ඔබේ හෝමෝන සමතුලිත කිරීමට ආහාර පිළියම්

July 16, 2020
5,579
Solutions to balance hormone level in your body
එදිනෙදා ජීවිතයේ කාර්යබහුල තත්ත්වය නිසා අපේ ශරීර අභ්‍යන්තරයේ නොපෙනෙන බොහෝ දේ සිදුවනවා. විශේෂයෙන් ඔයාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන්. හෝමෝන අසමතුලිතතාවය නිසා බොහෝ කාන්තාවන්ට කුරුලෑ, අනවශ්‍ය රෝම හෝ හදිසි බර වැඩිවීම වැනි රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. නියමිත වේලාවට ප්‍රතිකාර නොකිරීම නිසා සුවකළ නොහැකි තත්වයටපත් විය හැකියි. ඔයාට හෝමෝන අසමතුලිතතාවයක ලක්ෂණ මතු වී තිබේ නම් හෝ එසේ නොවීමට වග බලා ගැනීමට නම් සහ ආහාර භාවිතයෙන් ඔබේ හෝමෝන මට්ටම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය නම්, මෙම ලිපිය ඔයාට උදව් වේවි. 

හෝමෝන අසමතුලිතතාවයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම ආහාර සහ ඖෂධ දෛනික ආහාර වේලට ඇතුළත් කර ගන්න.

පොල් තෙල්

පොල්තෙල් සමස්ත සෞඛ්‍යයටද අතිශයින්ම ප්‍රයෝජනවත් වන අතර එය පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කිරීමෙන් බර අඩු කර ගැනීමට සහ ආතතිය අඩු කිරීමට උදවු වෙයි.

අවශ්‍ය වන්නේ 
100%යක් පිරිසිදු පොල්තෙල් මේස හැඳි 1-2 (වර්ජින් කොකනට් ඔයිල්)
කළ යුතු දේ
පොල්තෙල් මේස හැඳි 1 හෝ 2ක් පරිභෝජනයට ගන්නවා නම් හොඳයි. සලාදයකට හෝ ආහාර පිසීමේදී පොල්තෙල් එකතු කර ගන්න පුළුවන්. ඔයාට මෙය දිනකට 2 - 3 වරක් කළ හැක.

අලිගැට පේර

අලිගැට පේර කියන්නේ අසංතෘප්ත, බහු අසංතෘප්ත මේද සහ සංතෘප්ත මේද අම්ල වලින් පොහොසත් ප්‍රභවයකි. මෙම මේද අම්ල ප්‍රදාහය සමනය කරන ගුණ ඇති අතර එය හෝමෝන අසමතුලිතතාවයට ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා. අලිගැට පේර නිතිපතා ආහාරයට ගැනීමෙන් හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතර හොඳ සෞඛ්‍යයක් සඳහා අවශ්‍ය තන්තු හා පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණවත් ලෙස සැපයයි. හෝමෝන අසමතුලිතතාවය හේතුවෙන් බර වැඩිවීම අඩු කිරීමටද එය උපකාරී වේවි.

අවශ්‍ය වන්නේ 
අලිගැට පේර 1 යි
කළ යුතු දේ
පළමුවෙන්ම අලිගැට පේර මදය කුඩා කැබලි වලට කපා ඔයාගේ ප්‍රියතම සලාදයට එක් කර රස බලන්න. මෙය දිනපතා පරිභෝජනය කළ හැක.

යෝගට්

යෝගට් කියන්නේ ප්‍රෝබයෝටික් බහුල ආහාරයක්. මෙය ඔයාගේ බඩවැල් අලුත්වැඩියා කිරීමට සහ හෝමෝන සමතුලිත කිරීමට උපකාරී වෙනවා. ප්‍රෝබයෝටික්, ශරීරය නිසි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා වර්ගයක්. මේ බැක්ටීරියා වල අඩුකම ආහාර දිරවීමේ ගැටළු සහ ප්‍රදාහය ඇති කළ හැකි අතර එය හෝමෝන අසමතුලිතතාවයට ද හේතු වෙයි.

අවශ්‍ය වන්නේ 
සරල පැණිරස නොකළ යෝගට් බඳුනක්
කළ යුතු දේ
ස්වාභාවික ප්‍රෝබයෝටික් අඩංගු බවට සහතික වූ සරල යෝගට් කෝප්පයක් පරිභෝජනය කරන්න. මෙය දිනකට දෙවතාවක් ආහාරයට ගන්න.

ඔමේගා-3 මේද අම්ල

ඔමේගා-3 මේද අම්ල වලට ප්‍රදාහය සමනය කර හෝමෝන මට්ටම සමබරව තබා ගැනීමට හැකියාව තියෙනවා. මෙම මේද අම්ල හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන ප්‍රදාහය අඩු කරනවා පමණක් නොව, ආතතිය හා කාංසාව සමනය කිරීමටද උපකාරී වෙනවා.

අවශ්‍ය වන්නේ 
ඔමේගා-3 මේද අම්ල  250-500mg අතිරේක
කළ යුතු දේ
දිනකට ඔමේගා-3 මේද අම්ල 250-500mg පරිභෝජනය කරන්නේ නැති නම් ඔයා සැමන් සහ සාඩින් වැනි මේදය බහුල මාළු වර්ග ආහාරයට ගත හැක. මෙය දිනකට එක් වරක් පරිභෝජනය කිරීම ප්‍රමාණවත්.

විටමින් D

විටමින් D ඔයාගේ ශරීරය තුළ ඇති හෝමෝනය වලට වැදගත් පෝෂ්‍ය පදාර්ථයක්. ඔයාගේ හෝමෝන සමතුලිත කිරීම පමණක් නොව, සමස්ත ප්‍රතිශක්තිය වැඩි කරයි. 

අවශ්‍ය වන්නේ 
1000-2000 IU විටමින් D අතිරේක
කළ යුතු දේ
දිනකට විටමින් D 1000-2000 IU පමණ පරිභෝජනය කළ යුතුයි. ඒ නිසා බිත්තර, මාළු, හතු ආදිය ආහාරයට ගැනීමෙන් විටමින් D ශරීරයට ලබා ගන්න පුළුවන්. මෙය දිනපතා පරිභෝජනය කරන්න ඕනේ.

විටමින් C

විටමින් C  ආතතිය පාලනය කරන වගේම අපිට ජීවත් වීමට අත්‍යවශ්‍ය හෝමෝන නිපදවන්න උපකාරී වෙනවා.

අවශ්‍ය වන්නේ 
250-500mg විටමින් C 
කළ යුතු දේ
දිනකට විටමින් C  250 සිට 500 mg දක්වා පරිභෝජනය කරන්න. පැඟිරි පලතුරු සහ කොළ පැහැති එළවළු වැනි විටමින් C බහුල ආහාර අනුභව කරන්න. නැතහොත් ඒ සඳහා අතිරේක ලබා ගන්න. අතිරේක ලබා ගැනීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න. හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විටමින් C ඔයාගේ දෛනික ආහාර වේලට ඇතුළත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,840
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,027
   36

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,631
   29

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,084
   22

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,031
   21

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed