගින දෙයක්. මනෝචිකිත්සක‍යන් පවසන්නේ යමෙකුට ඒ වගේ අත්දැකීම් නිසා ආත්ම අභිමානය අඩු වෙන්න පුළුවන් කියලයි. ඔබේ ආත්ම අභිමානය වෙනුවෙන් ශක්තිමත්ව වැඩ කටයුතු කරන්න. අවශ්‍ය නම් වෘත්තිකයෙකුගෙන් උපකාර ලබා ගන්න.

 කියවීමේ පුරුද්දක් ඇති කර ගන්න: තනිකම මැඩපැවැත්වීම සඳහා කියවීමේ පුරුද්ද කියන්නේ ඵලදායී උපාය මාර්ගයක් කියලා විශේෂඥයෝ පවසනවා. ඔබ කැමති ඕනෑම දෙයක් කියවීමට පටන් ගන්න. විශේෂඥයන් පවසන්නේ කියවීමෙන් ඔබේ මනස සන්සුන් කරගන්න පුළුවන් වෙන අතර තනිකමේ ඕනෑම හැඟීමක් සමනය කරන්නත් පුළුවන් වෙනවා කියලයි. අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙන්නේ කියවන අයට දීර්ඝ ආයුෂ පවා ලැබෙන බවයි.

ව්‍යායාම කර හොඳින් ආහාර ගන්න: සෞඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම අවතක්සේරු කරන්න බැහැ. යූ ටියුබ් එකේ තියන ව්‍යායාම වැඩසටහන් නරඹලා ඒවා අනුගමනය කරන්න. ඒ විදිහට වැඩ කිරීමෙන් ඔබට සැහැල්ලුවෙන් හා විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් මට්ටමේ හොඳ, ප්‍රීතිමත් හෝමෝන ශරීරයෙන් නිකුත් වෙනවා.

උපකාරය පතන්න: තනිකම ඔබේ දවසේ ප්‍රධාන කොටස් වලට බලපාමින් දුකක් සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා නම් සහ එය ඔබගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයකට ම පැතිරීලා ඇත්නම් ඒකෙන් ඔබේ ශක්තිය අඩු වෙන්න පුළුවන්. මේ සඳහා සායනික මානසික උපකාරයක් ලබා ගන්න එක හොඳයි. වෙනත් වචන වලින් කියනවා නම් ඔබට ඍණාත්මක හැඟීම් ජය ගැනීමට නොහැකි බව ඔබට හැඟෙනවා නම් වෘත්තීය උපදේශකයෙකුගේ උපකාර පැතීමට පසුබට වන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,981
   40

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,855
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Benefits of Wood Apple
   5,805
   25

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
Dress patterns for flower prints
   56,048
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
These signs may be saying that you have cholesterol
   36,654
   24

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed