පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි?

August 3, 2020
10,092
Why breast become shaggy?
මව්කිරි දීම, ගර්භණීත්වය, ආර්තවහරණය, ක්ෂය රෝගය, ශ්වසන ආබාධ අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා පියුරු එල්ලා වැටෙන්න පුලුවනි. ඒ නිසා දුම්පානය සහ අධික තෙල් සහිත ආහාරවලින්ද දුරස්ව සිටීම ඉතාම වැදගත්. අතීතයේදී කාන්තාවන් පියවුරු වසා ගැනීමට බ්‍රසියර් භාවිතා නොකලත් ඔවුන් රෙදි පටකින් පියයුරු වසා ගත්තා. මෙය “තිසරපට” යනුවෙන් හඳුන්වනු ලැබුවා. මේ ගැනත් විවිධ අදහස් සමාජගතව තිබෙනවා. සමහරු කියන්නේ පරපුරක් පෝෂණය කරන මේ තරම් වටිනා ඉන්ද්‍රියක් ආවරණය කර ගැනීම අවශ්‍ය නැති බවයි. එහෙත්.. පියයුරු මේ අන්දමින් ආවරණය වී නොතිබුනොත් ඒ වෙනුවෙන් ඇති බර නිසා පියයුරු එල්ලා වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා පියවුරු එල්ලා වැටීමෙන් ආරක්ෂා වීමට නම් නිතරම කොන්ද සෘජුව තබා ගෙන සිටීම වැදගත්. එවිට සිරුරේ බර සමානව පැතිරෙනවා මිසක පියයුරු පේශිවලට වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. ඒ වුනත් පමණට වඩා විහාල බ්‍රසියරයක් ඇන්දොත් පියයුරු එල්ලා වැටීමක් සිදු වෙනවා.

ඒ වගේම ව්‍යායාම මගින් සිරුරේ බර පාලනය කර ගැනීමත් වැදගත්

මේ වෙනුවෙන් වඩාත් විශේෂිත වන්නේ “බෙන්ට් ප්‍රෙස්” සහ බර උසුලන “ඩබ් බෙල්” සහ පිහිනීමයි. පිහිනන විට අත් සහ පපුව ඉදිරියට සහ පිටුපසට තෙරපෙන නිසා මේද දහනය වී පියයුරු එල්ලා වැටීම පාලනය වෙනවා. දිනකට විනාඩි 30 ක් වත් පිහිනීම හොඳයි.

පියයුරු එල්ලා වැටීම වෙනුවෙන් ප්‍රතිකාර

පියවුරු එල්ලා වැටීම පාලනය කරන මේ ප්‍රතිකාර ඔබට නිවසේදීම සිදු කර ගත හැකි ඉතාම සරල ක්‍රම කීපයක්. ඔලිව් ඔයිල් තෙල් බින්දු කීපයක් අරගෙන එය රත් වෙන තෙක් අත්ලෙන් පිරිමදින්න. දැන් මේ රස්නයෙන්ම පියවුරු මත උඩු අතර සම්බාහනය කරන්න. සතියකට තුන් හතර වතාවක් මේ ව්‍යායාමය විනාඩි 15 ක් බැගින් කරන්න.

බිත්තර සුදුමදයක් අරගෙන එය ගසා ගෙන මුලින් ඔලිව් තෙල් ආලේප කළ විදිහටම උඩු අතට සම්බාහනය කරන්න. පැයක් පමණ වේලා බිත්තර සාරුව පියවුරුවල තිබුනාට පසුව ලූණු දියරයෙන් සෝදා එයින් පසුව සීතල වතුරෙන් සෝදා හරින්න.

අයිස් ප්‍රතිකාරයේදී නම් ටිකක් කාලය අවශ්‍ය වෙනවා. අයිස් කැට දෙක විනාඩියක් පමණ වේලාවක් තබා ගෙන පියයුරු දෙක මසාජ් කරන්න. දැන් තුවායකින් තෙත මාත්තු කරලා බ්‍රසියරයක් අඳින්න. එයින් පසුව විනාඩි 10 ක් පමණ දිගා වී සිටිනන්. අයිස් කැට විනාඩියකට වඩා තියන්න එපා. අයිස් සීතල නිසා පේශිවලට අපහසුතාවයක් ඇති වේවි. මෙය දිනකට දෙතුන් වතාවක් කලොත් වඩාත් ප්‍රතිපලදායකයි. හොඳින් දිගා වෙලා අයිස් කැට දෙකක් අරගෙන පියවුරු වටා සම්බාහනය කිරීමෙන් පසුවත් විනාඩි දෙක තුනක් දිගා වුන ඉරියව්වෙන්ම ඉන්න.

කෝමාරිකා මද මේස හැන්දක්, මීපැණි තේ හැන්දක් ගෙන කලවම් කරල පියයුරු වල තබා විනාඩි දහයක් පමණ මසාජ් කරල තවත් විනාඩි දහයකින් සෝදා හරින්න.

පිටි කර ගත් උලුහාල් කෝප්ප කාලකට වතුර එකතු කරල එයින් තලපයක් සාදා ගෙන පියයුරු වටා ආලේප කරල විනාඩි 10 ක් පමණ ගෙවුනාම මද උණුසුම් ජලයෙන් සෝදන්න. උලුහාල් ප්‍රතිඔක්සිකාරකයක් නිසා පියයුරුවල සමට ගුණදායකයි.

ඉඟුරු යුෂ තේ හැන්දක් සමග මීපැණි තේ හැන්දක් එකට මිශ්‍ර කරල පානය කිරීමෙන් මේද දහනය වෙනවා. එවිටත් පියයුරු එල්ලා වැටීම වැලකෙනවා.

මේ තරම් වාසනාවන්ත වූ අවයවයක් නිසා කාන්තාවට අවසානාවන්ත රෝග තත්වයන් ඇති වෙන අවස්ථාව ගැනත් අමතක කළ යුතු නැහැ.

පියයුරු පිලිකාව අද ඒ තරමටම සුලබයි. වයස අවුරුදු 45 -55 අතර වයසේ කාන්තාවන් පියයුරු පිලිකාවට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම පවුල් ඉතිහාසයේ පියයුරු පිලිකා වාර්තා තිබෙනවා නම් සැලකිලිමත් වීම වැදගත්. පියයුරු පිළිකාව මුල් අදියරේදී හඳුනා ගත්තොත් සුව කිරීම පහසුයි. පියයුරු පිලිකා ගැන ස්වයංපරීක්සාව වගේම “මැමෝග්‍රෑම්” පරීක්ෂාවක් සිදු කිරීම මගින් ඔබට මේ තත්වයේ ගොදුරක් නොවීමට පුලුවනි.

ඒත් පියයුරු ගැටිත්තක් තිබුන පමණටම එය පිලිකාවක් වෙන්නේ නැහැ. අහිංසක ගැටිතිත් තිබෙනවා. නමුත් ඒ බව අපට තීන්දු කරන්න බැහැ. වෛද්‍යවරයෙකුගේ විශේෂ Biopsy පරීක්සාවකින් මිසක බැලු බැල්මෙන් තහවුරු කිරීමට බැහැ.

පියයුරු පමණක් නොව කිහිලි ප්‍රදේහයේ ඇති වෙන ගැටිති, කුද්දටිත් පිලිකා ලක්ෂණ වෙන්න පුලුවනි. ඒ මොකද කිව්වොත් පියවුරුවල මුල් හෙවත් නගුටු තියෙන්නේ කිහිලි ප්‍රදේශවලයි.

සැක කටයුතු ලක්ෂණ :
- තන පුඩුවෙන් සුදු හෝ අවර්ණ ශ්‍රාවයන් නිකුත් වීම
- තන පුඩුව ඉරිතලා වැනි පෙනුම, ඇතුලට හැකිලී තිබීම වැනි අස්වාභාවික ලක්ෂණ, තනපුඩුව ආශ්‍රිතව ඇති වෙන ආසාදන
- කෑම අරචිය
- බර අඩුවීම

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,846
   51

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,029
   37

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,634
   32

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,085
   23

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,035
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed