ඔයා කකුලක් මත කකුලක් තබා වාඩි වීමන් වැලකිය යුතුද?

June 13, 2020
4,422
Do you have to avoid sitting with your legs crossed?
ඔයා වාඩි වී සිටින ඉරියව්ව ගැන කවදා හරි දවසක හිතුවද? අප බොහෝ දෙනෙකුට එක් කකුලක් මත අනෙක් කකුලක් දාගෙන වාඩි වී සිටීමෙන් පහසුවක් දැනෙනවා. ඔයා අවට ඉන්න පුද්ගලයින් දෙස බලන්නේ නම්, මෙම රටාව අපි අතර පොදු දෙයක් වෙලා. එය එක්තරා ආකාරයක පුරුද්දක් බවට පත්ව ඇති අතර ඔයාගේ යටි සිත පවා එය අනුගමනය කිරීමට හුරු වෙලා තියෙන්නේ. මෙම ඉරියව්වෙහි හිඳීමේ අඩුපාඩු කිසිවක් පෙනෙන්නේ නැහැ. 

එය ඇත්තෙන්ම හානිකරද?
ඔයාගේ රුධිර පීඩනය, එකම ඉරියව්වෙන් සිටීමෙන් දණහිසේ ගැටළු සහ හිරිවැටීම් ඇති කරනවා. මෙම ඉරියව්වෙන් උපත් ආශ්‍රිත සංකූලතා ඇති විය හැකි යැයි විශ්වාස කරන නිසා ගර්භණී කාන්තාවන්ට පවා මෙම ඉරියව්ව වළක්වා ගැනීමට උපදෙස් ලබා දෙනවා. මේ කතා වල ඇත්ත නැත්ත විමසා බලමු.

අධි රුධිර පීඩනය
ඔයා කකුලක් මත කකුලක් දමාගෙන වාඩි වී සිටීමේදී ඔයාගේ රුධිර පීඩනය සුළු වශයෙන් ඉහළ යන බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. දණහිසට ඉහළින් කකුල් හරස් කරන විට රුධිර පීඩනයෙහි සුළු වැඩිවීමක් සිදු වෙනවා. නමුත් වළලුකර ළඟින් කකුල් හරස් කරන විට කිසිදු වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම රුධිර පීඩනය ඉහළ යාම තාවකාලික එකක් බව සැලකිල්ලට ගැනීම වැදගත්.

නහර ඉදිමීම (වෙරිකෝස්) 
කකුලක් මත කකුලක් දමා වාඩිවීම නහර ඉදිමීමට හේතු වන බව බොහෝ කලක සිට විශ්වාස කෙරුණද එය සත්‍යයක් නෙමෙයි. ඔයාගේ නහර වල යම් සංකූලතා ඇති වූ විට නහර ඉදිමීම ඇති වන අතර එවිට හදවත දෙසට රුධිරය පොම්ප කිරීමට වඩා අමාරුයි. මෙම තත්ත්වය තුළදී රුධිරය එකතු වී නහර වල ඉදිමීම් ඇති වෙනවා. දිගු වේලාවක් වාඩි වී සිටින හෝ සිටගෙන සිටින පුද්ගලයින්ට නහර ඉදිමීම් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. නමුත් වාඩි වී සිටින ඉරියව්ව සමඟ මෙයට කිසිදු සම්බන්ධයක් නැහැ.

ගර්භණී කාන්තාවන්ට
වාඩි වී සිටින ඉරියව්ව ගර්භණී කාන්තාවන්ට දැඩි බලපෑමක් ඇති කරන්නේ නැහැ. නිසැකවම එය දරුවාටද හානියක් කරන්නේ නැහැ. නමුත් ඔයාට සුළු වළලුකර වේදනාවක්, මාංශ පේශි  හෝ කොන්දේ වේදනාවක් ඇතිවිය හැකියි. මෙයට හේතුව ඔයාගේ බඩේ තවත් ජීවිතයක් ගෙන යන විට ඔයාගේ ශරීරය බොහෝ අභ්‍යන්තර වෙනස්කම් වලට භාජනය වීමයි.

දණහිස සහ සන්ධි වේදනාව
තුවාල, ආතරයිටිස් වැනි හේතු කිහිපයක් නිසා දණහිසේ වේදනාව ඇති වෙන්න පුළුවන්. සන්ධි හෝ දණහිස් ගැටළුවක් ඇතිවිය හැක්කේ සමහර අවස්ථාවකදී කකුලක් මත කකුලක් තබා වාඩි වී සිටීමේදී පමණයි. ඔයා දැනටමත් දණහිසට සම්බන්ධ ඕනෑම ගැටලුවකින් පීඩා විඳින්නේ නම්, යම් නිශ්චිත ඉරියව්වක දීර්ඝ කාලයක් වාඩි වී සිටීම මගින් ඔයාගේ තත්ත්වය වඩාත් නරක අතට පත් වෙන්න පුළුවන්.

ඔයාගේ ඉරියව්ව නිවැරදිව තබා ගැනීමටත් ජීවිතයේ පසුකාලීනව ඇතිවන සංකූලතා වළක්වා ගැනීමටත් කකුලක් මත කකුලක් තබා වාඩි නොවීම හොඳය. මුලදී මෙම පුරුද්ද අත්හැරීම අමාරු විය හැකි නමුත් උත්සාහ කිරීම නතර කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed