දෙමව්පියන් නොදැනුවත්ව තම දරුවන්ට රිදවන අවස්ථා

May 19, 2020
9,046
Times where parents hurt children
දරුවන් දෙමාපියන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. තම දරුවා කුඩා වියේදී පියවරෙන් පියවර උස් මහත් වන විට ඔයා කන ආකාරයේ සිට අන් අය සමඟ කටයුතු කරන ආකාරය දක්වාම ඉගෙන ගන්නවා. සෑම සන්ධිස්ථානයකම දෙමව්පියන් සහ දරුවන් අතර ඇති විශ්වාසයේ බැඳීමද ශක්තිමත් වෙන්න ඕනේ. මව දරුවන්ට කිසිම හානියක් නොකරන බව දරුවන් දන්නවා. කොහොම වුණත්  සමහර ක්‍රියා නිසා දෙමව්පියන් නොදැනුවත්වම දරුවන්ගේ හිත් පාරවනවා. අද හැඩකාරී අපි ඔයත් එක්ක කතා කරන්න හිතුවේ දෙමාපියන් විසින් නොදැනුවත්ව දරුවන්ට කරන සිත් රිදවීම් ගැනයි..

1. තම දරුවන්ට හිරිහැර කිරීම
දරුවන් සිනාසෙනවා දැකීමට අකමැති කවුද? කිති කැවීම මගින් දරුවාගේ සිනහව දැක ගන්න පුළුවන්.  යමෙකු විහිළුවක් කර සිනාසෙන විට දැනෙන හැගීම සහ කිති කැවීම මගින් දැනෙන හැඟීම එකිනෙකට වෙනස් වන අතර සසදන්න බැහැ. ළමයින් බොහෝ විට මෙයට අකමැති වුණත් වැඩිහිටියන් විසින් සිනාසීමට බල කිරීමක් විතරයි.

2. සෙල්ලම් බඩු ළදරු ඇඳේ තැබීම
දෙමව්පියන් තම දරුවාගේ සුවපහසුව ගැන හුඟාක් හිතනවා. ඇතැම් විට දරුවාගේ තොටිල්ල සෙල්ලම් බඩු හෝ කොට්ට වලින් පුරවනවා. කොහොම වුණත් එවැනි දේවල් නිසා දරුවාගේ නාසය තද  වුවහොත් දරුවාගේ හුස්ම ගැනීමට බාධා ඇති වෙනවා . තම දරුවාට ආරක්ෂිතව නිදා ගැනීමට අවශ්‍ය වන්නේ ස්ථිර මෙට්ටයක් පමණක් බව දෙමාපියන් වටහා ගන්න ඕනේ.

3. දැඩි ලෙස දරුවා සෙලවීම
දරුවා අඩමින් පැය ගණනක් මවගේ අත්වල පැටලී සිටිම සෑම දෙමව්පියෙකුටම පාහේ අත්විඳින්න ඇති. ඔයා වෙහෙසට පත්ව සිටින නිසා, දරුවාව සිහියෙන් තොරව සොලවන්නට පුළුවන්. දැඩි ලෙස සෙලවීම නිසා ළදරුවන්ට කම්පනය ඇති වනවා. කිසිම දෙමව්පියෙකු හිතාමතාම එවැනි දෙයක්  කරන්නේ නැහැ. නමුත් ඔයාගේ සියුම් කුඩා දරුවා ඔයාගේ අත්වල තබා ගන්නේ නම් ප්‍රවේශම් වන්න.

4. අතිශයින්ම විෂබීජයන්ගෙන් තොර වූ පරිසරයක් පවත්වා ගැනීම
එකඟයි, පිරිසිදුකම වැදගත්. නමුත් සමහර දෙමව්පියන් පිරිසිදුකම අන්ත මට්ටමට ගෙන යනවා. ඉතිං නිවස නිතර නිතර පිරිසිදු කිරීමෙන් සහ තම ළදරුවන් සියලු ආකාරයේ විෂබිජයන්ගෙන් ඇත් කර තබනවා. විෂබීජයන්ගෙන් තොර වූ පරිසරයකට පුරුදු වූ දරුවන් වැඩි ඉක්මනින් අසාත්මිකතාවන්ට ගොදුරු වෙනවා. නමුත් කලින් ළමයින් අසාත්මිකතාවන්ට නිරාවරණය වුවහොත් දරුවන්ගේ ප්‍රතිශක්තිය වේගයෙන් වර්ධනය වෙනවා.

5. පැතලි මතුපිට මත ඇවිදීම
දැන්, ඔයා අහන්න පුළුවන් මෙහි ඇති වරද මොකද්ද කියලා. කාරණය නම් දරුවන්ගේ පාදවල අස්ථි හා සන්ධි ස්ථීර නොවීමයි. ඇවිදින විට පාද මතුපිට අක්‍රමිකතාවන්ට හැඩගැසීමට මෙය බලපානවා. ඔයාගේ දරුවා පැතලි මතුපිටක ඇවිදින විට, දරුවාගේ පාද සාමාන්‍ය මාංශ පේශි, ස්නායු හා ඇටසැකිලි සංවර්ධනයන් අඩු වෙනවා.

6. ආහාර අවසන් වන තුරුම කන්න ඕනේ.
පිඟානේ ඇති සියලුම එළවළු හෝ ආහාර අවසන් කරන ලෙස අපේ දෙමාපියන් අපෙන් ඉල්ලා සිටි කාලය මතකද? එය නරක පුරුද්දකි. පිඟානේ ඇති ආහාර ප්‍රමාණය දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ දැයි දරුවන්ට විනිශ්චය කරන්න බැහැ. ඔයාගේ බල කිරීම නිසා ඔවුන් අධික ලෙස ආහාර ගැනීමේ නරක ආහාර පුරුද්දක් ඇති කරනවා. 

7. හැන්දකින් පෝෂණය කිරීම
ඔයා දරුවන්ට හැන්දකින් ආහාර කවන්න එපා. ළමයින් තමන්ගේම වේගයෙන් ආහාර ගන්නා විට, ආහාරයේ රසය අගය කිරීමට ඉගෙන ගන්නා අතර එමඟින් ආහාර කෙරෙහි නිවැරදි ආකල්පයක් වර්ධනය කර ගන්නවා.

ඉහත සඳහන් කළ සමහර හැසිරීම් වලද ඔයා නිරත වෙනවාද? ඔව් නම්, ඒවා නවත්වන කාලයයි. ඔයාගේ දරුවන් සමඟ ගනුදෙනු කිරීමට වඩා හොඳ ක්‍රම අනුගමනය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1607 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:16:51 PM
Script:/article/1607/times-where-parents-hurt-children.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:16:51 PM
Script:/article/1607/times-where-parents-hurt-children.html