දරුවන්ගේ නින්දේ වටිනාකම දෙමාපියන් වටහාගත යුත්තේ මේ හේතු නිසායි

June 5, 2020
3,923
The importance of children’s sleep
සාමාන්‍යයෙන් ළමයින්ගේ හිත් වල ප්‍රශ්න නැති නිසා ඇඳට වැටුණු සැනින් නින්ද යනවා. බියකරු සිහින නැති සුවපත් නින්දක් දරුවන්ට ලබා දීම අපි කාගේත් බලාපොරොත්තුවක්. නින්දට යාමේදී නිදහසට කරුණු මවා පා නින්ද මග හැරීම සෑම වයස් කාණ්ඩයකම ළමයින් අතර බහුලව දක්නට ලැබෙන අතර එමගින් දෙමාපියන්ට බොහෝ කලකිරීමට පත් වෙනවා. නින්ද දරුවන්ට කොතරම් වටිනවද කියලා ඔයා දැනටමත් දන්නවා. ඉතිං අද හැඩකාරී අපි ඔයාට ළමයින්ට නින්ද මග හැරෙන්න බලපාන හේතු ගැනයි කියන්න හිතුවේ.

කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් විවිධ රෝග දරුවන්ගේ නින්දට බාධා ඇති කරනවා. මෙය ළමුන් අතර දැකිය හැකි පොදු ලක්ෂණයක්. අද ළමයින් අධික ලෙස මානසික ආතතියෙන් පෙළෙන අතර නිදා සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩු නින්දක් තමයි ලබන්නේ. ඇත්ත වශයෙන්ම දරුවන්ට නින්ද අහිමි වෙනවා. ළමයින්ට වැඩි නින්දක් අවශ්‍ය බව විශේෂඥයින් පවා පවසා තියෙනවා.

“නින්දට ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීම යනු දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ හොඳම ක්‍රමයකි.” මෙය කුඩා දරුවන්ට මෙන්ම යොවුන් වියට පැමිණි අයටද අදාළ වෙනවා.

වයස අනුව (සෑම පැය 24 කට වරක්) ඔයාගේ දරුවාට කොපමණ නින්දක් අවශ්‍යද යන්න තීරණය කරන්න.
ළදරුවන් (මාස 4-12): පැය 12-16 නින්දක් 
කුඩා දරුවන් (අවුරුදු 1-2): පැය 11-14 අතර නින්දක්
පෙර පාසල් දරුවන් (අවුරුදු 3-5):  පැය 10-13 නින්දක්
පාසල් වයස (අවුරුදු 6-12): පැය 9-12 නින්දක්
යෞවනයන් (අවුරුදු 13-18): පැය 8-12 නින්දක්

ළමයින් නිදා නොගන්නේ නම් කුමක් සිදුවේද?

ප්‍රමාණවත් නින්දක් ලබන්නේ නැති ළමයින්ට පුළුල් පරාසයක ශාරීරික හා මානසික ගැටළු ඇතිවීමේ අවදානමක් පවතිනවා.

නිතර තුවාල කර ගැනීම
අවධානය මද බව
මනෝභාවයන් වෙනස් වීම
දුර්වල පාසල් කාර්ය සාධනය
තරබාරුකම
දියවැඩියාව
අධි රුධිර පීඩනය
මානසික අවපීඩනය
කාංසාව
සියදිවි නසාගැනීමේ සිතුවිලි

යෞවනයන් හට නින්ද නොලැබීම නිසා මානසික අවපීඩනය හා සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති වෙන බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. මධ්‍යම රාත්‍රියෙන් පසුව නින්දට යන යෞවනයන් මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීමට 20% ප්‍රතිශතයක් ඇති බවත් එම පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා.

යෞවනයන් තුළ නින්ද නොයෑම නිසා ඔවුන්ගේ මනෝභාවයන්, හැසිරීම, පාසලේ ක්‍රියාකාරීත්වය සහ සබඳතාවලට බලපෑම් කළ හැකි අතර මානසික අවපීඩනයට හේතු වෙනවා. අපගේ දරුවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට නින්ද අත්‍යවශ්‍ය වෙන්නේ මේ නිසයි. 

නින්දේ ඇති වාසි මොනවාද?

නින්දට ප්‍රමුඛතාවය දීමට දෙමාපියන් විසින් ළමයින් සහ යෞවනයන් බලගන්වන විට, එයින් ලැබෙන ප්‍රතිලාභ බොහෝමයි.  ළමයින්ට වයසට ප්‍රමාණවත් නින්දක් ලැබෙන විට, ඔවුන් ඉගෙනීමට වැඩි අවධානයක්, වඩා හොඳ හැසිරීමක්, යහපත් සබඳතා ඇති කර ගැනීමක්, චිත්තවේගයන් පාලනය කිරීම්, විෂය කරුණු මතක තබා ගැනීම් සහ වැඩි දියුණු කිරීම් තුළින් හොඳ සමස්ත ජීවන තත්ත්වයක් ලබමින් සතුටුදායක ජීවිතයක් ගත කරනවා.

ළමයින් විවිධ හේතූන් මත නින්ද සමඟ පොරබදින අතර, එම ගැටලු විසඳීමට දෙමාපියන්ට ඉවසීම අවශ්‍ය වෙනවා. නින්දේ ගැටලු මග හැර ප්‍රමාණවත් පැය ගණනක් නිදා ගැනීමට ඉගෙන ගත් පසු, ඔවුන් කාංසාව සහ ආතතිය වැනි රෝග ලක්ෂණ අඩුවෙන් අත්විඳින අතර වඩා හොඳ නින්දකට මග පාදනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Think twice before giving these food to your child
   3,253
   60

මේ ආහාර දරුවන්ට දීම නිසා ඇති විය හැකි භයානක තත්ත්වයන් මොනවද කියලා ඔබ දන්නවද?

තවත් සමහර ආහාර දරුවන්ට දිරවා ගැනීමට අපහසුයි. එය දරුවා අපහසුතාවයට පත් කරන්න ලොකු හේතුවක්. ඒ නිසා ඉතාමත් පරිස්සමෙන් වැඩ කරන්න මතක තියා ගන්න
Fashion for a short plus size woman
   23,394
   40

උසින් අඩු මහත ගැහැණු ළමයෙක්ට ගැළපෙනම විලාසිතා මෙන්න

ගොඩක් අය හිතන්නේ සිරුර ටිකක් මහත් වුණාම කිසිම ඇඳුමක් ලස්සනට අඳින්න බෑ කියලා. ඉතිං උසින් අඩු ටිකක් මහත ගැහැණු ළමයෙක්ගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනෙන විදිහේ විලාසිතා මොනවද කියලා බලමු
Dress patterns for flower prints
   31,224
   37

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Easy  ways to stop hair thinning
   2,885
   29

හිසකෙස් තුනී වීම වැළැක්වීමට පහසු ක්‍රම

මෙම ලිපිය මගින් හැඩකාරි ඔබට ඉදිරිපත් කරන්නේ හිසකෙස් තුනීවීම පාලනය කරගැනීමට ඔබට ගතහැකි පහසු පියවර කිහිපයක් ගැනයි
How much food for kids in 4 to 5 years?
   4,109
   27

වයස අවුරුදු 4ත් 5ත් අතර දරුවකු දිනකට කොපමණ ආහාර ප්‍රමාණයක් ලබා ගත යුතුයිද?

ඔබටත් වයස අවුරුදු 4ත් 5ත් අතර කුඩා දරුවකු සිටිනවා නම් දරුවා දිනකට ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් ලබාගන්නවාද? නැතිහොත් දරුවාගේ වයසට ඔබ ලබාදෙන ආහාර ප්‍රමාණවත්ද යන ගැටළුවට විසඳුම් අද හැඩකාරි මේ ලිපියෙන් ගෙනාවා

Latest Articles

Most Viwed