බ්‍රසියරය තෝරා ගන්නේ මෙහෙමයි

June 10, 2020
29,077
How to select your bra
කාන්තා යට ඇඳුම් සහ බ්‍රසියරය අතර පවතින්නේ වැදගත් සම්බන්ධතාවයක්. කාන්තා සිරුරේ ලස්සන ඉස්මතු කිරීම, ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් බ්‍රසියරයක් ඇඳීම අවශ්‍යයි.

ඔබේ පියයුරුවලට නොගැලපෙන විදිහට බ්‍රසියර් ඇඳීමෙන් විවිධ අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි. පමණට වඩා බුරුල්ව ඇඳීම නිසා පියයුරු එල්ලා වැටෙන්න පුලුවනි. අනවශ්‍ය විදිහට තදින් ඇන්දොත් පියයුරු පිම්බීම, පිටතට ප්‍රදර්ශනය වෙන්න පුලුවනි.
නහර, ස්නායු සහ වසා ගැටිති වෙනුවෙන් ඇති වෙන බලපෑම වගේම දද, කුෂ්ට වැනි සාමාන්‍ය අපහසුතායන් පවා ඇති වෙන නිසා නිවරැදි බ්‍රසියරයක් තෝරා ගැනීමට පුරුදු වෙන්න. ඒ විතරක් නොවෙයි, ඔබේ ඇඳුමේ ලසස්න පවා අවලස්සනව පෙනෙන්න ඉඩ තිබෙනවා.

බ්‍රසියරයේ ප්‍රමාණය මැන ගැනීම
■ පියයුරු වලට පහලින් ඉල ඇට වටා වූ ප්‍රමාණය මැන ගන්න. මෙය බෑන්ඩ් එකේ මිනුම විදිහට සලකනවා.
■ දැන් පියයුර වටා මැන ගන්න.
■ බෑන්ඩ් එකේ මිනුම සෙන්ටිමීටර් වලට හරවා ගන්න. එය ආසන්නම සෙන්ටිමීටරයට ගන්න. උදාහරණයක් විදිහට මිනුම 31.4 නම් එය ආසන්නව 32 ට ගන්න.
■ දැන් පපුවේ මිම්මෙන් බෑන්ඩ් එකේ මිම්ම අඩු කරන්න. එහි අගය අනුව කප් ප්‍රමාණය මේ විදිහට පෙන්වන්න පුලුවනි

සෙ.මි 13 ක වෙනසක් නම් කප් ප්‍රමාණය- A
සෙ.මි 15 ක වෙනසක් නම් කප් ප්‍රමාණය- B
සෙ.මි 17 ක වෙනසක් නම් කප් ප්‍රමාණය- C
සෙ.මි 19 ක වෙනසක් නම් කප් ප්‍රමාණය- D
සෙ.මි 21 ක වෙනසක් නම් කප් ප්‍රමාණය- DD එහෙම නැත්නම් E

බෑන්ඩ් එක සහ කප් සයිස් එක අනුව බ්‍රසියර් තෝරා ගැනීම

■ බෑන්ඩ් එක අඟල් 32 යි නම් කප් සයිස් එක B බ්‍රසියරයේ ප්‍රමාණය-32B
■ 32B කප් සයිස් එකයි 34B කප් සයිස් එකයි දෙකම එකම ප්‍රමාණයක්. ඒ නිසා බ්‍රසියර්ය තෝරා ගන්නා විට බ්‍රසියරයේ බෑන්ඩ් එක තදයි නම් ඊට වඩා ලොකු බෑන්ඞ් එක තෝරා ගන්න.

බ්‍රසියරය අඳින්නේ මෙහෙමයි..

මුලින්ම පටි අතරින් අත් දෙක දා ගනන්. දැන් පියයුර කප් එක ඇතුලට සිටින සේ අඳින්න. පිටුපස හුක්ස් කොඳු නාරටිය මැදට සිටින සේ දාන්න. මුලින් හුක්ස් දා ගෙන බ්‍රසියරය අඳින්න එපා. එවිට බ්‍රසියරය ඇදෙන්න පුලුවනි.

හරිද කියලා දැනගන්නේ...?
■ බ්‍රසියරයේ බෑන්ඩ් එක පිටට සහ අත් යට ප්‍රදේශයට තදට නොදැනෙන සේ තිබීම.
■ කප් එක ඇතුලෙන් පියයුරු පිටතට තෙරපෙන ගතියක් නැති වීම.
■ අත් ඔසවන විට පටිය නොසෙල්වී තිබීම.

ඔබේ සිරුරේ අලංකාරය වගේම අඳින ඇඳුමක හැඩය රැඳී තිබෙන්නේ බ්‍රසියරය මත නිසා ඒ වෙනුවෙන් වැය බරක් දැරීම අපතේ යෑමක් විදිහට හිතන්න එපා.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1644 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:52:08 PM
Script:/article/1644/how-to-select-your-bra.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:52:08 PM
Script:/article/1644/how-to-select-your-bra.html