කුරුලෑ වලට බෙහෙත් ගන්න කලින් මේ දේවල් කලාද? දැන්වත් මේ දේවල් කරලා බලන්න

July 29, 2020
14,291
Didn’t you try these treatments for pimples
කුරුලෑ කරදරේ නම් ඉතින් නැති කෙනෙක් නැහැනේ. ඒ වගේම ඒකට ගැහැණු පිරිමි කියලා භේදයකුත් නැහැ. කුරුලෑ ඇති වෙන එක සාමාන්‍යයි. හැබැයි අසාමාන්‍ය විදියට කුරුලෑ ඇති වෙනවා නම් එතන ගැටළුවක් තියෙනවා වගේම එය අපිට කරදරයක් වෙනවා. කුරුලෑ ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු කිහිපයක්ම තියෙනවා .

ප්‍රධානම හේතුවක් වෙන්නේ ජානමය බලපෑම. ඊළඟට අපිරිසිදු සමක් පැවතීම, තෙල් සහිත සමක් පැවතීම, මානසික ආතතිය, සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම, උෂ්ණ සහ මේධය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරිත්වය හේතු කර ගෙන කුරුලෑ ඇති වීම සිදු වෙන්න පුළුවන්.

කුරුලෑ ඇති වීම සාමාන්‍ය දෙයක් කියලා කිව්වට අසාමාන්‍ය විදියට ඇති වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි. ඒ හැරුණම ඔයා මේ කියන දේවල් ගැනත් අවධානය දෙනවා නම් කුරුලෑ ඔය තරමටම ඔයාට කරදරයක් වෙන්නේ නැහැ.

මුලින්ම දෛනික පුරුදු ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. සම මනාව රැක බලාගැනීමට සහ ආරක්ෂා කිරීමට වැඩි අවදානයක් දෙන්න. මෙයට අමතරව  සම පිරිසිදුව තියා ගැනීමෙන් කුරුලෑ ඇති වීම බොහෝ දුරට අවම කර ගන්න පුළුවන්. එහෙත් ඕනෑවට වඩා පිරිසිදු කරන්නටත් යන්න එපා. එහෙම කලොත් මුහුණ මත ඇති තෙල් තට්ටුව ඉවත් වීම නිසා සම වියලීමකට ලක්වෙන්නට පුළුවන්. එතකොට මුහුණට වයස්ගත පෙනුමක් එක් වෙනවා.

මුහුණ සෝදන්නට ප්‍රථමයෙන් දෑත හොඳින් සෝදා ගන්නත් අමතක කරන්න එපා. මුහුණ පිරිසිදු කරද්දී cleanser එකක් භාවිතා කරන්නට පුලුවන්නම් වඩාත් හොඳයි. නිතරම වියලි පිරිසිදු තුවායක් මුහුනේ තෙත මාත්තු කිරීම සඳහා තබා ගන්න. ගොඩක් තදින් මුහුණ අතුල්ලන්න එපා. ඒ වගේම සාමාන්‍ය ලෙස මුහුණ සේදීම ප්‍රමාණවත්.

කුරුලෑ අවම කර ගන්න තියෙන වඩාත් ප්‍රතිඵලදායක සත්කාරයක් විදියට හුමාලය ඇල්ලීම හඳුන්වන්න පුළුවන්. භාජනයකට උණු වතුර දමා ඊට උඩින් හිස යොමා මුහුණ හුමාලයට සෙමෙන් නිරාවරණය කරන්න. මුහුණේ රෝම කුප විවර වෙලා අපද්‍රව්‍ය ඉන් ඉවත් වී මුහුණ පිරිසිදු කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් මේක. විනාඩි කිහිපයක් හුමාලය ඇල්ලීමෙන් පසුව ඇල්වතුරෙන් මුහුණ සෝදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම රාත්‍රී නින්දට පෙර දෙහි බින්දු කීපයක් දැමු උණු වතුරෙන් මුහුණ සෝදන්න. මුහුණ පිස දමන්නේ නැතිව එහෙමම වියලෙන්න දෙන්න. කුරුලෑ අවම කර ගන්න වගේම සම පැහැපත් කර ගන්නත් මෙය කදිම සත්කාරයක්. 

මී පැණි කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක්. මුහුණේ ආලේප කර තියන්න පුලුවන්නම් විනාඩි 10-20 අතර කාලයක් කුරුලෑ මට්ටුවට එය සහයක් විය හැක. ඒ විතරක් නොවෙයි, පුලුවන්නම් කුරුදු කුඩු ටිකක් දාන්න ඔය මීපැණි ටිකටම වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

මීපැණි හැඳි දෙකයි, කහකුඩු ස්වල්පයයි, කඩල පිටි මේස හැඳි තුනක් ගෙන එය හොඳින් එකට මිශ්‍ර කර මුහුණේ ගාන්න. පැක් එක මුහුණට වියලී ගියාට පසුව සෝදා හරින්න.

සමහර වෙලාවට  මුහුණේ ඇති වන කුරුලෑ දැවිල්ල ගන්නවා. ඒ අපේ මුහුණේ තියෙන දහදිය, කුණු දුවිලි වලින් කුරුලෑ ආසාදනය වෙන්න පටන් ගත්තම. ඒ වගේ වෙලාවකට කුරුලෑ මත පිරිසිදු රෙදි කැබැල්ලක ඔඅතා අයිස් කැටයක් තබන්න, ඒ කුරුලෑ වල තියෙන වේදනාවයි ඉදිමුමයි දෙකම සමනය වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,248
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,982
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed