මේ දවස්වල පාර තොට යන එන ඔබට සුලබව දකින්න ලැබෙන පළතුරක් විදිහට දූරියන් හදුන්වන්න පුලුවනි. ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් බොම්බෙකාසියේ කුලයට අයත් වේ.
ශ්‍රි ලංකාවට මෙම පළතුර බුරුමයෙන් ලැබුන අතර එරට උච්චාරනයට අනුව “ටුරියන්” යන්න පසුකාලිනව “ඩුරියන් ” ලෙසින් ව්‍යවහාරව ඇත. මලයාසියානුවන් කටුව යන්න “ඩුරි” ලෙස හඳුන්වන ලද අතර ඒ නිසා මෙම පළතුරෙහි නිජබිම මලයාසියාව බවට තහවුරු කිරිම සාධාරණ බව උද්භිද විද්‍යාඥයන්ගේ අදහසයි. නිවර්තන කලාපයන්හි මෙම ශාඛයේ වර්ධනයට අවශ්‍ය හිතකර දේශගුනයක් පවති. ගෙන්දගම් මිශ්‍ර තෙත පස වගාවට යෝග්‍ය අතර අධික ශීතල දේශගුණය වගාවට හිතකර නොවේ. මෙම පත්‍ර දිලිසෙන සුළුය. අණ්ඩාකාර හැඩයෙන් යුක්ත පත්‍රයේ උඩ පැත්ත කොළ පැහැති අතර යටි පෙදෙස තඹ පැහැතිය. මිලිමිටර් 6-8 අතරක් වූ දල්ල සම්පුර්ණයෙන්ම තඹ පැහැති අතර අග උල්ව පිහිටා ඇත.
දූරියන්වල පෝෂණ ග්‍රෑම් 100ක සංයුතිය -
ජලය ග්‍රෑම් 58
ශක්තිය කැලරි 183
ප්‍රෝටින් මිලිග්‍රෑම් 2.8
මේද ග්‍රෑම් 3.9
කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 34.1
කැල්සියම් මිලිග්‍රෑම් 10
පොස්පරස් මිලිග්‍රෑම් 50
යකඩ මිලිග්‍රෑම් 1
දූරියන් රෝපනය බිජ මගින් ව්‍යාප්ත වේ බිජයක ප්‍රාණවත් කාලය ඉතා කෙටි වුනත් දර සහ අඟුරු මත තබා ගෙන මාස තුනක පමණ කාලයක් තබා ගත හැකි බව අධ්‍යනයයන් මගින් සනාථව ඇත. ශාඛයක මිටර් 30 සිට 35 අතර වේ. සෘජු කඳක් සහිත වුනත් අතු සිමිත බැවින් ගසට නැගීම අපහසුය. ඵල දැරිමට වර 10 ක් පමණ කාලයක් ගෙවුනත් මෙම ඵල ඉහළ මිළකට අලෙවි වෙන බැවින් ආදායම් උපදවා ගත හැකි පළතුරකි.
මාර්තු- අප්‍රේල් මාසවලදි මල් හට ගනී. ලා කහ පැහැති මල පෙති පහකින් යුක්තය. ජුලි සැප්තැම්බර් මාස වෙන විට පැසෙන ගෙඩි ඉදෙන අවස්ථාවේදි මහත් දුර්ගන්ධයකින් යුක්ත වේ. මේ නිසා පැසෙන ගෙඩි ඉදෙන්නට පෙරාතුව නෙලා ගනු ලබයි.
දූරියන් ගෙඩියක් කිලෝග්‍රෑම් තුනක පමණ බරකින් යුක්තය. පිටත වු ආවරණය සෙ.මි 2 ක් පමණ වේ. තියුණු කටු නිසා ඇතුලත මාංසලයට හානියක් සිදු නොවේ. සුදු පැහැති මදුලු ගතියෙන් යුක්ත අතර එක් කාමරයක මදුලු දෙක තුනක් පමණ ඇති අතර ඇට එම මදුලු ඇතුලත ඇත. ඉදුන දුරියන් ඇට ව්‍යංජනයක් ලෙස සහ පානයක් ලෙස යොදා ගැනිමෙන් වාජිකරණ ශක්තිය උත්තේජනය වේ. ඉන්දුනිසියානු වැසියන් ඩුරියන් පළතුරෙහි අඩංගු කාමෝද්දීපන ගුණය බෙහෙවින් හඳුනන්නෝ වෙති.
ඔවුන්ගේ ජනවහරට අනුව දුරියන් බිම වැටෙන විට සරම ඉහළට ඉසවෙනු ඇත.. “durian jatuh sarung naik” මෙහි අන්තර් කාමෝද්දිපන ශක්තිය ඔවුන් ව්‍යංගාර්ථයෙන් එසේ සඳහන් කර ඇත.
මෙම ඇට රාත්‍රියක් ඇල් දියේ බහා තබා පසුදින පානය කිරිමෙන් පුරුෂ ශක්තිය උත්තේජනය වේ. මෙම පානය මුත්‍රා රෝගයන්ටද ගුණ දායක වේ මලයාසියානු ජනතාව උණ රෝගයට ප්‍රතිකාර ලෙස පත්‍ර යුෂ හිස ආලේප කරන අතර මුල් තම්බා කසාය ලෙස පානය කරති. 1920 වසරේ නිව්යෝක් නගරයේ Durion fruit ආයතනය විසින් Dur-India නමින් අතිරේක ආහාර සහ පෝෂණ මාත්‍රාවක් නිකුත් කරන ලදි මෙය ඉතා ජනප්‍රිය විටමින් “E” ආදේශකයක් විය. අධික උෂ්ණත්වයක් ඇති ශරිරි ඇත්තන්ටත් ඩුරියන් ගූන දායකයි.
දූරියන් සමග කෝපි සහ මද්‍යසාර පානය කිරිමෙන් වලකින ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.1929 වසරේ ජේ. ජිමිලට් විසින් සඳහන් කළ අන්දමට ඩුරියන් සමග බ්‍රැන්ඩි පානයත් ජිරණය සහ ප්‍රාශ්වාස වාතය දුර්ගන්ධයට ට හේතු වේ. මෙම පළතුරේ ඉහළ සල්ෆ්ර් සංයුතියක් අන්තර්ගත නිසා සිරුරේ විෂ නැසිමේ ශක්තිය දුර්වල කරන බව University of Tsukuba ටුස්කුබා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දි ඇත.
දූරියන් පලතුර වෙතින් වහනය වෙන අපුල ගන්ධය පළතුර රස දන්නා අයට මිහිරි වුනත් රස නොදන්නා අයට පිලිකුල් සහිත බව ඉංග්‍රිසි ජාතික සංචාරක සර් හෙන්ර් ජුල් සඳහන් කරයි. ඔහු සඳහන් කරන අන්දමට පළතුරු ලෝකයේ අග රජු ඩුරියන්ය. මෙම ගන්ධය නිසා බටහිර ජාතිකයන් අතර එතරම් ජනප්‍රිය නොවුනත් මලයා දුපත්වැසියන්ගේ ප්‍රධාන ආහාරය ලෙස ඩුරියන් සලකනු ලැබේ. බෝර්නියෝ ජාතිකයන් අවාරයේදි පරිභෝජනය පිණිස මෙම පළතුර ලුණු මිශ්‍ර කර බෝතල්වල අසුරා ගනිති.
එක් බුරුම අධිරාජ්‍යයෙක් දුරියන් රසට කෙතරම් ආකර්ශනය වුයේද යත් මෙම වගාව පැවැති ගම්මානයකට මහත් පඬුරු ප්‍රදානය කළ අතර රජතුමා මෙම ගම්මානයෙන් බලාපොරොත්තු වුයේ දුරියන් පමණි.
මලයානු වැසියන් දුරියන් යොදා ගෙන බිස්කට්, අයිස්ක්‍රිම් කිරි බිම වර්ග, කේක්, යුලොග් වැනි රසකැවිලි නිපදවනු ලැබේ.ඉන්දුනිසියානුවන් පොල් කිරි සමග ඩුරියන් වාෂ්පෙන් තම්බා ගනි. රතු මද සහිත ඩුරියන් මාලු සමග එක් කර සුප් පිලියෙල කර ගන්නා අතර සුමාත්‍රා වැසියන් පේස්ට්‍රිර වර්ග පිලියෙල කිරිමේදි පිරවුම ලෙස ඩුරියන් යොදා ගනි. වියලා ගත් මද බැද ගෙන චිප්ස් පිලියෙල කර ගන්නා අතර සුමාත්‍රා වැසියන් ව්‍යංජන සහ සම්බෝල ලෙසින්ද දූරියන් භාවිතා කරනු ලැබේ.
එන්.ඒ.පි.සි