ඔසප් සමයේ වේදනාව සමනය කිරීමට සරල පිළියම් මෙන්​න

June 18, 2020
5,258
Home remedies for monthly periods pain
ඔසප් වීම කියන්නේ කාන්තාවකගේ ශරීරයේ තිබෙන ඩිම්බයක් සංසේචනය වීම නැතිනම් ශරීරයෙන් පිටවීමට අදාළ ක්‍රියාවලියයි. මේ දින වලදී හෝමෝන මට්ටම ඉහළ යන අතර මෙම හෝමෝන ඔයාගේ මනෝභාවයට හා ශක්ති මට්ටමට බලපානවා. සාමාන්‍යයෙන් සෑම දින 28 කටම පසු බඩේ වේදනාවක්, කොන්ද කැක්කුමක් සමග කකුල් කැක්කුමක් ඇති වෙනවා. මේ විදිහට හැම මාසයකම දරා ගන්න බැරි වේදනාවක් ඇති වීම කාන්තාවන්ට මානසික කරදරයක්. ඉතිං අද හැඩකාරී අපි ඔයාට ඔසප් වේදනාව සමනය කිරීමට සරල පිළියම් කිහිපයක් ගැනයි කියන්න හිතුවේ.

වේදනාවට හේතු
ගර්භාෂයේ ඇති මාංශ පේශි හැකිලෙන විට ඔසප් වීම සිදු වෙනවා. ගර්භාෂය හැකිලෙන විට, රුධිර නාල වලට එරෙහිව පීඩනය යෙදිය හැකි අතර එමඟින් ඒවා මිරිකීමෙන් ඔක්සිජන් සැපයුම අඩාල කරනවා. වේදනාව හා කැක්කුම ඇතිවීමට හේතුව මෙයයි. මෙම සිදුවීම අතරතුර, ශරීරය වේදනාකාරී රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. ටිකෙන් ටික මෙම රසායනික ද්‍රව්‍ය ඔක්කාරය, කෑම අරුචිය සහ හිසරදය ඇති කරනවා.

බොහෝ කාන්තාවන් මෙම කාල සීමාව ළඟා වෙත්ම යම් රෝග ලක්ෂණ අත්විඳිනවා. මේවාට මනෝභාවය වෙනස්වීම්, හැසිරීම් වෙනස්වීම් සහ ශාරීරික අපහසුතා ඇතුළත් වනවා.

මනෝභාවය සහ චර්යාත්මක වෙනස්කම්:
1: කාන්තාවකට වැඩි කෝපයක්, තදබල මානසික අවපීඩනයක් හෝ කනස්සල්ලක් දැනිය හැක
2: සමහර කාන්තාවන්ට චිත්තවේගීය හැඟීම් අධික​ව ඇති වීමට වැඩි ඉඩක් තිබිය හැක - උදා - අඬන්න සිතීම, ආත්ම අභිමානය දුර්වල වීම, කෝප වීම හෝ මනෝභාවය වෙනස් වීම
3: අමතක වීම හෝ හුදෙකලා බවක් දැනීම
4: මෙම කාලය තුළ ලිංගික උනන්දුව හා ආශාව අඩුවීම
5: ඔසප් වීම ආරම්භ වීමට පෙර සිටම කාන්තාවන්ට ආහාර සම්බන්ධ ආශාවන් ස​හ කෑම රුචිය වැඩි විය හැක
6: වෙනදාට වඩා වෙහෙසට පත්වන බැවින් නින්දටද බාධා ඇති වෙන්න පුළුවන්

මෙම කාල සීමාව තුළදී වේදනාව දරාගත නොහැකි නම්, යම් සහනයක් ලබා ගැනීමට සරල පිළියම් කිහිපයක් මෙන්න..

1. පැරසිටමෝල් වැනි වේදනා නාශක හෝ ibuprofen සහ codeine  වැනි වේදනා නාශක කෙටිකාලීන භාවිතය සඳහා සුදුසු වන අතර ඔසප් වීමේදී හිසරදය, බඩේ කැක්කුම සහ පිටුපස වේදනාව අඩු කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා.

02. මේ කාලය තුළ උදරයට උණුසුම ලබාදීමෙන් මාංශ පේශි ලිහිල් කිරීමට සහ වේදනාකාරී කැක්කුම අඩු කිරීමට උපකාරී වෙනවා. උණුසුම්ව ස්නානය කිරීමෙන් හෝ උණු වතුර බෝතලයක් භාවිතා කිරීමෙන් මෙය කළ හැක.

03. ඔයාගේ බඩ වටා ලැවෙන්ඩර් තෙල් හෝ තල තෙල් ආලේප කිරීමෙන් කැක්කුම සමනය කිරීමට උපකාරී වෙනවා. මෙහි linoleic  අම්ලය බහුල බැවින් කැක්කුම සමනය කරන ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.

04. ගැහැණු හෝමෝනවල සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහදුරු භාවිතා කළ හැකි අතර එය ඔසප් වීම හා සම්බන්ධ වේදනාවන් සමනය කරනවා. මහදුරු ආහාර දිරවීම පහසු කරන අතර බඩ පිපුමත් වලකනවා. සාමාන්‍ය උණුසුම් වතුර කෝප්පයකට මහදුරු තේ හැන්දක් දමා විනාඩි 5ක් පමණ තබා පෙරා උණුසුම්ව බොන්න.

05. කුරුඳු වල වේදනා නාශක සහ විෂබීජ නාශක ගුණ ඇති අතර එමගින් කැක්කුම සමනය කිරීමට උපකාරී වනවා. එය කාන්තාවන් මුහුණ දෙන වඩාත් සුලභ ප්‍රශ්නයකට විසඳුමක්. මෙහි කැල්සියම්, මැන්ගනීස් සහ යකඩ​ද අඩංගු වන අතර ආහාර ජීර්ණයට සහ රුධිරයේ සීනි පාලනය කිරීමටද හොඳයි.

06. නිවිති කියන්නේ මැග්නීසියම් බහුල ආහාරයක්. නිවිති මේ කාලයේදී ඔබට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා දෙනවා පමණක් නෙවෙයි මස් පිඩු පෙරලීම වැනි වේදනාකාරී තත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරනවා.

07. ඉඟුරු තේ එකට මී පැණි එකතු කර පානය කිරීම මාංශ පේශි කැක්කුම සමනය කිරීමට සහ කාංසාව සහ නුරුස්නා ගතියට තුඩු දෙන ආතතිය අඩු කිරීමට සුදුසුයි. ඉඟුරු-මී පැණි තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔක්කාරය හා ඉදිමීම සමනය කරයි.

08. කෙසෙල් ව​ල විටමින් බී 6, මැග්නීසියම් සහ පොටෑසියම් බහුල වන අතර මෙම වේදනාකාරී දවස් සඳහා කදිම ආහාරයක්.

09. ආමන්ඩ් මගින් ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් හා තන්තු ලබා ගැනීම උපකා​ර වන අතර, මෙමගින් ආර්තව ලක්ෂණ පෙන්වන කාලය තුල හෝ ආර්තව කාලය තුල වැඩිපුර ආහාර ගැනීම වලක්වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1655 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:59:37 AM
Script:/article/1655/home-remedies-for-monthly-periods-pain.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:59:37 AM
Script:/article/1655/home-remedies-for-monthly-periods-pain.html