හැමදාම රණ්ඩුද? ඇයි මෙහෙම වෙන්නේ?

July 28, 2020
7,750
why husband and wife fight always?
නව යොවුන් වියේ කාටත් හොරා පටන් ගන්න, ගොඩක් ආදරවන්තයින්ගේ ආදර කතාවල අවසාන බලාපොරොත්තුව විවාහයයි. ජීවන ගමනේ ගොඩක් දුර යන්න හිතාගෙන විවාහ වුණත් ගොඩක් ආදරවන්තයින්ට එකිනෙකා අතරව පවතින අනවබෝධය නිසා සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න ලැබෙන්නේ නෑ. ආදරය කරන කාලයේදී වගේම පවුල් ජීවිතය තුළදීත් බිරිඳ හෝ සවාමීපුරුෂයා තමන්ගේ අධිපත්‍යය පතුරුවාගෙන යාමෙන් සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගන්න බැහැ. විශේෂයෙන් අද තරුණයන් වගේම තරුණියන්ද මේ වැරැද්ද කරනවා.

ආදරය කරන කාලේදි වගේම විවාහ වුණාට පස්සෙත් තමන්ගේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයට නිදහසේ හුස්ම ගන්නවත් ඉඩක් ලබා දෙන්නේ නැ. හැමදේම විනිශ්චය කරනවා. සැක කරනවා. එවිට සිදු වෙන්නේ ඔයා ගැන ඔහුට හෝ ඇයට තියෙන ආදරය, සෙනෙහස, ගෞරවය ටිකෙන් ටික දියාරු වෙලා යන එක.

අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ පවුල තුළ ඔයාගේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා නිතරම ඔයා එක්ක පැටලෙන්න උත්සාහ කරනවා නම්, නිතරම ඔයාගේ හොයන්නේ වැරද්දක් නම් ඔයාට ඔයාගේ බිරිඳ ගැන හෝ ස්වාමීපුරුෂයා ගැන අප්‍රසන්න ආකල්පයක් ඇති වෙන්න පුළුවන්. මොකද ආදරය කරනවා කියන්නේ තවත් කෙනෙක්ව බලහත්කාරකමෙන් යටහත් පහත් කරගෙන ජීවත් වෙන එක නෙමෙයි. ඔයා නොදන්නවා වෙනුවට එයින් සිදු වෙන්නේ ඔයාගේ සැමියා හෝ බිරිඳ ඔයාගෙන් ටිකෙන් ටික ඈත් වෙලා යාමයි. සමහර විට මිතුරු සම්බන්ධතාවලට යොමු වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් හිත මිතුරු සාද වලට යොමු වෙන්න පුළුවන්. අද අපි ඔයාට Hadakari වෙතින් කියන්න යන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න වගේම යහපත් බිරිඳක් විදිහට ස්වාමියාගේ ආදරය වැඩියෙන් දිනා ගන්න ඔයා මොනවද කරන්න ඕන කියලා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

අනවශ්‍ය ආකාරයට ඔයාගේ ස්වාමිපුරුෂයාව සැක කරන්න එපා

අද ගොඩක් විවාහ සම්බන්ධතා බිඳිලා යන්න බලපාන ප්‍රධාන කරුණක් තමයි සැකය. සම්බන්ධතාවකට සැකය හා අවිශ්වාසයේ හෙවණැල්ල වැටුණට පස්සේ ඒ සම්බන්ධතාව තව දුරටත් සාර්ථකව පවත්වාගෙන යන්න බැහැ. ඔයා නිතරම ඔයාගේ සැමියාව සැකයෙන් හා අවිස්වාසයෙන් දකින්න එපා. ඇත්තටම ඔයාගේ මහත්තයා වැරැද්දක් නොකරනවා වෙන්නත් පුළුවන්. ඇත්තෙන්ම ප්‍රශ්ණයක් හෝ ගැටලුවක් තියෙනවා නම් හිතෙන් වද විඳ විඳ ඉන්නේ නැතුව ගෙතුලදීම ඔහුත් එක්ක ඒ ප්‍රශ්ණය කථා කරලා විසඳ ගන්න. එතකොට ඔයාගේ සම්බන්ධතාවට හානීයක් නොවන විදිහට මේ ප්‍රශ්ණයට විසඳුම් හොයන්න පුළුවන්. ඔයාගේ ස්වාමියා වැඩ රාජකාරී කටයුතු එක්ක මුළු දවසෙම ඔට්ටු වෙලා නිවසට එනකොට ඔයා කිසිම දෙයක් හොයන්නේ නැතුව ඇඟට ගොඩ වුණොත් ඔයා ගැන තියෙන ආදරය ටිකක් නැති වෙලා යන්න වුණත් පුළුවන්. සැමවිටම සන්සුන් වෙලා සුදුසු වේලාවක සාමකාමීව ඒ ගැන කතා බහ කරලා ගැටලුව විසඳා ගන්න උත්සාහ කරන්න.

ආදරය කරදරයක් කියලා හිතන්න එපා

අද ගොඩක් පවුල්වල ස්වාමිපුරුෂයා වගේම බිරිඳත් රැකියාවක් කරනවා. ඔයා රැකියාවක් නොකළත් ගේදොර වැඩ කටයුතු හා දරුවන්ගේ වැඩකටයුතු එක්ක ඔයා වෙහෙස මහන්සියට පත් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්තම් වැඩ රාජකාරි එක්ක ඔයා තෙහෙට්ටුවට පත් වෙලා ඉන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔයාට ඔයාගේ සැමියා ආදරෙන් කතා කළත් මොනවාහිරි දෙයක් ඇහුවත් ඔයාට කේන්ති එන්න පුළුවන්. අද බොහෝ කාන්තාවන් අතින් වෙන වැරැද්දක් තමයි ස්වාමිපුරුෂයා මොනවාහරි දෙයක් ඇහුවම පිළිතුරු නොදී නිශ්ශබ්දව ඉන්න එක. ඒක ඔයා ඔයාටම කර ගන්න ලොකු වැරැද්දක්. මොනතරම් මහන්සි උනත් හදවතින් බැඳුනු ඒ බැඳීම බිඳෙන්න ඉඩ තියන්න එපා. ඒ නිසා කවදාවත් ඔයාට ආදරය කරන වේලාවට වගේම ආදරෙන් කතා කරන වේලාවට ඔහුව ප්‍රතික්ෂේප කරන්න එපා.

ඔයා අතින් සිදුවෙන අතපසුවීම් නිවැරදි කර ගන්න

කාලයක් ආදරය කරලා ඔයාලා දෙන්නා අලුතෙන් ජීවිතය පටන් ගන්නේ ලොකු ගමනක් යන්න හිතගෙන. ඒ යන ගමනේ ඔයාලා දෙන්නා අතින්ම පුංචි පුංචි අත් වැරදීම්, අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක වැදගත්ම දේ වෙන්නේ එකිනෙකාව තේරුම් ගැනීම. හැම විටම වුණු දේ ගැන දෙපාරක් හිතන්න. එහෙම නොවුණොත් පුංචි ප්‍රශ්ණයකින් දෙදෙනාගේම හිත් රිදෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අතින් සිදුවෙන පුංචි වැරැද්දට ඔහුගෙන් හෝ ඇයගෙන් සමාව ඉල්ලන්න අමතක කරන්න එපා. සිදු වුණු දේ පැහැදිළි කර එවැනි අතපසු වීම් නැවත සිදු නොවෙන බවට ඔයාගේ ස්වාමියාට පැවසීම ඉතා වැදගත්. ඔයාගේ යම් වැරැද්දක් එහෙමත් නැත්තම් අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය නැවත සිදු නොවෙන ලෙස කටයුතු කිරීම ඔයා සතු වගකීමක්. ඔහුගෙන් වරදක් සිදුවුවහොත් ඒ වරද නැවතත් නොකරන ලෙස ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න.

එකිනෙකාට ගරු කරන්න

විවාහය සීමා වෙන්නේ එහෙමත් නැත්තම් විවාහයක් පවතින්නේ කොළයක් මත ගහන අත්සන මත නෙමෙයි. කොච්චර සැලසුම් කරලා ජයට මගුල් කාලා විවාහ වුණත් වැඩක් නෑ හදවතින් බැඳෙන්න බැරි නම්. ආදරය කරන කාලය තුළ වගේම විවාහ ජීවිතය තුළත් ඔබ දෙදෙනා එකිනෙකාට ගරු කළ යුතුයි. මෙහිදි ගරුකරනවා කියලා අදහස් කරන්නේ, දැන් ඔයාගේ ජීවිතය ළඟින්ම ඉන්නේ එහෙමත් නැත්තම් ඔයාගේ නියමුවා වෙන්නේ ස්වාමිපුරුෂයා. ඔහුගේ අදහස්, මතවාදවලට වගේම ඔහු විසින් සිදු කරන යහපත් ක්‍රියාවන්ට ඔබ ගරු කළ යුතුයි. නිවස තුළ විතරක් නෙමෙයි ඔයාගේ යහලුවන්, හිතමිතුරන් වගේම ඥාතීන් අතරේ පවා ඔබගේ ගරුත්වය වගේම ආදරය ඔහුට ලබා දෙන්න අමතක කරන්න එපා. එතකොට ඔයාටත් ජීවිතය පුරාවට ඔහුගේ ගරුත්වය ලැබේවී. ඒ විතරක් නෙමෙයි මතු දවසක ඔයාලා දෙන්නගේ පුංචි කැදැල්ලට දරු පැටව් ආව දවසට ඔබ දෙදෙනාව ඔවුන් ආදර්ශයක් කර ගනීවී.

සාමකාමීව කතා කරන්න

ඔයා විවාහ වුණාට පස්සේ තව දුරටත් අම්මා තාත්තා ගාව ජීවත් වුණා වගේ නෙමෙයි. දැන් ඔයාට ජීවිතය ගැන ටිකක් වැඩි පුර හිතන්න වෙනවා. දැන් ඔයා පුංචි පවුලක්. ඒ පවුල ඇතුලේ ඔයාගෙන් ඉටු වෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ විවාහ ජීවිතය පවත්වාගෙන යන කොට දෙන්නා අතර විවිධ බහින්බස් වීම් හා හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. මතක තියා ගන්න ඒ හැමදේම ඔයාලා දෙන්නා අතරේ විතරයි. කිසියම් ප්‍රශ්ණයක් ඇති වුණාම නිහඬව සිටීම හොඳ පිළිතුරක් කියලා කතාවට කිව්වත් හැම ප්‍රශ්ණයකටම නිහඬව සිටීමෙන් පිළිතුරු ලැබෙන්නේ නෑ. පවුල ඇතුලේ මොනයම් හෝ ගැටලුවක් ඇති වුණොත් සාමිකාමීව කතා කරලා විසඳගන්න උත්සාහ කරන්න. ඒක ඔයාලා දෙන්නටම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed