අවුරුදු 30 ළං වුණා කියලා කණස්සළු වෙන්න දෙයක් නැත්තේ මේ නිසයි

June 15, 2020
4,665
Reasons not be sad if you have reached 30
ඔබේ පාසල් ගිය පළමු දිනය, ඔබේ විශ්ව විද්‍යාලයේ අවසාන දිනය, ඔබේ පළමු රැකියාව කරපු දවස, ඔබේ ජීවන සහකරු හමුවීම, ඔබ විසින්ම වියදම් දරමින් ප්‍රථම වරට ඔබේ දෙමාපියන් චාරිකාවක් එක්කන් යාම සහ ඔබේම නිවසක් මිලට ගැනීම වගේ කරුණු වලින් එකක් සැමවිටම ඔබට ඔබ ගැනම ආඩම්බර වෙන්න පුළුවන් ජීවිතේ සුවිශේෂී අවස්ථා. මේ සියල්ල මධ්‍යයේ ඔබ ඔබේ ජීවිතයේ 3 වන දශකයට ළං වෙනවාත් ඇති. ඒ කියන්නේ 30 වන වියට පා තැබීම කියන්නේ අලුත් වික්‍රමයක්. ඔබ විශාල සිනහවක් සමඟ ජීවිතයේ 30 ගණන්වලට ඇතුළු වෙන්න ඕනේ ඇයි කියලා හේතු පහක් මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එනවා...

1. ඔබ වඩාත් කැප වෙන්න
මේ තත්ත්වය ඔබගේ ජීවිතයේ ඕනෑම දශකයක් තුළ සිද්ධ වෙන්න පුළුවන් නමුත්, අවුරුදු 30 ට පත්වීම බොහෝ තරුණියන්ට දැනෙන්නේ ජීවිතයේ විශාල වගකිවයුතු දශකයක් විදිහටයි. ඔබ එතැන් පටන් ජීවිතය ගැන බැරෑරුම් විදිහට හිතන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබ ඔබේ මුදල් සහ ඔබේ නිවස කළමනාකරණය ගැන, ඔබේ පවුල ගැන, ඔබේ වෘත්තීය ජීවිතයේ වර්ධනය ගැන වැඩි වශයෙන් කනස්සල්ලට පත් වෙන්න පුළුවන්. ඒ අතර ඔබේ හිතේ තෘප්තිය ද අපේක්ෂා කරයි. ඔබේ වයස විසි ගණන්වල ඉඳන්ම මේ දේවල් ගැන හිතන්න ඇති. හැබැයි ඇත්තටම වැදගත්ම දේ මොකක්ද කියලා ඔබට දැනෙන්න ඕනේ මේ වයසේදීයි.

2.  මුදල් 
ජීවිතයේ අමාරු දවස් වල ඔබ ඕනේ තරම් මහන්සි වෙලා මුදල් හම්බ කරලා ඇති. ඒ වගේ වසර ගණනක් වැඩ කළාට පස්සේ ඔබ ආඩම්බරයෙන් ඔබේ බැංකුවේ යම් මුදලක් ඉතිරි කරලා තියෙන්නත් ඕනේ. එමඟින් ඔබට ඕනෑම ආකාරයක හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න තරම් ආරක්ෂිත සහ සූදානම් බවක් දැනෙනවා. එහෙනම් ඔබ ජීවිතයේ ආසම කරපු දේවල් මිලදී ගැනීම ගැන දෙවරක් සිතා බලන්න ඕනේ නැති කාලය දැන් එළඹිලයි තියෙන්නේ.  සමහර විට ජීවිතයේ සුළු සතුටක් වුණත් තේරුමක් නැති දේවල් වල හැංගිලා තියෙන්න පුළුවන්. නමුත් එය ඔබේ ජීවිතයට හොඳ තල්ලුවක් ලබා දෙයි.

3. පරිණත සබඳතා 
ඔබේ සබඳතා ගැන බැරෑරුම්ව සිතන්න වටිනම කාලය 30 වැනි වියයි. ඒක ඔබ පය තබන ජීවන සන්ධිස්ථානයක්. ඒ කියන්නේ ඔබේ පවුල, ඔබේ සහකරු, ඔබේ මිතුරන් සහ ඔබේ සම වයසේ මිතුරියන් සමඟ වඩාත් පරිණත ප්‍රවේශයකින් බැඳෙන්න කාලය මේකයි. ලිංගික ජීවිතය පවා වඩා අර්ථවත් කරගන්න. ඔබ මෙච්චරකල් ආශ්‍රය කරපු පුද්ගලයින්ගේ හැසිරීම් ගැන මේ වෙද්දී ඔබට අවබෝධයක් තිබිය යුතුයි. දැන් ඔබ ඉස්සරහා රඟපාන සබඳතා වලින් ඉවත් වෙලා ඔබට සැබවින්ම සතුටු වෙන්න පුළුවන්, ඔබ වැඩියෙන්ම ආදරය කරන අයව විතරක් වැලඳ ගැනීමට සූදානම් වෙන්න. දැන් ඔබ ඔබේ සම්බන්ධතා දිහා වෙනස් ආකාරයකින් බලන්න පුරුදු වෙන්න. ඔබ තුළම එමඟින් වෙනසක් ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙයි.

4. ඔබ තවත් ලස්සනයි
එක්සත් ජනපදයේ සඟරාවක් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව තරුණියන්ට වයස අවුරුදු 30 දී වඩාත් ආකර්ෂණීය පෙනුමක් ඇති වෙනවා. වයසට යෑම පටන් ගන්නේ අවුරුදු 40 ට පසුවයි. ඒ නිසා ඔබේ වයසේ සංඛ්‍යාව අමතක කරලා ලස්සන පිළිබඳ ඔබේම අර්ථ දැක්වීමකින් ජීවත් වෙන්න. ඒක ඔබව අවංකවම සවිබල ගන්වයි. ඒ නිසා ඔබේ සුපුරුදු රූපලාවන්‍ය වැඩ දිගටම කරගෙන යන්න. ඒත් එක්කම ධනාත්මකව හිතන එකෙන් සහ සතුටෙන් සිටිමින් ඔබේ ජීවිතයට දීප්තියක් එක් කරගන්න.

5. සමාජයේ අදහස් ගැන ඔබ තව දුරටත් හිතන්න ඕනේ නෑ
ඔව්, ඔබ එය නිවැරදිව කියෙව්වා. ඔබ දැන් ඔබේම ජීවිතයේ භාරකරුයි. ඒක නිසා අනුන්ගේ ජීවිත ප්‍රස්ථාරවල ඉහළින්ම තිබෙන්නේ මොකක්ද කියලා හිතන එක නවත්වන්න! මොකද පිටත පුද්ගලයින්ට වඩා ඔබ ගැන දැන් ඔබම හොඳින් දන්නවා. ඒ නිසා 30 වන වියට පා තැබීම කියන්නේ ඔබේ යෞවන කාලයෙන් ඈත් කරවන වයසක් කියලා හිතන් කනස්සල්ලට පත් වෙන්න ඕනේ නෑ. ඉතින්, දැන් ඔබේ තිස් ගණන්වල තරුණකම ගැන හිතලා විනෝද වෙන්න. ඔබටම ආදරය කරන්න සහ වගකීමෙන් යුතුව ජීවත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Dress patterns for flower prints
   52,255
   22

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
5 skin care tips for your neck
   10,579
   17

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Milk Toffee Recipe
   112,567
   16

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
Changes in your body if you consume cod-liver oil daily
   83,600
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed