ඔහුත් එක්ක හැමදාම ආදරයෙන් ඉන්න ඔබ ගොඩාක් කැමතියි නේද? හිතේ තියෙන ආදරේ දවසින් දවස වැඩි කරගන්න මේ විදිහට කරන්න.
1.සිඹින්න
ඔහුව ඔබ සිඹින විට ඔහුට වැදගත් කමක් දෙනවා කියල ඔහුට හිතෙනවා. දවසකට පුංචි කිස් එකක් දෙන්න ලොකු කාලයක් යන්නේ නෑ නේද? හැබැයි එකෙන් ලැබෙන ප්‍රතිලාබය ගොඩයි. ඔහුට වැදගත්කමක් දෙනවාට ඔහු ඉතාමත් කැමතියි.
2. බදාගන්න
අපි ආදරය කරන කෙනෙක්ව බදාගත්තහම හිතේ තියෙන ආතතිය නැතිවෙලා යනවා. ඉතින් පුළුවන් හැමවෙලේම ඔහුව ආදරයෙන් බදාගන්න.
3. සවන්දෙන්න
ඔහු කියන හැමදේටම සවන්දෙන්න. මොකද පිරිමි සාමාන්යයෙන් කතා කරනවා අඩුයි. ඔබත් එක්ක මොනවාහරීම දෙයක් ගැන කතා කරනකොට හොඳින් සවන් දෙන්න. ඔබ ඔහුට සවන්දෙනවා කියන්නේ දෙන්න අතරේ විශ්වාසය වර්ධනය වෙනවා කියන එක.
4. නිදාගනිදිදී තුරුල් වෙන්න
දෙන්නට දෙන්න තුරුල්වෙලා නිදා ගන්නේ බැන්ද අලුතම විතරයි නේද? මුල් කාලේදී එහෙම පුළුවන් නම් පස්සේ කාලෙදිත් එහෙම බැරි වෙන්න විදිහක් නෑ. තුරුල්වෙලා ඉන්නකොට අපි කාගේත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙනවලු. ඉතින් දෙන්නටම හොඳ සෞඛ්ය ප්‍රතිලාබයකුත් ලැබෙනවා. ආදරයත් වැඩි වෙනවා තුරුල් වෙන එකෙන්.
5. සමාව දෙන්න
මේ ලෝකයේ අපි කව්රු අතිනුත් වැරදි වෙනවනේ. පහුගිය වැරද්දක් ගැනම කියා කියා ඔහුගේ හිත රිද්දන්නත්, ඔබේ සිත රිද්දවාගන්නත් එපා. වුන දේවල් අමතක කරන්න. ඉදිරිය ගැන සිතන්න. දෙන්නා අතර තියෙන ඍනාත්මක අදහස් නැති කරගන්න හොඳම විදිහ තමයි සමාව දීලා හිත හදා ගන්න එක.
6. හිනාවෙන්න
ඔහුත් එක්ක විවෘතව කතා කරන්න බැරි කිසිම මාතෘකාවක් තියෙන්න බෑ. ඕනෙම දෙයක් ගැන කිසිම බයක් සැකයක් නැතුව ඔහු එක්ක කතා කරන්න පුළුවන් කියන්නේ ඔය දෙන්නාගේ සම්බන්ධතාවය හරිම ශක්තිමත් කියන එක. ඉතින් පුළුවන් හැම වෙලේම සතුටු දේවල් ගැන හොඳින් කතාබහ කරලා, හයියෙන් හිනා වෙන්න. දෙන්නා අතරේ අවබෝධය, ඇඟලුම් කම වර්ධනය වෙනවා ඔබට හිතා ගන්නවත් බැරි විදිහට.
7. මම ඔයාට ආදරෙයි කියන්න
ආදරය හිත අස්සේ තියාගෙන ඉන්නවට වඩා ආදරය ප්‍රකාශ කරන එක ගොඩාක් හොඳයි. ජිවිතේ හැම අයුරකින්ම කැපකිරීම් කරන්නේ ඔහු වෙනුවෙන් ඔබේ හිතේ තියෙන ආදරයටනේ. ඉතින් ඇයි ඒ ආදරය ගැන කියන්න බැරි? කව්රුත් කැමතියි ආදරය ගැන අහන්න. ඒක නිසා හිත අස්සේ තියාගෙන ඉන්නේ නැතුව එළිපිටම ආදරෙයි කියලා කියන්න.
මේ කියපු දේවල් හරිම පුංචි දේවල්. ගොඩක් ලොකු කාලයක් යන්නේ නෑ මේ දේවල් කරන්න අපි කාටවත්. හැබැයි සම්බන්ධතාවයක වැදගත්කම, කල්පැවැත්ම ආරක්ෂා කරන්න මේ දේවල් වල ලොකු බලපෑමක් තියෙනවා. මේ කියපු කාරනා ගැන ඔබ එකඟ වෙනවානම්, තව කෙනෙක්ටත් පෙන්නන්න. කියලා දෙන්න. එතකොට ඒ අයගේ ජිවිතත් ආදරණිය වේවි.