දියවැඩියාව පාලනය කිරීමට මේ දේවල් ආහාරය​ට එකතු කර ගන්න

May 29, 2020
5,693
Add these to your meal to control diabetics
දියවැඩියාව පාලනය කිරීම ස​ඳහා ඔයාගේ ආහාර වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ආහාර පාලනය කිරීම මඟින් ඔයාගේ ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණයද පාලනය කළ හැකි අතර දිගු කාලීනව රෝගය පාලනය කිරීමටද උපකාරී වෙනවා. දියවැඩියාව සඳහා හොඳම ආහාර සෑම දිනකම ප්‍රධාන ආහාර වේලට අමතරව එකතු කර ගන්න ඕනේ. දියවැඩියා රෝගියෙකු සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර සැලැස්මක් අවශ්‍ය කරනවා. ඉහළ තන්තු, ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ඛනිජ ලවණ, ප්‍රෝටීන් ඇතුළත් නැවුම් පලතුරු සහ එළවළු ආහාරයට එකතු කර ගන්න. අද හැඩකාරී අපි ඔයාට දියවැඩියාව පාලනය කිරීමට ගත යුතු ආහාර ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

කාබෝහයිඩ්‍රේට් හා කැලරි අඩු සහ ස්වාභාවිකවම සෞඛ්‍ය සම්පන්න මේද සහිත පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර වේලක් දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකුට වඩාත් සුදුසු යි. දියවැඩියාව පාලනය කිරීමට ඔයා කන දේවල් මොනවාද ස​හ ඒවා කොපමණ ප්‍රමාණයක් අනුභව කරනවාද යන්න ගැන අවධානය වැඩිපුර යොමු කරන්න ඕනේ. දියවැඩියාවට එරෙහිව සටන් කිරීමට ඔයාට උපකාරී වන සුපිරි ආහාර කිහිපයක් මෙන්න.

1. බීට්රූට්
බීට්රූට් රසවත් ආහාරයක්. එමෙන්ම කාබෝහයිඩ්රේට් අන්තර්ගතයද අඩුයි. මෙ​ය විටමින්, ඛනිජ ලවණ, තන්තු වලින් පොහොසත්. මේ පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වෙනවා. බීට්රූට් වල ඇති ස්වාභාවික සීනි ශරීරයේ ග්ලූකෝස් බවට ඉක්මණින් පරිවර්තනය වෙන්නේ නැහැ. එනිසා දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. වයෝවෘද්ධ වීමෙන් සිදුවන හානියෙන් සෛල ආරක්ෂා කරන ලිපොයික් අම්ලය නම් ප්‍රතිඔක්සිකාරක​ය බීට්රූට් වල ඉහළ මට්ටමක පවතිනවා.

2. තක්කාලි
lycopene වලින් පොහොසත් තක්කාලි හදවතට විශිෂ්ටයි. රුධිර පීඩනය සහ දියවැඩියාව හා සම්බන්ධ හෘද සංකූලතා ඇතිවීමේ අවදානම ද අඩු කරනවා. තක්කාලි විටමින් C, විටමින් A සහ පොටෑසියම් වලින් පිරී ඇත. තක්කාලි වල කොලෙස්ටරෝල් හා කැලරි අඩු මට්ටමක පවති​න අතර එනිසා එ​ය දියවැඩියා රෝගීන්ට ඉතාම යහපත් ආහාරයක් වනවා.

3. වට්ටක්කා ඇට 
මේද හා සීනි සහිත ආහාර සඳහා ඇතිව​න කෑදරකමට එරෙහිව සටන් කිරීමට වට්ටක්කා ඇට වලට පුළුවන්. ඒවා යකඩ හා අසංතෘප්ත මේද වලින් පොහොසත් වන අතර ආහාර රුචිය මැඩපැවැත්වීමට උපකාරී වෙනවා. 

4. නට්ස් වර්ග
නට්ස් වර්ග වල ඔමේගා -3 සහ මේද අම්ල වලින් පොහොසත් වෙනවා. සමස්ත පෝෂක අන්තර්ගතය නිසා දියවැඩියාව සහ  කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. දිනපතා විවිධ නට්ස් වර්ග පරිභෝජනය කිරීම සමස්ත සෞඛ්‍යයටම හොඳයි. ආමන්ඩ්, පිස්ටාෂියෝ, රටකජු, කජු මේ අතර ප්‍රධානයි.

5. ධාන්‍ය වර්ග
බාර්ලි සහ ඕට්ස් වැනි ධාන්‍ය වර්ග තන්තු වලින් පිරී ඇති අතර එය රුධිරයේ සීනි හදිසියේම ඉහළ යාම වළක්වා ගැනීම සඳහා සෙමින් ජීර්ණය වෙනවා. ධාන්‍ය වර්ග නිතිපතා ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සඳහා විශාල අවදානම් සාධකයක් වන බර වැඩිවීම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ඒවා​යේ විටමින් බී, යකඩ සහ ඛනිජ ලවණ ඇතු​ළත්. ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගැනීමටත්, කොලෙස්ටරෝල් අඩු කිරීමටත්, රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමටත් ධාන්‍ය උපකාරී වෙනවා.

6. කරවිල
කරවිල මගින් ඔයාගේ ශරීරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩු කර ඉන්සියුලින් නිපදවන වේගය වැඩි කර, සීනි මට්ටම පාලනය කරනවා. කරවිල ආහාරයට ගත හැකි හොඳම ක්‍රමය වන්නේ උදේ පාන්දර හිස් බඩ නැවුම් කරවිල යුෂ පානය කිරීමයි. 

7. කහ
කහ දියවැඩියාව සඳහා විශිෂ්ට ආයුර්වේද සුපිරි ආහාරයක් ලෙස සැලකෙනවා. එය රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා ඵලදායී ශාකසාර ක්‍රමයක්. එය අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය නියාමනය කරන අතර ශරීරයේ ඉන්සියුලින් මට්ටම සමතුලිත කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed