හැමදාම රණ්ඩුද? ඇයි මෙහෙම වෙන්නේ?

July 28, 2020
6,874
why husband and wife fight always?
නව යොවුන් වියේ කාටත් හොරා පටන් ගන්න, ගොඩක් ආදරවන්තයින්ගේ ආදර කතාවල අවසාන බලාපොරොත්තුව විවාහයයි. ජීවන ගමනේ ගොඩක් දුර යන්න හිතාගෙන විවාහ වුණත් ගොඩක් ආදරවන්තයින්ට එකිනෙකා අතරව පවතින අනවබෝධය නිසා සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න ලැබෙන්නේ නෑ. ආදරය කරන කාලයේදී වගේම පවුල් ජීවිතය තුළදීත් බිරිඳ හෝ සවාමීපුරුෂයා තමන්ගේ අධිපත්‍යය පතුරුවාගෙන යාමෙන් සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගන්න බැහැ. විශේෂයෙන් අද තරුණයන් වගේම තරුණියන්ද මේ වැරැද්ද කරනවා.

ආදරය කරන කාලේදි වගේම විවාහ වුණාට පස්සෙත් තමන්ගේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයට නිදහසේ හුස්ම ගන්නවත් ඉඩක් ලබා දෙන්නේ නැ. හැමදේම විනිශ්චය කරනවා. සැක කරනවා. එවිට සිදු වෙන්නේ ඔයා ගැන ඔහුට හෝ ඇයට තියෙන ආදරය, සෙනෙහස, ගෞරවය ටිකෙන් ටික දියාරු වෙලා යන එක.

අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ පවුල තුළ ඔයාගේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා නිතරම ඔයා එක්ක පැටලෙන්න උත්සාහ කරනවා නම්, නිතරම ඔයාගේ හොයන්නේ වැරද්දක් නම් ඔයාට ඔයාගේ බිරිඳ ගැන හෝ ස්වාමීපුරුෂයා ගැන අප්‍රසන්න ආකල්පයක් ඇති වෙන්න පුළුවන්. මොකද ආදරය කරනවා කියන්නේ තවත් කෙනෙක්ව බලහත්කාරකමෙන් යටහත් පහත් කරගෙන ජීවත් වෙන එක නෙමෙයි. ඔයා නොදන්නවා වෙනුවට එයින් සිදු වෙන්නේ ඔයාගේ සැමියා හෝ බිරිඳ ඔයාගෙන් ටිකෙන් ටික ඈත් වෙලා යාමයි. සමහර විට මිතුරු සම්බන්ධතාවලට යොමු වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් හිත මිතුරු සාද වලට යොමු වෙන්න පුළුවන්. අද අපි ඔයාට Hadakari වෙතින් කියන්න යන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න වගේම යහපත් බිරිඳක් විදිහට ස්වාමියාගේ ආදරය වැඩියෙන් දිනා ගන්න ඔයා මොනවද කරන්න ඕන කියලා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

අනවශ්‍ය ආකාරයට ඔයාගේ ස්වාමිපුරුෂයාව සැක කරන්න එපා

අද ගොඩක් විවාහ සම්බන්ධතා බිඳිලා යන්න බලපාන ප්‍රධාන කරුණක් තමයි සැකය. සම්බන්ධතාවකට සැකය හා අවිශ්වාසයේ හෙවණැල්ල වැටුණට පස්සේ ඒ සම්බන්ධතාව තව දුරටත් සාර්ථකව පවත්වාගෙන යන්න බැහැ. ඔයා නිතරම ඔයාගේ සැමියාව සැකයෙන් හා අවිස්වාසයෙන් දකින්න එපා. ඇත්තටම ඔයාගේ මහත්තයා වැරැද්දක් නොකරනවා වෙන්නත් පුළුවන්. ඇත්තෙන්ම ප්‍රශ්ණයක් හෝ ගැටලුවක් තියෙනවා නම් හිතෙන් වද විඳ විඳ ඉන්නේ නැතුව ගෙතුලදීම ඔහුත් එක්ක ඒ ප්‍රශ්ණය කථා කරලා විසඳ ගන්න. එතකොට ඔයාගේ සම්බන්ධතාවට හානීයක් නොවන විදිහට මේ ප්‍රශ්ණයට විසඳුම් හොයන්න පුළුවන්. ඔයාගේ ස්වාමියා වැඩ රාජකාරී කටයුතු එක්ක මුළු දවසෙම ඔට්ටු වෙලා නිවසට එනකොට ඔයා කිසිම දෙයක් හොයන්නේ නැතුව ඇඟට ගොඩ වුණොත් ඔයා ගැන තියෙන ආදරය ටිකක් නැති වෙලා යන්න වුණත් පුළුවන්. සැමවිටම සන්සුන් වෙලා සුදුසු වේලාවක සාමකාමීව ඒ ගැන කතා බහ කරලා ගැටලුව විසඳා ගන්න උත්සාහ කරන්න.

ආදරය කරදරයක් කියලා හිතන්න එපා

අද ගොඩක් පවුල්වල ස්වාමිපුරුෂයා වගේම බිරිඳත් රැකියාවක් කරනවා. ඔයා රැකියාවක් නොකළත් ගේදොර වැඩ කටයුතු හා දරුවන්ගේ වැඩකටයුතු එක්ක ඔයා වෙහෙස මහන්සියට පත් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්තම් වැඩ රාජකාරි එක්ක ඔයා තෙහෙට්ටුවට පත් වෙලා ඉන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔයාට ඔයාගේ සැමියා ආදරෙන් කතා කළත් මොනවාහිරි දෙයක් ඇහුවත් ඔයාට කේන්ති එන්න පුළුවන්. අද බොහෝ කාන්තාවන් අතින් වෙන වැරැද්දක් තමයි ස්වාමිපුරුෂයා මොනවාහරි දෙයක් ඇහුවම පිළිතුරු නොදී නිශ්ශබ්දව ඉන්න එක. ඒක ඔයා ඔයාටම කර ගන්න ලොකු වැරැද්දක්. මොනතරම් මහන්සි උනත් හදවතින් බැඳුනු ඒ බැඳීම බිඳෙන්න ඉඩ තියන්න එපා. ඒ නිසා කවදාවත් ඔයාට ආදරය කරන වේලාවට වගේම ආදරෙන් කතා කරන වේලාවට ඔහුව ප්‍රතික්ෂේප කරන්න එපා.

ඔයා අතින් සිදුවෙන අතපසුවීම් නිවැරදි කර ගන්න

කාලයක් ආදරය කරලා ඔයාලා දෙන්නා අලුතෙන් ජීවිතය පටන් ගන්නේ ලොකු ගමනක් යන්න හිතගෙන. ඒ යන ගමනේ ඔයාලා දෙන්නා අතින්ම පුංචි පුංචි අත් වැරදීම්, අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක වැදගත්ම දේ වෙන්නේ එකිනෙකාව තේරුම් ගැනීම. හැම විටම වුණු දේ ගැන දෙපාරක් හිතන්න. එහෙම නොවුණොත් පුංචි ප්‍රශ්ණයකින් දෙදෙනාගේම හිත් රිදෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අතින් සිදුවෙන පුංචි වැරැද්දට ඔහුගෙන් හෝ ඇයගෙන් සමාව ඉල්ලන්න අමතක කරන්න එපා. සිදු වුණු දේ පැහැදිළි කර එවැනි අතපසු වීම් නැවත සිදු නොවෙන බවට ඔයාගේ ස්වාමියාට පැවසීම ඉතා වැදගත්. ඔයාගේ යම් වැරැද්දක් එහෙමත් නැත්තම් අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය නැවත සිදු නොවෙන ලෙස කටයුතු කිරීම ඔයා සතු වගකීමක්. ඔහුගෙන් වරදක් සිදුවුවහොත් ඒ වරද නැවතත් නොකරන ලෙස ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න.

එකිනෙකාට ගරු කරන්න

විවාහය සීමා වෙන්නේ එහෙමත් නැත්තම් විවාහයක් පවතින්නේ කොළයක් මත ගහන අත්සන මත නෙමෙයි. කොච්චර සැලසුම් කරලා ජයට මගුල් කාලා විවාහ වුණත් වැඩක් නෑ හදවතින් බැඳෙන්න බැරි නම්. ආදරය කරන කාලය තුළ වගේම විවාහ ජීවිතය තුළත් ඔබ දෙදෙනා එකිනෙකාට ගරු කළ යුතුයි. මෙහිදි ගරුකරනවා කියලා අදහස් කරන්නේ, දැන් ඔයාගේ ජීවිතය ළඟින්ම ඉන්නේ එහෙමත් නැත්තම් ඔයාගේ නියමුවා වෙන්නේ ස්වාමිපුරුෂයා. ඔහුගේ අදහස්, මතවාදවලට වගේම ඔහු විසින් සිදු කරන යහපත් ක්‍රියාවන්ට ඔබ ගරු කළ යුතුයි. නිවස තුළ විතරක් නෙමෙයි ඔයාගේ යහලුවන්, හිතමිතුරන් වගේම ඥාතීන් අතරේ පවා ඔබගේ ගරුත්වය වගේම ආදරය ඔහුට ලබා දෙන්න අමතක කරන්න එපා. එතකොට ඔයාටත් ජීවිතය පුරාවට ඔහුගේ ගරුත්වය ලැබේවී. ඒ විතරක් නෙමෙයි මතු දවසක ඔයාලා දෙන්නගේ පුංචි කැදැල්ලට දරු පැටව් ආව දවසට ඔබ දෙදෙනාව ඔවුන් ආදර්ශයක් කර ගනීවී.

සාමකාමීව කතා කරන්න

ඔයා විවාහ වුණාට පස්සේ තව දුරටත් අම්මා තාත්තා ගාව ජීවත් වුණා වගේ නෙමෙයි. දැන් ඔයාට ජීවිතය ගැන ටිකක් වැඩි පුර හිතන්න වෙනවා. දැන් ඔයා පුංචි පවුලක්. ඒ පවුල ඇතුලේ ඔයාගෙන් ඉටු වෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ විවාහ ජීවිතය පවත්වාගෙන යන කොට දෙන්නා අතර විවිධ බහින්බස් වීම් හා හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. මතක තියා ගන්න ඒ හැමදේම ඔයාලා දෙන්නා අතරේ විතරයි. කිසියම් ප්‍රශ්ණයක් ඇති වුණාම නිහඬව සිටීම හොඳ පිළිතුරක් කියලා කතාවට කිව්වත් හැම ප්‍රශ්ණයකටම නිහඬව සිටීමෙන් පිළිතුරු ලැබෙන්නේ නෑ. පවුල ඇතුලේ මොනයම් හෝ ගැටලුවක් ඇති වුණොත් සාමිකාමීව කතා කරලා විසඳගන්න උත්සාහ කරන්න. ඒක ඔයාලා දෙන්නටම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed