කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

July 2, 2020
16,756
Are you sleepy always? It can be a sign if a problem in your body!
ඔයාට වෙහෙසක් දැනෙන විට පැය 9 ක පමණ නින්දක් අවශ්‍ය වෙනවා. ඔයා අනපේක්ෂිත ස්ථානවල සහ අනපේක්ෂිත වේලාවන්හි නින්දට වැටී ඇත්නම්, එය ඔබ සෞඛ්‍ය ගැටළුවකින් පෙළෙන බවට ලකුණක් විය හැකියි. ඔයාගේ අධික නින්දේ ගැටලුවට හේතුව ගැන ගැඹුරින් සොයා බැලීම අත්‍යවශ්‍ය වන්නේ එනිසයි. කිසිම අවස්ථාවකදී, පමණට වඩා නින්දයෑම ගැන නොසලකා හරින්න එපා. බොහෝ දෙනා සිතන්නේ මහන්සිය නිසා වැඩි වෙලාවක් නින්ද යනවා කියලයි. නමුත් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් සමහර නරක අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. 

ඔයා දිනකට පැය කීයක් නිදාගන්නවාද? ඔයාගේ අධික නින්දට හේතුවන සෞඛ්‍ය තත්ත්වයන් දන්නවද? පැය 12 ක නින්දකින් පසුව පවා අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා. 

ඔයා hypersomnia (හයිපර්සොම්නියා) රෝගයෙන් පෙළෙනවා විය හැක
hypersomnia කියන්නේ රාත්‍රී හෝ දිවා කාලයේ නින්ද වැඩි කරවන ප්‍රසිද්ධ තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වය නිසා ඔයාට දිවා කාලයේද නිදිමත අත්විඳිය හැක. මෙම තත්ත්වයේදී ඔයා රිය පැදවීමේදී හෝ රැකියාවෙහි යෙදී සිටියදී පවා නින්දට වැටෙනවා. නිර්දේශිත ප්‍රමාණයට වඩා නින්ද ලබා සිටියදී පවා ඔයාට වෙහෙසක් දැනෙන්න පුළුවන්.

ඔයා මානසික අවපීඩනයට පත්වි තිබෙනවා විය හැක
සමහර වැඩිහිටියන් මානසික අවපීඩනය නිසා නින්ද නොයාමේ තත්ත්වයක් අත්විඳින අතර ළමුන් හා යෞවනයන් මෙම තත්ත්වයේදී පමණට වඩා අධික නින්දක් අත්විඳිති. ඔයා අධික ලෙස නිදාගැනීම නොසලකා හැරිය යුතු ලකුණක් නෙමෙයි.

ඔයාගේ හදවත එයට හේතුව විය හැක
ඔයා හෘදයාබාධයකින් පෙළෙන බවට ඇති එක් ලකුණක් වන්නේ අධික ලෙස නිදා ගැනීමයි. දිවා කාලයේ නිදිමතද මෙයට ඇතුළත් වෙනවා. මෙසේ දිවා කාලයේදී නිදිමත වීමට හේතුව අධික ලෙස කාර්යාල වැඩ කර තිබීමම නොවන්න පුළුවන්. ඔයාගේ නින්ද පිළිබඳ ගැටලුව හෘදයාබාධ හා සම්බන්ධ විය හැකි නම් එය වෙන්කර හඳුනා ගැනීම පහසු නැත. මාස 6කට සැරයක් වත් ඔබ හෘද පරීක්ෂණයක් කරන්න.

තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කරන්න
නින්දට බලපාන තයිරොයිඩ් ගැටළු 2 ක් ඇත. එයින් එකක් අධික ලෙස නිදා ගැනීමට හෝ නිතරම වෙහෙසට පත්වීමක් හැඟීමට හේතු වෙයි.  Hypothyroidism තත්ත්වය නිසා දිනකට පැය 10 කට වඩා නිදා ගැනීමට සහ දිවා කාලයේ තෙහෙට්ටුව සහ නිදිමත වීමට හේතු වෙනවා. ඔයා වෙනත් සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳින්නේ නැති නමුත් නිර්දේශිත පැය ගණනට වඩා නිදාගෙන සිටින්නේ නම්, තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කිරීම නුවණට හුරුයි.

ඔයා රාත්‍රියට පැය 6 කට වඩා අඩු කාලයක් නිදාගෙන සිටී
ඔව්, නිසි කලට නිසි ලෙස (විශේෂයෙන්ම රාත්‍රියේදී) නින්දක් නොලැබීම මගින් අධික ලෙස නිදාගැනීමේ ගැටළු ඇති කළ හැක. ඒ නිසා නිදාගැනීමේ කාලයේදී සන්සුන්ව, විවේකීව හිඳ එය ලබාගන්න ඕනේ. 

නින්දේදී ශ්වසනයට බාධා වීම නිසා නින්දට බාධා ඇති විය හැක
නින්දේදී ශ්වසනයට බාධා වීම (sleep apnea තත්ත්වය) නිසා රාත්‍රිය පුරාවට නිනදට බාධා ඇති විය හැක. මේ නිසා  දිවා කාලයේ නිදිමතද ඇති වේ. ඔයාට ඕනෑම තැනකම සහ ඕනෑම වේලාවක නින්දට යන්න තරම් නිදිමතක් මෙනිසා ඇති විය හැකිය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1674 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:49:46 PM
Script:/article/1674/are-you-sleepy-always-it-can-be-a-sign-if-a-problem-in-your-body.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:49:46 PM
Script:/article/1674/are-you-sleepy-always-it-can-be-a-sign-if-a-problem-in-your-body.html