වාසනාවන්ත ආදරයක් ඇති කර ගන්නේ කොහොමද දන්නවාද?

August 25, 2020
7,319
How to have lucky love
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් වෙන විදිහකට කියනවා නම් ආදරණිය, වාසනාවන්ත බැඳීමක් කියන්නේ මොකක්ද දන්නවා ද? මෙහි තිබිය යුතු මූලික කරුණු ගැහණු පිරිමි සියල්ලන්ටම එක හා සමානයි. විශ්වාසය, ගැළපීම, ආරක්ෂාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය, එකඟත්වය කියන්නේ සබඳතාවයක් වර්ධනය කරන කුළුණු කිහිපයයි. සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට, බිඳ දැමීමට හා අලුත්වැඩියා කිරීමට දෙදෙනාගේම උත්සාහය තියෙන්න ඕනේ. ඔබේ පෙම්වතා/සැමියා සමඟ ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට සහ ඔබේ ජීවිතයට ද ඒකෙන් යහපත් බලපෑමක් ලබා ගන්නට ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් මෙන්න...

1: ඔබටම ආදරය කරන්න
ඔබේ පෙම්වතා සමඟ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඇති කරගන්න කරන්න ඕන පළවෙනි දේ තමයි ඔබ ඔබවම හඳුනා ගැනීම සහ ඔබ කවුරුන්ද යන්න පිළිගැනීම. ඔබ ඔබම සමඟ ආදරයෙන් හා සැපපහසුවෙන් ජීවත් නොවන්නේ නම්, ඔබේ සම්බන්ධතාවයට ඔබෙන් විශාල දායකත්වයක් ඔබෙන් ලැබෙන්නේ නැහැ. පළමු උපක්‍රමය තමයි ඔබටම ආදරය කරන එක. ඔබගේ සියලු වැරදි හඳුනාගෙන ඒවා පිළිගන්න. ඒකෙන් ඔබ කවුද යන්න සහ ඔබව ස්වාධීන පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන්න හැඩගස්වයි.

2: සුවපහසු වේගයක් පවත්වා ගන්න
ඔබ සහ ඔබේ සහකරු එකම ස්ථානයක නොසිටිනකොට අනාරක්‍ෂිතතා සහ වැරදි සන්නිවේදනයන් පැන නගිනවා. පුලුවන් හැම දවසකම පොඩි වෙලාවක් හෝ එකට ගත කරන්න. එකට ඉන්න වෙලාවට ඒ මොහොතේදී ඔබේ සම්බන්ධතාවය භුක්ති විඳින්න. ඔබේ සම්බන්ධතාවය ගැන ඇතැම් ලොකු පියවර ගන්න කලින් එකිනෙකා දැන හඳුනා ගන්න. විවාහ වෙනවා නම් ඔබ දෙදෙනාම එකම ස්ථානයක ජීවත් වෙන්න ඕනේ කියන එක සහතික වෙන්න. නැත්නම් ඒක ඔබේ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයේ තියන සමගිය කඩාකප්පල් කරන්න පුලුවන්.

3: සෑම විටම අවංක වන්න
ඔබේ ජීවන මාර්ගයේ කෙතරම් දුෂ්කර හා අවුල් සහගත බවක් පෙනෙන්නට තිබුණත්, සෑම විටම ඉදිරියෙන් සුන්දර ගමනාන්තයක් තියනවා. ඒ නිසා අවංකකම ජීවිතයේ හොඳම ප්‍රතිපත්තිය ලෙස රකින්න. ඒකට හේතුවක් තිබෙනවා; ඒකෙන් ඔබේ ගැටලු සරල කරවන අතර ඔබට දේවල් පැහැදිලිව දකින්නට ඉඩ සලසනවා. විවිධ බාධක අවස්ථා වලදී අනවශ්‍ය තර්ක වලක්වා ගැනීමට මෙය ඔබට උපකාරී වේවි. ඔබ ඔබේ හැඟීම් ගැන සහ ඔබ කරන දේවල් පිළිබඳව සත්‍යවාදී වෙන්නත් ඕනේ.

4: ස්වාධීනව සිටින්න
ඔබේ පෞද්ගලිකත්වය නොවෙනස්ව තබා ගන්න. ඔබේ වැඩ ඔබම කර ගන්න. ඔබව ශක්තිමත් කර ගැනීමට කාලය ගන්න. ඔබේ සෑම තීරණයක් ගැනම ඔබේ පෙම්වතාව දැනුවත් කිරීම හෝ ඔහුගේ තීරණ ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න එක අවශ්‍ය නෑ. ඔබේ පෞද්ගලික අවකාශය පවත්වාගන්න. ඔහුටත් එම නිදහස දෙන්න. එහෙම කළාම ඔබේ සම්බන්ධතාවය සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඒ වගේම එකිනෙකා ගැන තියන අවබෝධයේ සහ විශ්වාසයේ ශක්තිය හා ගැඹුර පිළිබිඹු වෙනවා.

5: සමානාත්මතාවයට වැදගත්කමක් දෙන්න
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයකදී එකිනෙකාට ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් සැලකීම අතිශයින්ම වැදගත්. ඔබ දෙදෙනා අතර හොඳ සමබරතාවයක් තිබෙන්න ඕනේ. ඔබේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් හැම වෙලාවේම ඔබේ පෙම්වතාට වඩා වැදගත් කියලා සිතන්න එපා. එකිනෙකාගේ අවශ්‍යතා, කැමැත්ත සහ රුචි අරුචිකම් අනුව කටයුතු කරන්න. එය ඔබ දෙදෙනාගේ යහපතට සහ සම්බන්ධතාවය සෞඛ්‍ය සම්පන්න ක‍ර ගන්නට වටිනවා.

6: ඔබේ සමීපභාවය නැවත අර්ථ දක්වන්න
ඔබගේ පෙම්වතා සමඟ ඇති සමීප සම්බන්ධතාවයේ යම් කිසි වැරදි තැන් තිබෙනවා නම් ඒවා වෙනස් කර ගන්නට කාලයක් ගන්න. කෙසේ වෙතත් සමීපභාවය කියන්නේ ශාරීරිකව බැඳෙන එක පමණක් නෙමෙයි. අනෙකා සමඟ ගත කරන කුඩා අවස්ථාවක් පවා මනසින් එකිනෙකාට සමීප වෙන්න හොඳම අවස්ථාවක්. අත් අල්ලා ගැනීම, ආදර සටහන් හුවමාරු කර ගැනීම හෝ එකිනෙකා අසල වාඩි වෙලා ප්‍රියතම චිත්‍රපට නැරඹීම වගේ සරල දේවල් ඒකට එකතු කරගන්න. මේවා හරහා ඔබට ඔබේ පෙම්වතා සමඟ සම්බන්ධ වෙන්න පුලුවන්. ඔබේ බැඳීම සෙමෙන් ගොඩනඟා ගන්නත් පුලුවන්. අවසානයේ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඇති කර ගන්න ද පුලුවන් වෙනවා.

7: ඔබේ වටිනාකම් පෙළගස්වන්න
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයකදී ඔබ සැමවිටම මෝඩ වෙන්න ඕනේ නෑ; ඇත්ත වශයෙන්ම පරිපූර්ණ සම්බන්ධතාවයක් කියන දේ ලෝකේ කොහෙවත් නෑ. කෙසේ වෙතත් ඔබට සහ ඔබේ පෙම්වතාට ප්‍රයෝජනවත් වන විදිහට දුෂ්කර අවස්ථාවන් හසුරුවා ගන්න ඕනේ ආකාරය දැන ගන්න. දෙන්නාම එකට වාඩි වෙලා ඔබ දෙදෙනාගේ අරමුණු මොනවාද, එකිනෙකාගෙන් අපේක්ෂා කරන දේවල් මොනවාද, ඉදිරි වසර කිහිපය තුළ ඔබ වෘත්තීයමය වශයෙන් ඉදිරියට යන්න ඉන්නේ කොතනට ද, පෞද්ගලික ජීවිතයේ අරමුණු මොනවාද වගේ ගැටලු සහගත තැන් නිවැරදි සන්නිවේදන රටාවක් එක්ක සාකච්ඡා කරන්න. මෙමඟින් ඔබේ සම්බන්ධතාවයේ ඊළඟ මට්ටම යාමට රුකුලක් ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,378
   65

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,293
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,821
   23

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Weralu benefits
   23,356
   22

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed