ස්වීට් සේවරි රසට ඇති මේ චිකන් කරිය අන්නාසි කන්න කැමති අයට රසවත් වට්ටොරුවක්.
අවශ්‍ය ද්‍රව්‍ය :
තීරු කපාගත් චිකන් බ්‍රෙස්ට් 2 (සම්පූර්ණයෙන් අයිස් ඉවත් කරන්න )
අන්නාසි ගෙඩි 1/2
බටර් මේස හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 2
මී පැණි මේස හැඳි 1
තලා ගත් ලොකු සුදු ලූණු බික් 4
ලෙමන් හෝ දෙහි යුෂ මේස හැඳි 2
මිරිස් කුඩු තේ හැඳි 1/2
කෑලි මිරිස් තේ හැඳි 1/2
රස පදමට ලුණු සහ ගම්මිරිස්
සිහින්ව කපාගත් පාස්ලි කොල
සාදන ආකාරය :
01. පොඩි බෝල් එකක ලෙමන් යුෂ, මී පැණි, ඔලිව් තෙල් මේස හැඳි 1, සුදු ලූණු, ගම්මිරිස්, පාස්ලි, මිරිස් කුඩු සහ මිරිස් කෑලි ටික එකට මිශ්‍ර කර පසෙකින් තබන්න.
02. අන්නාසි භාගය දෙකට පලා පෙති කපන්න. එවිට ඔබට ත්‍රිකෝන වැනි කැබලි ලැබේ. එයත් පසෙකින් තබන්න.
03. ලොකු පෑන් එකක් මද ගින්දරේ ලිප තබා, එයට ඔලිව් තෙල් මේස හැඳි 1ක් සහ බටර් මේස හැඳි 1ක් එකතු කරන්න. ඒ මත චිකන් තීරු ටික තබන්න. එක පැත්තක් විනාඩියක් පමණ තබමින් චිකන් ටික දෙපැත්ත හරවමින් රන් වන් පැහැ වන තුරු පිස ගන්න.
04. දැන් එයට අන්නසි ටික එකතු කරන්න. විටින් විට හැඳි ගාමින් විනාඩි 2-3ක් පිසගන්න.
05. කලින් සාදාගත් සෝස් එක මෙයට එකතු කරන්න. හැඳිගාමින් විනාඩි 2ක් පිසගන්න. රස පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න.
06. ලිපෙන් ඉවතට ගෙන බත් සමඟ උණුසුම්ව පිළිගන්වන්න.