සැලොන් වහලා.. අපි අවසානයි..

June 12, 2020
7,671
Do not give up thinking the salon is closed
හැඩකාරියෝ හැඩට ඉන්න මනාපයිනේ. ඒකේ ඇති වැරද්දක් නැහැ. ඒත් දැන් ලෝකයම ලොක් ඩවුන් වුන අවධියක ලෝකයේ සිටින හැඩකාරියන්ටත් එය බලපෑ අන්දම ගැනත් දැනගන්න කැමැත්තක් එහෙම තියෙනවාද..?

විලියම් කේට්ගේ වයස අවුරුදු 23 යි. ඇය නිය අලංකරණයල ඇස් පිහාටු වෙනස් කිරීම වගේම මුහුණ මට්ටම් කිරීම වැනි ලස්සන වෙනුවෙන් විවිධ රෑපලාවන්ය කටයුතු මත රැදී සිටි තරුණියක්. ඇගේ මේ යොමු වීම කොතරම්ද කිව්වොත් නිය අලංකරණය නැති මරණයක්වත් ඇය අපේක්ෂා කළේ නැහැ.

තමන්ගේ මුහුණ “fillers” කර ගත්තේ නැත්නම් මුහුණ අපිළිවෙලයි. නිය ඇගිලි සරසා නොගත් විට කාන්තාවකගේ ලස්සන, ආකර්ශනයක් තියෙයියැ කේට් එදා හිතුවේ මේ විදිහටයි. ඇය මාස අටකට වරක් අනිවාර්යෙන්ම ඇස් පිහාටු සවි කර ගන්නා තරුණියක්.

ඇයට මෙහෙම හිතුනා…
ලෝකයම වසා තිබෙන කාලයක අපි රූපය ලස්සන කරන්න යොමු වෙන්නේ අනිත් අය ඉදිරියේ ලස්සන පෙන්වන්න නේද.? තිත්ත වුනත් ඇත්ත එයයි. කේට් තේරුම් ගත්තා. ඒ විතරක් නොවෙයි, නැති දේ ගැන ලතැවෙනවාට වඩා කෙසේ හෝ මගේ රුව ලස්සන රැකගන්නත් ඕන.. කේට් ආයුධ අතට ගත්තා.

වෙනදාට ඉන්ස්ටර්ග්රෑම් ඔස්සේ රූපලාවන්‍ය ප්‍රතිකාර ප්‍රදර්ශන සොයනවා වෙනුවට ඇය... මගේ ලස්සන පවත්වා ගන්නේ කොහොමද…? සොයා බලන්න වුණා. මා වෙත මේ වෙනුවෙන් උපකරණ තිබුනෙත් නැහැ. ඒ වුනත් මම හැකි විදිහට නිවසේ සිටම රූපලාවන්ය කටයුතු කර ගත්තා. පරණ පින්තූර සමග බලද්දී කිසිම වෙනසකුත් නැහැ. බොහොම සමාන්‍යයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිදහස් වුන මගේ ඡායාරූපවලත් කිසිම වෙනසක් තිබුනේ නැහැ. සේරම අපේ මානසිකත්වය බව මට තේරුම් ගියේ ලොක්ඩවුන් වුනාට පසුව බැව් කේට් සඳහන් කරයි.

උර්සුලා ‘කාය වර්ධන’ (body-builder) අංශයෙන් තරඟ වැදුණු අතර, දැන් එම ක්ෂේත්‍රයේ පුහුණුකාරියක් වීම සඳහා සූදානම්. මේ නිසා ’ලොක්ඩවුන්’ තහංචියට පෙර ඇය සතියකට දවස් පහක් ක්‍රීඩාගාරයට (gym) ගියා. ලොක්ඩවුන් තහංචිය නිසා ඇගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති වුණා. “මම පුරුද්දක් හැටියට පවත්වා ගෙන ගිය මගේ ‘ජිම්’ ප්‍රතිකාරය වෙනුවට වෙන මොනවා කරන්න ද යන්න සම්බන්ධයෙන් වෙනත් තෝරා ගැනීමක් නැති වුණා ම, ඒක හරි ම දුෂ්කර තත්ත්වයක්..” ඇය ක්‍රීඩාගාරයට යාමට නොලැබීම උර්සුලාගේ මානසික සෞඛ්‍යය කෙරෙහි බලපෑමක් සිදුකරනු ලැබ ඇත. ඇයගේ සිත “තමා කූඩුවක සිරකාරියක්” බව කියන්න පටන් ගත්තා. කුඩා නිවසක පවුලේ සාමාජිකයන් සමග වාසය කරන හෙයින්, ඇයට සුපුරුදු ශාරීරික අභ්‍යාසයන්හි නිරතවීම දිගට ම පවත්වා ගන්නත් බැහැ.
නමුත් ඇය මානසිකව වැටුනේ නැහැ. තමා පත්ව ඇති තත්ත්වය සන්සුන් කර ගැනීම සඳහා ඇය යෝග අභ්‍යාසයන්හි සහ භාවනාවේ නිරත වෙනවා.

“මම තවමත් සතුටින් ඉන්න බව කියන්න කැමතියි. නමුත් මට ඕනෑවට වඩා මගේ බර ටිකක් වැඩි වෙලා.”,
‘ලොක්ඩවුන්’ කාලය සිය ක්‍රීඩා පුහුණුකාරියක වීමේ පාඨමාලාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගත කිරීමට වාසනාවකට මෙන් ඇයට අවස්ථාව උදා වුණා.

‘ජෝ’, නැමැති හැඩකාරිය රූපලාවණ්‍යය වඩන ‘follers’ ප්‍රතිකාර, ඇස් පිහාටු, සහ කේෂ කලාපය සැකැසීම සඳහා වැඩි අවධානයක් දක්වන ලද තරුණියක්. නමුත් ලොක්ඩවුන් කාලයේදී මම පසුතැවිලි වුනේ නැහැ. මම ‘ලොක්ඩවුන්’ කාලයේ හුදෙකලාව යොදා ගන්නේ, මා ගැන ම අවධානය යොමු කිරීමට පටන් ගත්තා.

“මම අනිකුත් දේ නොව මට ම ආදරය කරන්න ඉගෙන ගත්තා. මට පවතින්න පුළුවන් නම්, වෙනත් අතිරේක දේවල් අහිමි වුණත් මම ඒ ගැන කරදර වෙන්නේ නැහැ” ජෝ සඳහන් කරනවා.

අතීතයේ පීඩා විඳින ලද මානසික ගැටලු පාලනය කර ගැනීම ‘ජෝ’ට ප්‍රකෘති තත්ත්වයට පත්වීමට උදව්වක් විය. එබැවින් ඇයට ‘ලොක්ඩවුන්’ කාලය නරකට බල පෑවේ නැත.

‘ලොක්ඩවුන්’ කරනු ලැබීම පුද්ගල ස්වයං - පිළිබිඹුවේ විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතු වූ බව මනෝ ප්‍රතිකාර විද්‍යාඥ (Psychotherapist) ඩැනියෙල් සෑන්ඩ්ලර් සඳහන් කරනවා.. ලොක්ඩවුන් කරනු ලැබීම මගින් පුද්ගලයන් ඔවුන් ‘පැළඳ සිටින වෙස්මුහුණු ගලවා ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමක්’ සිදු කරන ලද බවත් ඇය සඳහන් කළාය.

හැඩකාරියන් විදිහට ලස්සන වෙන්න විවිධ අදහස් ඇති වෙනවා. එය වරදක් නොවෙයි. නමුත් ඒවා අවතක්සේරු කිරීම හොඳ නැති බව ඩැනියෙල් සෑන්ඩ්ලර් සඳහන් කරනවා..

ඉතින් අපේ හැඩකාරියන්ටත් මේ අදහස ඉතාම වටිනවා. රට ලොක්ඩවුන් වුනත් ඔබේ සුන්දරත්වය ට බාධාවක් නොවෙන විදිහට රැක ගැනීම එතරම් අපහසු නැහැ. නමුත් ඔබ අනේ දැන් මොකද කරන්නේ..? සැලොන් වහලා.. අපි අවසානයි.. කියලා හිතින් වැටෙන්න එපා.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1646 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:20:52 PM
Script:/article/1646/do-not-give-up-thinking-the-salon-is-closed.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:20:53 PM
Script:/article/1646/do-not-give-up-thinking-the-salon-is-closed.html