ගැබ් ගැනීමට හිතන කාන්තාවන්ගේ සරුබව වැඩි කරන ස්වාභාවික ක්‍රම 5ක්

June 21, 2020
6,938
Natural ways to boost to get pregnant
දරුවෙකු ලැබීමට තීරණය කිරීමෙන් ඔයාගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වෙනවා. ගමන ටිකක් දුෂ්කර වුණත් ඇතැම් සාධක ඔයා පාලනය කර ගන්න ඕනේ. කොහොම වුණත් ප්‍රතිකාර ලබා නොගෙන ස්වභාවිකව ක්‍රම මගින් සාරවත් බව ඉහළ නැංවිය හැකි ආරක්ෂිත ක්‍රම කිහිපයක් තිබෙනවා. ඔයාගේ ජීවිතයේ මෙම සුළු වෙනස්කම් සිදු කිරීමෙන් ඔයාගේ සරුබව​ට බලපෑමක් ඇති කළ හැකියි. ඔයා ගැබ් ගැනීමට කැමැත්තෙන් ඉන්නවා නම් මේ ලිපිය ඔයාට හුඟාක් වැදගත් වේවි.  

පළමුවෙන්ම, ඔයාගේ ඔසප් චක්‍රය සටහන් කර​ගන්න
ගැබ් ගැනීමට උත්සාහ කිරීමට පෙර දැනුවත්ව වෙන්න ඕනේ ප්‍රධාන කාරණයක් හැටිය​ට ඔසප් චක්‍රයද ඇතුළත් වෙනවා. ඔසප් වීම සාමාන්‍ය විදියට සිදුවන සෑම කාන්තාවකටම දින 5-7ක කාලයක සරු කාලයක් පවතිනවා. මේ දිනවල කාන්තාවන් වඩාත් සාරවත් බැවින් පිළිසිඳ ගැනීමට වඩාත් සුදුසුයි. ලිංගිකව එක්විය යුත්තේ කවදාදැයි සැලසුම් කිරීම සඳහා කාන්තාවන් තමන්ගේ ඔසප් චක්‍රය සැම මසකම කල්තියාම සටහන් කිරීම ආරම්භ කරන්න ඕනේ. මේ සඳහා සුදුසු ඇප් වර්ග බොහෝමයක් ඔබට දුරකථනයට දාගන්න පුළුවන්. ඔසප් වන දිනය සහ ඔසප් අවසන් වන දිනය ඇතුලත් කළ පසු සරුබාවය පවතින දින ගණන පහසුවෙන්ම බලාගන්න පුළුවන්.

ව්‍යායාම සදහා ප්‍රමුඛතාවයක් ලබා දෙන්න
ව්‍යායාමයේ ඇති වාසි නිරෝගීව සිටීම පමණක් නෙමෙයි. ශාරීරිකව ක්‍රියාශීලීව සිටීම මගින් ඔයාගේ ප්‍රජනන චක්‍රයටද වාසි ගෙන දෙනවා. එමගින් ශරීරයේ බර යහපත්​ව පවත්වා ගෙන යා හැකි අතර මානසික ආතතිය වඩා හොඳින් පාලනය කර, රුධිර පීඩනය සාමාන්‍ය ක​ර ස්වාභාවිකවම සාරවත්බව වැඩි කරයි. ශරීර බර පාලනය නොකළහොත් ඩිම්බකෝෂයට බලපෑම් කළ හැක. ඒ නිසා ඔයා දවසට මිනිත්තු 30-45 අතර කාලයක් ව්‍යායාම කරන්න. මෙය හොඳ පුරුද්දකි.

ආහාර ගැන සැලකිලිමත් වන්න
සාරවත්බව පවත්වා ගෙන යාම සඳහා ආහාර හා ජීවන රටාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ප්‍රතිඔක්සිකාරක වලින් පිරුණු ආහාර වේලක් ගැනීම, කැෆේන්, ඇල්කොහොල් සහ දුම්කොළ වැනි දේ අත් හැරීම ආදී පියවර ගන්​න. මේ වෙනස්කම් නිසා ඔයාට ගැබ් ගැනීමට ටිකක් පහසු වන අතර ශරීරයද වඩා සෞඛ්‍ය සම්පන්න කරයි. සරුබව වැඩිකරන සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තුළ ශරීරයට හිතකර මේදය සහ ඛනිජ ලවණ​ද අඩංගු වෙන්න ඕනේ. 

ඔයා ගැන පරීක්ෂා කර බලන්න
කුඩා දරුවෙකු ඔයාගේ ලෝකයට පිළිගැනීමට තීරණය කිරීමට පෙර, දරුවට සංකූලතා වලින් තොර ජීවිතයක් ලබා දීමට ඔයාට හැකියාව ඇති බව සහතික කර ගන්න. මෙය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ නිරන්තර පරීක්ෂාවන් කර අවදානම් මඟහරවා ගැනීමයි. ඔයාට අභ්‍යන්තර පවතින වෛද්‍ය ගැටලු තිබේ නම්, පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීමට පෙර ඒවා පාලනය කර තබා ගැනීමට වග බලා ගන්න. එමෙන්ම වෙනත් නිදන්ගත සෞඛ්‍ය ගැටලු ද පරීක්ෂාවට ලක් කරන්න ඕනේ.

ආතතිය ඇතිවීමට පෙර වේගය අඩු කරන්න
ඔයාගේ සාරවත්බව සඳහා ආතතිය බලපානවා. ඔයා ආතතියට පත්වන විට, ඔයාගේ ශරීරය වැඩි පීඩනයක් ලබා ගන්නා අතර එමගින් ප්‍රජනක හෝමෝන වලට සෘජුවම හානි කරනවා. එය සාරවත්බව කෙරෙහි බලපෑම් ඇති කළ හැකි අතර මෙය විශේෂයෙන් කාන්තාවන්ට බලපානවා.

ඔයා දරුවන් බිහි කිරීමට පෙර විවේකය, ප්‍රසව සම්බාහනය, යෝග වල නිරත වෙන්න. නැති නම් ඔයා​ට සැනසිල්ල ගෙන දෙන ඕනෑම දෙයක් කරන්න. ගර්භණී සමයේදී ඇතිවන බොහෝ වෙනස්කම් සමඟ සාර්ථකව කටයුතු කිරීමටද මෙවැනි දේ උපකාරී වෙනවා

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,782
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,706
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed