උසින් අඩු පොඩ්ඩාගේ උස වැඩි කරන ටිප්ස් ටිකක්

June 1, 2020
14,074
How increase your kids hight
දරුවා උසින් සහ ශක්තිමත් බවින් යුතුව සිටිනවා දකින්න ඕනෑම දෙමවුපියෙක් කැමතියි. මෙම සාධක දෙකම නිරෝගී බවේ ලක්ෂණයි. මේ අනුව දරුවන් නිරෝගීව හා උසින් වැඩෙන බවට වග බලා ගන්න වෙනවා. ළමා කාලයේදී ඔබේ දරුවා සම වයසේ මිතුරන් තරම් උස නැති වීම ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් අද හැඩකාරී අපි හිතුවා ඔයාගේ දරුවාගේ උස වැඩි කරන ටිප්ස් කිහිපයක් දෙන්​න.

දරුවාගේ උස තීරණය කිරීමේදී ජානවලට වැදගත් තැනක් හිමි වෙනවා. කොහොම වුණත්, උස කෙරෙහි බලපාන එකම සාධකය එය නම් නෙමෙයි. දරුවාගේ උස තීරණය කිරීමේදී ඔවුන් ජීවත් වන තත්ත්වයන්, ඔවුන් ගන්නා ආහාර සහ ව්‍යායාම වැනි බාහිර සාධක ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

සමස්ත වර්ධනය සඳහා සමබර ආහාර වේලක් ගන්න

දරුවා උපරිම උසකට ළඟා වන බව සහතික කිරීමට හොඳම ක්‍රමය නම් ඔහුට නිසි පෝෂණය ලැබෙන බව සහතික කිරීමයි. සමබර ආහාර වේලක​ට නිවැරදි අනුපාතයට ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, මේද හා විටමින් මිශ්‍ර වෙන්න ඕනේ. ඒවගේම දරුවන් අහිතකර ක්ෂණික ආහාර සහ පානයන් වලින් ඇත් කර තබන්න. ඉ​ඳහිට මෙවැනි ආහාර දුන්නාට කමක් නැහැ. නමුත් ඔහුට/ඇයට දිනපතා මේවා ආහාරයට ගැනීමට දෙන්න එපා.

සින්ක් දරුවාගේ වර්ධනයට විශාල බලපෑමක් කරන බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. මේ අනුව, මස්, කඩල, රට කජු, කජු, බිත්තර වැනි සින්ක් බහුල ආහාර දරුවන්ගේ ආහාරයට ඇතුළත් කිරීම වැදගත්. සමබර ආහාර වේලක් මඟින් දරුවාගේ උස වැඩි කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවා පමණක් නොව, ඔහු ඇතුළතින්ම ශක්තිමත් කරනවා.

ව්‍යායාම

සරල ව්‍යායාම පවා දරුවාගේ උස කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. කුඩා කල සිටම දරුවාට සරල ව්‍යායාම කිහිපයක් ඉගැන්වීමෙන් උස වැඩීමේ ක්‍රියාවලියට පහසුකම් සපයනවා. කොඳු ඇට පෙළ දිගු කිරීමට සහ දරුවාගේ ඉරියව් වැඩි දියුණු කිරීමට ව්‍යායාම උපකාරී වෙනවා. මෙන්න පහසු ව්‍යායාම අභ්‍යාස දෙකක්.

- දරුවා බිත්තියට හේත්තු වී ඇඟිලි තුඩු වලින් සිටගෙන සිටීමෙන් ඔහුගේ/ ඇයගේ කකුලේ මාංශ පේශි ශක්තිමත් කරනවා. 
- බිම වාඩිවී කකුල් පළල් කර, කකුල් වල මහපටැඟිලි අත් වලින් ස්පර්ෂ කිරී​මේ ව්‍යායාමයක්.

එල්ලීම

උස වැඩි කිරීම සඳහා එල්ලීම දැන් දශක ගණනාවක් තිස්සේ නිර්දේශ කර තියෙනවා. බාර් වල එල්ලීම මගින් කොඳු ඇට පෙළ දිගු කිරීමට උපකාරී වනවා. අත් ශක්තිමත් වීමට මෙම බාර් වල එල්ලී කරන Pull up, Chin up වැනි ව්‍යායාම කරවන්නටත් පුළුවන්.

යෝගා කරන්න

යෝගා පුහුණුව බොහෝ දුරට උස යාම​ට හා ශරීරය සමබර කිරීමට උදවු කර​නවා. ඔයාගේ දරුවාට සූර්ය නමස්කාර​ය, චක්‍ර ආසන වැනි යෝග කිහිපයක් පුහුණු කරන්න. දරුවා සමඟ ඔයත් යෝගා  කිරීමට උත්සාහ කරන්න එවිට ඔහුට මෙන්ම ඔයාටත් යම් ආශ්වාදයක් ලබා ගන්න පුළුවන්.

ස්කිපින් (Skipping)

Skipping කියන්නේ විනෝදජනක ව්‍යායාමයක් වන අතර එය ළමයින්ට ක්‍රීඩාවක් ලෙස හඟවන්න. එය හදවත ඇතුළු මුළු ශරීරයම ක්‍රියාත්මක වන අතර උස වැඩි කරනවා. මෙමගින් මුළු සිරුරම දිගු වන අතර එය දරුවාගේ වර්ධනයට අනුබල දෙනවා. එය විශ්මිත ප්‍රතිඵල ගෙනෙ​න හෘද ව්‍යායාමයක් වන අතර එමගින් දරුවා ක්‍රියාශීලීව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වෙනවා.

පිහිනීම

පිහිනීම කියන්නේ දරුවාගේ සමස්ත වර්ධනයට උපකාරී වන තවත් සෞඛ්‍ය සම්පන්න හා විනෝදජනක ව්‍යායාමයක්. එය ශරීරයේ සියලුම මාංශ පේශි මත ක්‍රියා කරන පූර්ණ ශරීර ව්‍යායාමයක්. පිහිනීම මගින්ද කොඳු ඇට පෙළ ශක්තිමත් කරන අතර උස වැඩි කරනවා.

හොඳ නින්දක්

හොඳ නින්දේ වැදගත්කම කිසි විටෙකත් කියා නිම කරන්න බැහැ. හොඳ රාත්‍රී නින්දක් වැඩිහිටියන්ට පමණක් නොව ළමයින්ටද වැදගත් වෙනවා. නිරෝගීව සිටීමට සහ ශක්තිමත්ව සිටීමට දරුවාට සෑම රාත්‍රියකම පැය 8 ක නින්දක් ලැබෙන බවට වග බලා ගන්න. නින්දේදී HGH නමින් වර්ධන හෝමෝනයක් නිකුත් කරන අතර එය උස වැඩි කිරීමට සෘජු කාර්යභාරයක් ඉටු කරනවා. එබැවින් නින්ද මඟ හැරීම හොඳ අදහසක් නෙමෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,247
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,995
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,980
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,415
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed