ඔබත් ඇපෙන්ඩිසයිටිස් හඳුනා ගන්න නම් මේ ලක්ෂණ දැන ඉන්න ඕනේ

July 30, 2020
8,658
How to identify appendicitis
බඩේ කැක්කුම කියන්නේ හරිම අසහනකාරි දෙයක්. හැබැයි සාමාන්‍ය බඩේ කැක්කුම හොඳ කරගන්න හෝ අඩු කරගන්න අපිට ක්‍රම තියෙනවා. ඒත් ඇපෙන්ඩිසයිටිස් හැදුනාම ඇති වෙන බඩේ කැක්කුම මොන ආකාරයෙන් වත් සමනය කරන්න බෑ. වැරදි ආහාර රටාවන් එක්ක සමාජයේ ඇපෙන්ඩිසයිටිස් තත්වය සුලබ සෞඛ්‍ය ගැටලුවක් වෙලා.

ඇපෙන්ඩිසයිටිස් කියන්නේ උණ්ඩුකපුච්ඡයේ ඇතිවන ඉදිමීමයි. මෙය මලපහ ඝන් වී සිර වීම, පළතුරු හෝ එළවළු වල ඇට නිසා හෝ පිලිකාවක් නිසා ඇති වන ආසාදනයකින් සිදු වේ.

ඉතින් ඇපෙන්ඩිසයිටිස් තත්වයක් ඇති වෙලා නම් එය හඳුනා ගන්න මේ ලක්ෂණ හත උපකාරී වේවි.

- ඔයාගේ බඩ වටා හදිසියේම ඇති වන අධික වේදනාව
- පැය දෙකකට වගේ පසුව, වේදනාව ඔයාගේ යටි බඩේ දකුණු පැත්තට ගමන් කරයි
- වේදනාව එන්න එන්නම උග්‍ර වෙනවා
- වේදනාව දැනෙන්නේ ඔයා මීට පෙර කවදාවත් අත්විඳ නැති විදිහටයි
- ඔයාගේ බඩ ස්පර්ශ කිරීම, කැස්ස, ගැඹුරින් ආශ්වාස කිරීම හෝ වෙනත් කම්පනකාරී චලනයන් මගින් තියුණු වේදනාවක් ඇති වෙනවා
- ශරීර උෂ්ණත්වය ඉහල යනවා 
- බඩේ වේදනාව සමග ඔක්කාරය, ආහාර අරුචිය, මලබද්ධය සහ වමනය ඇති විය හැක

එය සුව කරන්නේ කොහොමද?
කනගාටුවට කරුණ නම් ඇපෙන්ඩිසයිටිස් ඉබේ හෝ බෙහෙත් වලින් හොඳ කරන්න බෑ. මෙයින් මිදීමට උණ්ඩුකපුච්ඡය හැකි ඉක්මනින් ඉවත් කළ යුතු යි. මෙය සිදු වන්නේ නිර්වින්දනය භාවිතා කර සැත්කමක් මගින්. උණ්ඩුකපුච්ඡය නියමිත වේලාවට ඉවත් නොකළ හොත් එය පුපුරා යාමට ඉඩ තියෙනවා. 

ඉතින් මේ වගේ වද විඳින්නේ නැතිව හොඳින් වතුර බොන්න. අඩුම තරමින් වැඩිහිටියෙක් නම් බෝතල් දෙකක් වත් දිනකට. හොඳ ආහාර රටාවක් පවත්වා ගන්න. බේකරි ආහාර, බිස්කට්, ක්ෂණික ආහාර වැනි ආහාර අඩුවෙන් සහ එළවලු, පළතුරු, බතල වගේ තන්තු බහුල ආහාර වැඩියෙනුත් ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,000
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,985
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed