කුඩා දරුවෙක්ගේ පැමිණීම අපේක්ෂා කරන ආදරණීය මවකට ගැබ් ගැනීම කියන්නේ අපූරු කාලයක්. ඔබත් ගර්භණී මවක් නම් ඔබේ වැඩෙන දරුවා වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් උපරිමය කිරීමට ඔබට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබේ සෞඛ්‍යය සහ දරුවාගේ සෞඛ්‍යය වෙනුවෙන් ඔබට පහසුවෙන්ම කරන්න පුලුවන් එක දෙයක් තිබෙනවා. ඒ තමයි පලතුරු ආහාරයට ගැනීම. ගර්භණී සමයේදී ආහාරයට ගන්න සුදුසු පළතුරු ගැන වැඩි විස්තර දැනගැනීමට මේ ලිපිය කියවන්න...
ගර්භණී සමයේදී කාන්තාවන් ආහාරය සඳහා පලතුරු තෝරා ගන්න ඕනේ ඇයි?
ගර්භනී අවධියේදී කාන්තාවන්ට නිවැරදි ආහාර අනුභව කරන එක අනිවාර්‍යයි. ඒ අතර එමඟින් ඔබේ ගර්භාෂයේ සිද්ධ වෙන කායික වෙනස්කම් වලට භාජනය වීමට අවශ්‍ය වෙන පෝෂ්‍ය පදාර්ථ ද ළදරුවට ලබා ගන්න පුලුවන් වෙනවා. මුල් අවධියේදී නිසි පෝෂණය නොලැබෙන ළදරුවන් එයාලාගේ ජීවිතයේ පසුකාලීනව රෝගවලට ගොදුරු වන බව අධ්‍යයන වලින් හෙළි වෙලා තියෙනවා.
ගර්භණී සමයේදී පලතුරු ආහාරයට ගැනීමෙන් මවට සහ දරුවාට වාසි කිහිපයක් ලැබෙනවා. මොකද පලතුරු කියන්නේ පෝෂ්‍යදායී ගුණ වලින් පිරුණු වගේම විටමින්, ඛනිජ සහ තන්තු වලින් පිරුණු ආහාරයක්. ඒ නිසා පලතුරු මිශ්‍රණයකින් සමන්විත ආහාරයක් ගැනීමෙන් ඔබට සහ ඔබේ දරුවාට වැදගත් පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ලැබෙනවා.
ඒ වගේම පලතුරු ස්වභාවයෙන්ම මිහිරි නිසා ඔබේ රස අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා ඒවා හොඳින් ක්‍රියා කරනවා. පලතුරු ආහාරයට ගැනීම ඔබට ක්ෂණික ආහාර සහ හිස්, කැලරි අධික ආහාර ගන්නවාට වඩා ගොඩක් හොඳයි.
ගර්භණී සමයේදී ආහාරයට ගන්න පුලුවන් හොඳම පලතුරු මොනවාද?
1. පේර
පේර තුළ විවිධ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන නිසා ගර්භණී සමයේදී ආහාරයට ගන්න පුලුවන් හොඳම පලතුරක්. ඔබේ සමස්ත ගර්භණී කාලය පුරාම පේර ආහාරයට ගැනීම ආරක්ෂිතයි. මොකද මාංශ පේශි ලිහිල් කිරීමට සහ ආහාර දිරවීමට පේර උපකාරී වෙනවා. පේර තන්තු වලින් ද පොහොසත් නිසා කුස පුරවනවා. එහෙමයි කියලා ගර්භණී සමයේදී හැමදාම අධිකව පේර ආහාරයට ගන්න එපා. ගර්භණී සමයේදී ඉදුණු පේර අනුභව කරන එක වඩා හොඳයි.
2. කෙසෙල්
ආහාරමය තන්තු අඩංගු තවත් පලතුරක් තමයි කෙසෙල්! කෙසෙල් වල ෆෝලේට් යහමින් අඩංගු නිසා දරුවාගේ මොළය සහ සුෂුම්නාව වැඩීමට උපකාරී වෙනවා. මෙය උපතේදී අඩුපාඩු ඇති දරුවන් බිහිවීම වැලැක්වීමට උදවු වෙනවා.
කෙසෙල් කියන්නේ B-complex හා C වගේ වැදගත් විටමින් වර්ග වලින් ද සමන්විත පලතුරක්. ඒ කියන්නේ මැග්නීසියම්, මැන්ගනීස්, කොපර් සහ සෙලේනියම් වගේ ඛනිජ වලින් ද කෙසෙල් පොහොසත්. ඒ නිසා කෙසෙල් කියන්නේ ගර්භණී සමයේදී ආහාරයට ගන්න පුලුවන් හොඳම පලතුරක්. කෙසෙල් වල ඇති පොටෑසියම් ජලය රඳා පවත්වා ගන්න, ඉලෙක්ට්‍රෝටයිට් සමතුලිත කරන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න උපකාරී වෙනවා.
3. දොඩම්
දොඩම් සහ අනෙකුත් ඇඹුල් පලතුරු වල විටමින් සී බහුලයි. මෙම විටමින් ඔබේ දරුවාගේ අස්ථි හා දත් වර්ධනයට ඉතා වැදගත් වෙනවා. විටමින් සී ශරීරයට අවශ්‍ය ප්‍රධාන ඛනිජයක් වන යකඩ අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වෙනවා. වැදගත්ම දේ තමයි විටමින් සී ප්‍රතිඔක්සිකාරකයක් වන නිසා ඔබට මුක්ත ඛණ්ඩක වලින් සිදුවන හානිය අවම කරනවා.
තවද දොඩම් කියන්නේ තන්තු හා ෆෝලික් අම්ල සඳහා හොඳ ප්‍රභවයක්. ජලයේ ද්‍රාව්‍ය බී විටමින් හා ෆෝලික් අම්ලය කලලයේ මොළය හා කොඳු ඇට පෙළට අදාළ වර්ධන දෝෂ වළක්වනවා. ඒ නිසා ගර්භණී සමයේදී ආහාරයට ගන්න ඕනෙම පලතුරු අතර දොඩම් ද තියාගන්න වග බලා ගන්න.
4. බෙරි වර්ග
ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි, බ්ලූබෙරීස් සහ අනෙකුත් බෙරි වර්ග විටමින් සී, ෆෝලික් අම්ලය, බීටා කැරොටින්, ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම් සහ තවත් දේවලින් පිරී තිබෙනවා. මේ සියල්ල දරුවාගේ ශරීරය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට හොඳින් උපකාරී වෙනවා.
ඔබ පලතුරු ගන්නා විට ගර්භණී කාලයේ නොගත යුතු පළතුරුත් තියෙනවා. ඒ අතර පැපොල්, අන්නාසි, මිදි ආහාරයට ගැනීමෙන් වැලකී ඉන්න.