ලස්සන කෙස් කළඹක් ලබා ගන්න මේ ආහාර 5 ඔබට උදවු වේවි

May 26, 2020
23,117
5 foods for a healthy hair
ඕනෑම කාන්තාවක් කැමතියි ලස්සන සහ ශක්තිමත් කෙස් කළඹක හිමිකාරියක් වෙන්​න. ඔයාගේ හිසකෙස් මසකට අඟල් 0.5 (සෙ.මී. 1.25) සහ වසරකට අඟල් 6 (සෙ.මී. 15) පමණ වර්ධනය වීම සිත්ගන්නා කරුණක්. එය කෙතරම් වේගයෙන් වර්ධනය වෙනවා​ද යන්න වයස, සෞඛ්‍යය, ජාන සහ ආහාර වැනි සාධක මත රඳා පවතිනවා. ඔයාට වයස සහ ජාන විද්‍යාව ව​ගේ සාධක වෙනස් කළ නොහැකි වුවත්, කෙස් කළඹට සුදුසු ආහාර වැඩිපුර එකතු කර ගන්න පුළුවන්. ඇත්තටම නිවැරදි පෝෂ්‍ය පදාර්ථ නොමැති ආහාර වේලක් ගැනීම මගින් හිසකෙස් දුර්වල වෙනවා. ඒවගේම නිවැරදි පෝෂ්‍ය පදාර්ථ සහිත සමබ​ල ආහාර වේලක් ගැනීම හිසකෙස් වර්ධනයට උපකාරී වෙනවා. අද හැඩකාරී අපි ඔයාගේ කෙස් කළඹ වර්ධනයට අනුබල දෙන ආහාර 5ක් ගැනයි කියන්න හිතුවේ.

1. බිත්තර
බිත්තර හිසකෙස්ව​ල සෞඛ්‍යයට හා වර්ධනයට දායක විය හැකි පෝෂ්‍ය පදාර්ථ දෙකක් වන ප්‍රෝටීන් සහ බයෝටින් වලින් පොහොසත්ය. හිසකෙස් වර්ධනය සඳහා ප්‍රෝටීන් ආහාරයට ගැනීම වැදගත් වන්නේ ගැලවී යන හිසකෙස් නැවත වර්ධනය කිරීම සඳහා ආහාර වල ඇති ප්‍රෝටීන් වැදගත් වෙන නිසයි. බයෝටින් පරිභෝජනය කිරීමෙන් හිසකෙස් ශක්තිමත්ව වර්ධනය වෙනවා. බිත්තර සින්ක්, සෙලනියම් සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ සඳහා හොඳ ප්‍රභවයක්. මෙය හිසකෙස් සෞඛ්‍යය සඳහා හොඳම ආහාරයක්.

2. බතල 
බතල කියන්නේ බීටා-කැරොටින් වල හොඳ ප්‍රභවයක්. ශරීරය මෙම සංයෝගය විටමින් A බවට පරිවර්තනය කර හිසකෙස් සෞඛ්‍යයට සම්බන්ධ කරනවා. විටමින් A මගින් කෙස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වනවා. ​ඒ විතරක් නෙමෙයි, විටමින් A මගින් හිසකෙස් වර්ධන වේගය වේගවත් කිරීමත්, ඝනව කෙස් වර්ධනය වීමටත් උදවු සපයනවා..

3. අලිගැටපේර
අලිගැටපේර රසවත් මෙන්ම, පෝෂ්‍යදායී හා සෞඛ්‍ය සම්පන්න මේද වලින් යුක්තයි. එහි අඩංගු විටමින් E ශරීරයට ගුණදායක වන අතර එමඟින් හිසකෙස් වර්ධනයට දායක වනවා. හිස්කබලේ සම දුර්වල වී​ම නිසා හිසකෙස් වල ගුණාත්මක භාවය අඩුවීමත් මෙහි ඇති විටමින් E මගින් ව​ළක්වා ගන්න පුළුවන්. 

4. මස්
මස් වර්​ග බොහෝ මිනිසුන්ගේ ආහාර වේලෙහි ප්‍රධාන අංගයක් වන අතර හිසකෙස් වර්ධනයට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වනවා. මස් වල ඇති ප්‍රෝටීන් හිසකෙස් වර්ධනයට උපකාරී වන අතර හිසකෙස් අලුත්වැඩියා කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. විශේෂයෙන් රතු මස් අවශෝෂණය කර ගැනීමට පහසු යකඩ වලින් පොහොසත් ය. මෙමගින් රතු රුධිර සෛල කෙස් වලට ඇතුළුව ශරීරයේ සියලුම සෛල වලට ඔක්සිජන් ලබා දෙනවා.

5. බෙරි වර්​ග
හිසකෙස් වර්ධනයට දායක විය හැකි ප්‍රයෝජනවත් සංයෝග හා විටමින් බෙරි වල පවතිනවා. ශක්තිමත් ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති විටමින් C හිසකෙස් ආරක්ෂා කිරීමට උපකාරී වනවා. එ වගේම ශරීරය විටමින් C භාවිතා කර ගනිමින් කොලජන් නම් ප්‍රෝටීනය නිපදවන අතර එමගින් හිසකෙස් ශක්තිමත් කිරීම සහ කැඩී යාම වළක්වනවා. ඒ විතරක් නෙමෙයි විටමින් C මගින් ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීමට දැඩි උදවුවක් දෙනවා.

ඔයා කන දේ ඔයාගේ හිසකෙස් වල සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරනවා. විටමින් A, C, D සහ E, සින්ක්, විටමින් B, යකඩ, බයෝටින්, ප්‍රෝටීන් සහ අත්‍යවශ්‍ය මේද අම්ල ඇතුළු  පෝෂ්‍ය පදාර්ථ නොමැතිකම හිසකෙස් වර්ධනය මන්දගාමී වීමට හෝ හිසකෙස් කැඩියමට හේතු වෙනවා. ඔයා හිසකෙස් වර්ධන වේගය වැඩි කර ගැනීමට  සිතන්නේ නම්, ඉහත ආහාර සමහරක් ඔයාගේ ආහාර වේලට එක් කිරීමට උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed