ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

July 23, 2020
52,140
Food to regulate your menstrual circle
නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය කියන්නේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මෙම අක්‍රමවත් කාල පරිච්ඡේදයන් කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති කරනවා. එය භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේදී ප්‍රමාද වූ ඔසප් වීම Amenorrhea ලෙස හදුන්වනවා.

ඔසප් ප්‍රමාද වීම බොහෝ කාන්තාවන්ට නිදන්ගත ගැටලුවක් විදිහටත් පවතිනවා. එහෙම වුණාම බොහෝ විට පියයුරු වල වේදනාවක් ඇති වන අතර ඔසප් ප්‍රමාදය නිසා යටිබඩ බර ගතියක් දැනෙනවා. ඒ වගේම අලස බවක් දැනෙන අතර ඔක්කාරය සමඟ පීඩා විඳින්නට පුළුවන්. කොහොම වුණත් ඔසප් වීම ප්‍රමාද වීමට විවිධ හේතු තියෙනවා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මෙම ගැටලුවට විසඳුමක් විදිහට නිවෙස් පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්නම්.

ඔයා ගෙදරදීම කරන පිළියම් වලට අමතරව ඖෂධ ගැනීමට කැමති නම් ඒ සඳහා ඔයාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. අද අපි ඔබට කියන පිළියම් භාවිතා කර ගනිමින් ඔසප් චක්‍රය විධිමත් හා යථා තත්වයට පත් කර ගැනීමට උපකාරී කරගන්න ඔබට පුලුවන්. ඔබට අනුගමනය කරන්න පුලුවන් ස්වාභාවික උපදෙස් කිහිපයක් මෙන්න.

* මිදි ද ඉතා ඵලදායී ප්‍රතිකාරයක්. දිනපතා මිදි යුෂ පානය කිරීම ඔසප් චක්‍රය විධිමත් කිරීමට උපකාරී වෙනවා. නැවුම් මිදි ආහාරයට ගැනීම ද එක සේ ප්‍රථිඵලදායකයි. නමුත් මිදි දිනකට අධික ලෙස ආහාරයට ගන්න එපා. එයින් බඩ බුරුල්වී යාම වගේ තත්ව ඇතිවෙන්න පුලුවන්.

* පාස්ලි කියන්නේ තවත් ඵලදායී ඔසු වර්ගයක්. ඔසප් වීමේ ආබාධ වළක්වා ගත හැකි වඩාත් කාර්යක්ෂම නිවෙස් පිළියම් වලින් එකක් ඒ. පාස්ලි යුෂ ඖෂධයක් ලෙස දිනපතා පානය කරන්න පුළුවන්.

* කරවිල මුල් වලින් කසායක් හදලා දිනකට එකක් හෝ දෙවරක් පානය කරන්න. 

* ඔසප් අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා මහදුරු ඇට ද බෙහෙවින් උපකාරී වෙනවා.

* කොත්තමල්ලි කොළ හෝ ඇට පානය ඔසප් වීමට බෙහෙවින් උපකාරී වෙනවා.  ඔයා එය දිනකට තුන් වරක් පානය කරන්න.

* ඔයාගේ අක්‍රමවත් ඔසප් චක්‍රය විධිමත් කිරීම සඳහා වඩාත් පොදු ක්‍රමයක් තමයි පැසුනු පැපොල් ආහාරයට ගන්න එක. 

* ඔසප් චක්‍රය උත්තේජනය කිරීම සඳහා කැරට් ද ආහාරයට එකතු කර ගන්න පුළුවන්.

* කෝමාරිකා පල්ප් එක හෝ යුෂ ආහාරයට ගන්න. ඒවා දිනපතා අරගැනීමෙන් ඔයාට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා.

මේවා ඔයාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට උපකාරී වන නිවෙස් පිළියම් කිහිපයක් පමණයි. ඉහත සඳහන් ඕනෑම පිළියමක් ඔයාට අසාත්මික නම් ඒවායින් වළකින්න. ඔසප් චක්‍රය ප්‍රමාද වීම සෞඛ්‍යයට යහපත් නොවන නිසා එය සමහර හානිකර හා භයානක රෝග වලට තුඩු දෙන්නත් පුලුවන්. මෙම නිවෙස් පිළියම් විශ්වාසදායක වන අතර ඔබේ ප්‍රමාද වූ ඔසප් වීම මඟහරවා ගැනීම සඳහා හොඳ විකල්ප ප්‍රතිකාර විදිහට ද හඳුන්වා දෙන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,002
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,985
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,505
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed