ලස්සන කෙස් කළඹක් ලබා ගන්න මේ ආහාර 5 ඔබට උදවු වේවි

May 26, 2020
19,638
5 foods for a healthy hair
ඕනෑම කාන්තාවක් කැමතියි ලස්සන සහ ශක්තිමත් කෙස් කළඹක හිමිකාරියක් වෙන්​න. ඔයාගේ හිසකෙස් මසකට අඟල් 0.5 (සෙ.මී. 1.25) සහ වසරකට අඟල් 6 (සෙ.මී. 15) පමණ වර්ධනය වීම සිත්ගන්නා කරුණක්. එය කෙතරම් වේගයෙන් වර්ධනය වෙනවා​ද යන්න වයස, සෞඛ්‍යය, ජාන සහ ආහාර වැනි සාධක මත රඳා පවතිනවා. ඔයාට වයස සහ ජාන විද්‍යාව ව​ගේ සාධක වෙනස් කළ නොහැකි වුවත්, කෙස් කළඹට සුදුසු ආහාර වැඩිපුර එකතු කර ගන්න පුළුවන්. ඇත්තටම නිවැරදි පෝෂ්‍ය පදාර්ථ නොමැති ආහාර වේලක් ගැනීම මගින් හිසකෙස් දුර්වල වෙනවා. ඒවගේම නිවැරදි පෝෂ්‍ය පදාර්ථ සහිත සමබ​ල ආහාර වේලක් ගැනීම හිසකෙස් වර්ධනයට උපකාරී වෙනවා. අද හැඩකාරී අපි ඔයාගේ කෙස් කළඹ වර්ධනයට අනුබල දෙන ආහාර 5ක් ගැනයි කියන්න හිතුවේ.

1. බිත්තර
බිත්තර හිසකෙස්ව​ල සෞඛ්‍යයට හා වර්ධනයට දායක විය හැකි පෝෂ්‍ය පදාර්ථ දෙකක් වන ප්‍රෝටීන් සහ බයෝටින් වලින් පොහොසත්ය. හිසකෙස් වර්ධනය සඳහා ප්‍රෝටීන් ආහාරයට ගැනීම වැදගත් වන්නේ ගැලවී යන හිසකෙස් නැවත වර්ධනය කිරීම සඳහා ආහාර වල ඇති ප්‍රෝටීන් වැදගත් වෙන නිසයි. බයෝටින් පරිභෝජනය කිරීමෙන් හිසකෙස් ශක්තිමත්ව වර්ධනය වෙනවා. බිත්තර සින්ක්, සෙලනියම් සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ සඳහා හොඳ ප්‍රභවයක්. මෙය හිසකෙස් සෞඛ්‍යය සඳහා හොඳම ආහාරයක්.

2. බතල 
බතල කියන්නේ බීටා-කැරොටින් වල හොඳ ප්‍රභවයක්. ශරීරය මෙම සංයෝගය විටමින් A බවට පරිවර්තනය කර හිසකෙස් සෞඛ්‍යයට සම්බන්ධ කරනවා. විටමින් A මගින් කෙස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වනවා. ​ඒ විතරක් නෙමෙයි, විටමින් A මගින් හිසකෙස් වර්ධන වේගය වේගවත් කිරීමත්, ඝනව කෙස් වර්ධනය වීමටත් උදවු සපයනවා..

3. අලිගැටපේර
අලිගැටපේර රසවත් මෙන්ම, පෝෂ්‍යදායී හා සෞඛ්‍ය සම්පන්න මේද වලින් යුක්තයි. එහි අඩංගු විටමින් E ශරීරයට ගුණදායක වන අතර එමඟින් හිසකෙස් වර්ධනයට දායක වනවා. හිස්කබලේ සම දුර්වල වී​ම නිසා හිසකෙස් වල ගුණාත්මක භාවය අඩුවීමත් මෙහි ඇති විටමින් E මගින් ව​ළක්වා ගන්න පුළුවන්. 

4. මස්
මස් වර්​ග බොහෝ මිනිසුන්ගේ ආහාර වේලෙහි ප්‍රධාන අංගයක් වන අතර හිසකෙස් වර්ධනයට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වනවා. මස් වල ඇති ප්‍රෝටීන් හිසකෙස් වර්ධනයට උපකාරී වන අතර හිසකෙස් අලුත්වැඩියා කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. විශේෂයෙන් රතු මස් අවශෝෂණය කර ගැනීමට පහසු යකඩ වලින් පොහොසත් ය. මෙමගින් රතු රුධිර සෛල කෙස් වලට ඇතුළුව ශරීරයේ සියලුම සෛල වලට ඔක්සිජන් ලබා දෙනවා.

5. බෙරි වර්​ග
හිසකෙස් වර්ධනයට දායක විය හැකි ප්‍රයෝජනවත් සංයෝග හා විටමින් බෙරි වල පවතිනවා. ශක්තිමත් ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති විටමින් C හිසකෙස් ආරක්ෂා කිරීමට උපකාරී වනවා. එ වගේම ශරීරය විටමින් C භාවිතා කර ගනිමින් කොලජන් නම් ප්‍රෝටීනය නිපදවන අතර එමගින් හිසකෙස් ශක්තිමත් කිරීම සහ කැඩී යාම වළක්වනවා. ඒ විතරක් නෙමෙයි විටමින් C මගින් ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීමට දැඩි උදවුවක් දෙනවා.

ඔයා කන දේ ඔයාගේ හිසකෙස් වල සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරනවා. විටමින් A, C, D සහ E, සින්ක්, විටමින් B, යකඩ, බයෝටින්, ප්‍රෝටීන් සහ අත්‍යවශ්‍ය මේද අම්ල ඇතුළු  පෝෂ්‍ය පදාර්ථ නොමැතිකම හිසකෙස් වර්ධනය මන්දගාමී වීමට හෝ හිසකෙස් කැඩියමට හේතු වෙනවා. ඔයා හිසකෙස් වර්ධන වේගය වැඩි කර ගැනීමට  සිතන්නේ නම්, ඉහත ආහාර සමහරක් ඔයාගේ ආහාර වේලට එක් කිරීමට උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,981
   40

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,855
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Benefits of Wood Apple
   5,805
   25

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
Dress patterns for flower prints
   56,048
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
These signs may be saying that you have cholesterol
   36,654
   24

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed