ඔබේ හෝමෝන සමතුලිත කිරීමට ආහාර පිළියම්

July 16, 2020
6,807
Solutions to balance hormone level in your body
එදිනෙදා ජීවිතයේ කාර්යබහුල තත්ත්වය නිසා අපේ ශරීර අභ්‍යන්තරයේ නොපෙනෙන බොහෝ දේ සිදුවනවා. විශේෂයෙන් ඔයාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන්. හෝමෝන අසමතුලිතතාවය නිසා බොහෝ කාන්තාවන්ට කුරුලෑ, අනවශ්‍ය රෝම හෝ හදිසි බර වැඩිවීම වැනි රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. නියමිත වේලාවට ප්‍රතිකාර නොකිරීම නිසා සුවකළ නොහැකි තත්වයටපත් විය හැකියි. ඔයාට හෝමෝන අසමතුලිතතාවයක ලක්ෂණ මතු වී තිබේ නම් හෝ එසේ නොවීමට වග බලා ගැනීමට නම් සහ ආහාර භාවිතයෙන් ඔබේ හෝමෝන මට්ටම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය නම්, මෙම ලිපිය ඔයාට උදව් වේවි. 

හෝමෝන අසමතුලිතතාවයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම ආහාර සහ ඖෂධ දෛනික ආහාර වේලට ඇතුළත් කර ගන්න.

පොල් තෙල්

පොල්තෙල් සමස්ත සෞඛ්‍යයටද අතිශයින්ම ප්‍රයෝජනවත් වන අතර එය පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කිරීමෙන් බර අඩු කර ගැනීමට සහ ආතතිය අඩු කිරීමට උදවු වෙයි.

අවශ්‍ය වන්නේ 
100%යක් පිරිසිදු පොල්තෙල් මේස හැඳි 1-2 (වර්ජින් කොකනට් ඔයිල්)
කළ යුතු දේ
පොල්තෙල් මේස හැඳි 1 හෝ 2ක් පරිභෝජනයට ගන්නවා නම් හොඳයි. සලාදයකට හෝ ආහාර පිසීමේදී පොල්තෙල් එකතු කර ගන්න පුළුවන්. ඔයාට මෙය දිනකට 2 - 3 වරක් කළ හැක.

අලිගැට පේර

අලිගැට පේර කියන්නේ අසංතෘප්ත, බහු අසංතෘප්ත මේද සහ සංතෘප්ත මේද අම්ල වලින් පොහොසත් ප්‍රභවයකි. මෙම මේද අම්ල ප්‍රදාහය සමනය කරන ගුණ ඇති අතර එය හෝමෝන අසමතුලිතතාවයට ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා. අලිගැට පේර නිතිපතා ආහාරයට ගැනීමෙන් හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතර හොඳ සෞඛ්‍යයක් සඳහා අවශ්‍ය තන්තු හා පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණවත් ලෙස සැපයයි. හෝමෝන අසමතුලිතතාවය හේතුවෙන් බර වැඩිවීම අඩු කිරීමටද එය උපකාරී වේවි.

අවශ්‍ය වන්නේ 
අලිගැට පේර 1 යි
කළ යුතු දේ
පළමුවෙන්ම අලිගැට පේර මදය කුඩා කැබලි වලට කපා ඔයාගේ ප්‍රියතම සලාදයට එක් කර රස බලන්න. මෙය දිනපතා පරිභෝජනය කළ හැක.

යෝගට්

යෝගට් කියන්නේ ප්‍රෝබයෝටික් බහුල ආහාරයක්. මෙය ඔයාගේ බඩවැල් අලුත්වැඩියා කිරීමට සහ හෝමෝන සමතුලිත කිරීමට උපකාරී වෙනවා. ප්‍රෝබයෝටික්, ශරීරය නිසි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා වර්ගයක්. මේ බැක්ටීරියා වල අඩුකම ආහාර දිරවීමේ ගැටළු සහ ප්‍රදාහය ඇති කළ හැකි අතර එය හෝමෝන අසමතුලිතතාවයට ද හේතු වෙයි.

අවශ්‍ය වන්නේ 
සරල පැණිරස නොකළ යෝගට් බඳුනක්
කළ යුතු දේ
ස්වාභාවික ප්‍රෝබයෝටික් අඩංගු බවට සහතික වූ සරල යෝගට් කෝප්පයක් පරිභෝජනය කරන්න. මෙය දිනකට දෙවතාවක් ආහාරයට ගන්න.

ඔමේගා-3 මේද අම්ල

ඔමේගා-3 මේද අම්ල වලට ප්‍රදාහය සමනය කර හෝමෝන මට්ටම සමබරව තබා ගැනීමට හැකියාව තියෙනවා. මෙම මේද අම්ල හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන ප්‍රදාහය අඩු කරනවා පමණක් නොව, ආතතිය හා කාංසාව සමනය කිරීමටද උපකාරී වෙනවා.

අවශ්‍ය වන්නේ 
ඔමේගා-3 මේද අම්ල  250-500mg අතිරේක
කළ යුතු දේ
දිනකට ඔමේගා-3 මේද අම්ල 250-500mg පරිභෝජනය කරන්නේ නැති නම් ඔයා සැමන් සහ සාඩින් වැනි මේදය බහුල මාළු වර්ග ආහාරයට ගත හැක. මෙය දිනකට එක් වරක් පරිභෝජනය කිරීම ප්‍රමාණවත්.

විටමින් D

විටමින් D ඔයාගේ ශරීරය තුළ ඇති හෝමෝනය වලට වැදගත් පෝෂ්‍ය පදාර්ථයක්. ඔයාගේ හෝමෝන සමතුලිත කිරීම පමණක් නොව, සමස්ත ප්‍රතිශක්තිය වැඩි කරයි. 

අවශ්‍ය වන්නේ 
1000-2000 IU විටමින් D අතිරේක
කළ යුතු දේ
දිනකට විටමින් D 1000-2000 IU පමණ පරිභෝජනය කළ යුතුයි. ඒ නිසා බිත්තර, මාළු, හතු ආදිය ආහාරයට ගැනීමෙන් විටමින් D ශරීරයට ලබා ගන්න පුළුවන්. මෙය දිනපතා පරිභෝජනය කරන්න ඕනේ.

විටමින් C

විටමින් C  ආතතිය පාලනය කරන වගේම අපිට ජීවත් වීමට අත්‍යවශ්‍ය හෝමෝන නිපදවන්න උපකාරී වෙනවා.

අවශ්‍ය වන්නේ 
250-500mg විටමින් C 
කළ යුතු දේ
දිනකට විටමින් C  250 සිට 500 mg දක්වා පරිභෝජනය කරන්න. පැඟිරි පලතුරු සහ කොළ පැහැති එළවළු වැනි විටමින් C බහුල ආහාර අනුභව කරන්න. නැතහොත් ඒ සඳහා අතිරේක ලබා ගන්න. අතිරේක ලබා ගැනීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න. හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විටමින් C ඔයාගේ දෛනික ආහාර වේලට ඇතුළත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,246
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,994
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,413
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Kaju Dosi Recipe
   178,978
   20

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed