ශීතකරණය තුළ නිවැරදි ලෙස ආහාර ගබඩා කරන්න දන්නවද?

August 11, 2020
7,113
Do you know how to store food in fridge
ශීතකරණය වර්තමානය වන විට සෑම නිවසකටම අත්‍යවශ්‍ය උපකරණයක් වෙලා. ආහාර කල් තබාගැනීම සඳහා අප භාවිතයට ගන්නා මෙම විදුලි උපකරණය නිවැරදි අයුරෙන් පරිහරණය කළොත් එහි නිසි ප්‍රයොර්ජනය ගන්න පුලුවන්. අද හැඩකාරී අපි ඔයාට ශීතකරණය තුළ නිවැරදිව ආහාර ඇසුරුම් කරන ආකාරය ගැන කතා කරන්න හිතුවා.

අද සමාජයේ බොහෝ දෙනෙක් කාර්යබහුල දිවියක් ගත කරන නිසාම සතියකට වරක් සුපිරි වෙළෙඳසලකින්  නිවෙසට අවශ්‍ය ආහාර වර්ගල බඩු මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ශීතකරණය තුළ තබන ආහාර නිවැරදි ලෙස සෞඛය ආරක්ෂිතව ගබඩා කිරීම පිළිබඳවත්, ශීතකරණයේ තැබූ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව ආහාරයට ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් දැනුම ඉතා වැදගත්ය. මන්ද යත් ශීතකරණයේ තිබෙන ආහාර වර්ග ඔබ නිවැරදි ලෙස පරිහරණය නොකළහොත් ඔබේ සෞඛ්‍යට විවිධ හානි ඇති වීමට ඉඩ ඇති නිසා.  

ශීතකරණයක ගබඩා කළ යුතු මෙන්ම නොකළ යුතු ආහාර වර්ග තිබෙනවා. එමෙන්ම ඒ ඒ ආහාර වර්ග ශීතකරණයක තබන විට ඒවා ශීතකරණයේ නිශ්චිත ස්ථානවල ගබඩා කිරීම ඉතාම වැදගත් වෙනවා. එළවළු හා පලතුරු වර්ග මිලදී ගෙන එදිනම අනුභව කරන්නේ නම් එය වඩාත් උචිත යි. නමුත් නිරන්තරයෙන් වෙළෙඳ පොළට ගොස් මිලදී ගැනීම් සිදුකිරීමට කාලය නොමැති නිසා අපි ශීතණකනයේ ගබඩා කරනවා. එළවළු, පලතුරු අප ශීතකරණයේ සාමාන්‍ය කොටසේත්, වැඩි දින ගණනක් කල් තබාගන්නා මස් මාළු අධිශීතකරණයේත් ගබඩා කිරීම සාමාන්‍යයෙන් සිදුකරනවා.

ශීතකරණයේ දොරේ ආහාර ගබඩා කිරීම සඳහා පහසුකම් සපයා තිබුණද බිත්තර, කිරි, කිරි ආහාර, පිසින ලද ආහාර දොරේ ආහාර ගබඩා කිරීම නම් සුදුසු දෙයක් නොවේ. මන්දයත් දොර පිටතට නිරාවරණය වීම නිසා නිරන්තරයෙන් උෂ්ණත්වය වෙනස් විය හැකි නිසායි. මෙ ආහාර ශීතකරණයේ හොඳින් සිසිල ලැබෙන ස්ථානයක තැබිය යුතුයි. මේවා ශීතකරණයේ ඉහල රාක්ක වල තැබීමත් කල යුතුයි. ශීතකරණයට ආහාර දැමීමේදී පවුලේ සාමාජිකයන් ගණනට එක් වේලකට සෑහෙන ලෙස වෙන් වෙන්ව, වෙනම ම ගතහැකි ලෙස භාජනවල බහා ශීතකරණයේ දැමීම සිදුකිරීම කරන්න.

සෝස් වර්ග, මැයෝ, වතුර, බීම වර්ග ශීතකරණයේ දොරෙහි ගබඩා කරන්න පුළුවන්. මොකද ඒවා වෙනස් වන උෂ්ණත්වයට ඔරොත්තු දෙන නිසා. නමුත් නැවුම් පළතුරු වලින් සෑදූ ඒවා දොරේ තබන්න එපා.

එළවළු, පළතුරු, කොළ වර්ග ශීතකරණයේ සාමාන්‍ය කොටසේ පහලම ඇති රාක්කයේ හෝ ලාච්චුවේ දමන්න. අමු එළවළු, පළතුරු, කොළ වල ඇති යම් යම් බැක්ටීරියා අනිත් ආහාර වලට යාමෙන් වලකින්න මේ ක්‍රමය සැම විටම පිළිපදින්න.හැකි සෑම විටම ඒවා බෑග් වල හෝ කොළ වල ඔතා තබන්න.

අමු මස් හෝ මාළු අධිශීතකරණයේ දමා පිසින විට නිරන්තරයෙන් සියල්ලම පිටතට ගෙන නැවත් ශීතකරණයට දැමීම නොකරන්න. එවිට අමු මාළු මස් වලට ඉක්මනින් බැක්ට්‍රරියා ඇතිවීම සිදු වෙන්වා. සෑම විටම එක වේලකට සරිලන පරිදි මස් මාළු කොටස් කර වෙන වෙනම පෙට්ටි වල හෝ බෑග් වල අසුරන්න.

අධිශීතකරණයේ අයිස් කැට මිදීමට තිබෙන තැටිය අසල මස් මාළු ගබඩා කර තැබීමද නුසුදුසුය.

ඒ වගේම ආහාර ද්‍රව්‍යයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් ඒවා ඉතා හොඳින් පිරිසුදු කර පිසදා හොඳින් ආවරණය කර තැබීම ඉතාම වැදගත්. එළවළුල පලා වර්ගල පලතුරු විශේෂයි. අල, ලූණු, සුදු ලූණු ශීතකරණයේ තබන්න එපා. කොමඩු වර්ග ශීතකරණයෙන් පිට තබනවා නම් රසය සහ ගුණය රැකෙන්වා. කැපූ කොමඩු නම අධිශීතකරණයේ තැබීම තමයි සුදුසු.

හැමවිටම ශිතකරණයේ යොදා ඇති උපදෙස් පරිදි ආහාර ගබඩා කිරීම ඉතා උචිත වන අතර නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණයෙන් මිල දී ගෙන පරිභෝජනය කිරිම මඟින් අපගේ සෞඛ්‍ය, මුදල මෙන්ම මහන්සිය ද ඉතිරිවේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1762 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:55:16 AM
Script:/article/1762/do-you-know-how-to-store-food-in-fridge.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:55:16 AM
Script:/article/1762/do-you-know-how-to-store-food-in-fridge.html