මෙම උපක්‍රම දිනපතා කිරීමෙන් ඔයාගේ සම සෞඛ්‍ය සම්පන්නව හා තරුණ පෙනුමෙන් තබා ගන්න පුළුවන්. වයසට යාමේ ලක්ෂණ නැති සිනිඳු සමක් අපි හැමෝටම ඕනේ. අපිට වයසට යාම පාලනය කිරීමට පූර්ණ හැකියාවක් නැහැ. නමුත් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට අපට කළ හැකි දේවල් ගණනාවක් තිබෙනවා. චර්ම රෝග විශේෂඥයින් අපිට වඩා සම ගැන හොඳින් අධ්‍යනය කරලා තියෙන්නේ. එමනිසා, සමේ සුන්දරත්වය පවත්වා ගැනීම සඳහා චර්ම රෝග විශේෂඥයින් දිනපතා කරන දේවල් අටක් අපි ඔයා සමග බෙදා ගන්න හිතුවා.
1. සැටින් කොට්ටයක් මත නිදාගන්න
සැටින් කොට්ටයක් මත නිදා ගැනීමෙන් ඔයාට වයස පෙනුමක් ඇති වීම වළක්වා ගන්න පුලුවන්. එක් රාත්‍රියකින් පසු ඔයාට පෙනෙයි නින්දේදී ඔයාගේ මුහුනට වෙන රැලි වැටීම් සියල්ල නැවතී ඇති බව. ඊට අමතරව, නින්දට පෙර ඔයා මුහුණෙ ආලේප කරන ක්‍රීම් මෙම කොට්ටය මගින් අවශෝෂණය කර ගන්නේ නැහැ.
2. එළවළු සහ පලතුරු අනුභව කරන්න
චර්ම රෝග විශේෂඥයින් නිතරම නිර්දේශ කරන්නේ පළතුරු සහ එළවළු ආහාරයට ගන්න කියලයි. ප්‍රමාණවත් පලතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ඔයාගේ ශරීරයට ප්‍රමාණවත් ප්‍රතිඔක්සිකාරක ලබෙනවා. නිරෝගී පෙනුමක් ඇති සමක් ලබා ගැනීම සඳහා මෙය ඉතා වැදගත්.
3. ඔයාගේ හෙඩ්ෆෝන්, ඉයර්ෆෝන් භාවිතා කරන්න
ඔයාගේ දුරකථනයේ බැක්ටීරියා දහස් ගණනක් අඩංගු බව ඔයා දැන සිටියාද? චර්ම රෝග විශේෂඥයින්ට අනුව, දුරකථනය ඔයාගේ කනට තබා ගැනීම නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔයාගේ දුරකථනය භාවිතා කරන විට ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන් භාවිතා කිරීමෙන් ඔයාගේ සමට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ.
4. සීනි මඟ හරින්න
සීනි ඔයාගේ සමට හොඳ නැහැ. සීනි වල ඇති අණු මගින් ඔයාගේ කොලජන් දැඩි කළ හැකි අතර රැළි වැටීම වේගයෙන් වර්ධනය කරනවා. සීනි මුළුමනින්ම අත් හරින්න අමාරු බව අපි දන්නවා. නමුත් ඔයාගේ කෝපි හෝ තේ එකට සිනි හැඳි 2ක් දානවා නම් එක හැන්දක් පමණක් එකතු කිරීම වඩා හොඳයි.
5. හිරු එළියෙන් ආරක්ෂා වන්න
චර්ම රෝග විශේෂඥයින් අපට පවසන්නේ හිරු එළියට නිරාවරණය හැකි තරම් අඩු කරන්න කියලයි. පාරජම්බුල කිරණ මගින් සමේ රැළි ඇති වෙනවා. එ නිසා ඔයාගේ සම හිරුගෙන් ආරක්ෂා කර ගැනීමට, ඔයාට සන්ස්ක්‍රීන් ආලේප කිරීමට අවශ්‍ය වෙනවා.
6. ප්‍රමාණවත් විටමින් ලබා ගන්න
ඔයා ගන්නා විටමින් ප්‍රමාණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. ඔයාගේ සම තරුණ හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට චර්ම රෝග විශේෂඥයින් නිර්දේශ කරන්නේ ප්‍රමාණවත් ෆිෂ් ඔයිල් ලබා ගැනීමටයි. මීට අමතරව B විටමින් මගින් ඔයාගේ සම වැඩි දියුණු කළ හැකියි.
7. උණුසුම් ස්නානය මඟ හරින්න
ඔයා සෑම උදෑසනකම උණුසුම් වතුරෙන් ස්නානය කරනවාද? එය ඉතා සැනසිලිදායක හැඟීමක් ගෙනෙන නමුත් එතරම් නුවණක්කාර දෙයක් නෙමෙයි. උණුසුම් ස්නානය නිසා බොහෝ අවශ්‍ය තෙල් සමෙන් ඉවත් වෙනවා. මීට අමතරව, සම මත වියළි පැල්ලම් ඇති කරනවා.
8. නිවැරදි නිෂ්පාදන භාවිතා කරන්න
සෑම උදෑසනකම සහ සවස පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකින් සම පැහැපත් කර ගන්න පුළුවන්. day ක්‍රීම්, නයිට් ක්‍රීම් හෝ සීරම් තෝරා ගැනීමෙදී විශේෂ සැළකිල්ලක් දිය යුතුයි. ඔයාගේ සමට හානියක් වන සුවඳ විලවුන් වර්ග මඟ හරින්න.