ඔලිව් ඔයිල් වියළි හිසකෙස් සඳහා ඵලදායී විසඳුමක්ද?

September 2, 2020
24,362
Is olive oil a solution for dry hair?
වියළි හිස කෙස් වලට අලුත්ම පෙනුමක් එක් කරන්න ඔලිව් ඔයිල් වලට පුළුවන් කියලා ඔයා හිතන්න නැතුව ඇති. ඔයාගේ හිස කෙස් තුනී වීම, හිසකෙස් අග පැලීම සහ ඉක්මනින්ම කැඩී යාමේ ප්‍රවණතාවයක් ඇති නම් බාහිර සත්කාර වලදීත් නිතරම ඔලිව් ඔයිල් එකතු කර ගන්න.  වියළි කෙස් සඳහා ඔලිව් ඔයිල් වලින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකි අතර හිස කෙස් සම්බන්ධ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙමින් කෙස් කළඹ නිරෝගී කරනවා.

ඔලිව් තෙල් කියන්නේ හිසකෙස් ආරක්ෂණ ද්‍රව්‍යයක්. ඔයාට වියළි හිසකෙස් තිබේ නම් ඔලිව් තෙල් වල ගුණාංග සහ වියළි බව සඳහා එය භාවිතා කිරීමේ වාසි මෙන්න:

- ඔලිව් තෙල් විශිෂ්ට කෙස් කන්ඩිෂනර් එකක් බව සොයා ගෙන තියෙනවා. හිසකෙස් හානිවලට ප්‍රතිකාර කිරීමටද එය උපකාරී වෙනවා. ඔයාගේ හිසකෙස් සජලීව තබා ගනියි.
- ඔලිව් තෙල් ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එය හිස්කබලේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනවා.
- ඔලිව් තෙල් වල ඇති මොයිස්චරයිසින් ගුණාංග මගින් හිසකෙස් වල කියුටිකල්ස් විවර වීම වැලැක්වීමට උපකාරී වෙනවා.
- තෙල් හිසකෙස් ශක්තිමත් කර එහි නම්‍යතාවය වැඩි දියුණු කරයි. මෙය කැඩී යාම සහ පැලීම් වැනි ගැටළු වළක්වා ගැනීමට උපකාරී වෙනවා.
- ඔලිව් තෙල්වල අඩංගු oleuropein නිසා හිසකෙස් ඝන, සිනිදු සහ දිදුලන බව වැඩි කරන බව සොයා ගෙන තියෙනවා.

අපි දැන් හිසකෙස් රැකවරණයේදී ඔලිව් තෙල් ඇතුළත් කර ගත හැකි ආකාරය දෙස බලමු.

1. වියළි හිසකෙස් සඳහා අලිගැට පේර සහ ඔලිව් තෙල්
අලිගැට පේර කියන්නේ මේද අම්ල හා පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ප්‍රභවයකි. මෙමගින් ඔයාගේ හිසකෙස්වල තෙතමනය පවත්වා ගැනීමට මෙන්ම හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.
ඔයාට අවශ්‍ය වන්නේ,
අලිගැට පේර ගෙඩි 1
පිරිසිදු ඔලිව් තෙල් මේස හැඳි 1
ෂවර් කැප් 1

ක්‍රමය :
01. අලිගැට පේර බ්ලෙන්ඩ් කර සිනිඳු පේස්ට් එකක් ලබා ගැනීම සඳහා වතුර ටිකක් එකතු කර මිශ්‍ර කරන්න.
02. අලිගැට පේර ටිකට ඔලිව් තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
03. හිසකෙස් සෝදා අතිරික්ත ජලය තුවායෙන් පිසදා ගන්න.
04. හිසකෙස් වල තෙත් ගතිය තිබියදීම අලිගැට පේර සහ ඔලිව් තෙල් පේස්ට් එක යොදන්න.
05. හිස ෂවර් කැප් එකකින් ආවරණය කර පැයක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදන්න.
06. ඔයාගේ හිසකෙස් සමාන්‍ය ලෙස වියළීමට ඉඩ දෙන්න.

2. වියළි හිසකෙස් සඳහා මී පැණි සහ ඔලිව් තෙල්
මී පැණි කියන්නේ තෙතමනය පවත්වා ගනිමින් වියළි හා හානියට පත් හිසකෙස් යථාතත්වයට පත් කිරීමට උපකාරී උපකාරී වෙන අමුද්‍රව්‍යයක්.
ඔයාට අවශ්‍ය වන්නේ,
මී පැණි කෝප්ප 1
ඔලිව් තෙල් කෝප්ප 1/4
ෂවර් කැප්

ක්‍රමය :
01. මී පැණි සහ ඔලිව් තෙල් මිශ්‍ර කර සුමට මිශ්‍රණයක් සදා ගන්න.
02. මෙම මිශ්‍රණය මයික්‍රෝවේව් එකට දමා තත්පර 15 ක් පමණ රත් කරන්න.
03. හිසකෙස් සෝදා තුවායෙන් වියළා ගන්න.
04. පසුව මිශ්‍රණය හිස කෙස් වල මුල් සිට අග දක්වා ආලේපය ගල්වන්න.
05. හිසකෙස් ෂවර් කැප් එකකින් ආවරණය කර මිනිත්තු 30 ක් පමණ තබන්න.
06. හිසකෙස් සිසිල් ජලය සහ සල්ෆේට් රහිත මෘදු ෂැම්පූ එකකින් සෝදන්න.

3. වියළි හිසකෙස් සඳහා පොල්තෙල් සහ ඔලිව් තෙල්
පොල් තෙල් අපි හිස කෙස් වල ආරක්ෂාවට හා පෝෂණයට දන්න කියන කාලේ ඉඳලා පාවිච්චි කරනවනේ.
පොල්තෙල් හිසකෙස් පෝෂණය කිරීමට සහ යතාතත්වයට පත් කිරීමට උපකාරී වන medium-chain fatty acids වලින් පොහොසත් ප්‍රභවයකි. එමගින් හිසකෙස් වල ප්‍රෝටීන නැතිවීම වළක්වා ගැනීමට උපකාරී වන අතර එය පෝෂණය කිරීමට හා හයිඩ්‍රේට කිරීමට හිසකෙස් පතුළට විනිවිද යයි.
ඔයාට අවශ්‍ය වන්නේ,
පොල්තෙල් මේස හැඳි 2
ඔලිව් තෙල් මේස හැඳි 2
උණුසුම් තුවායක්

ක්‍රමය :
01. බඳුනකට තෙල් වර්ග දෙක මිශ්‍ර කර තරමක් උණුසුම් වන තෙක් තත්පර කිහිපයක් රත් කරන්න.
02. මෙම මිශ්‍රණය හිසකෙස් හා හිස්කබලට අලේප කර විනාඩි 10-15 ක් පමණ සම්බාහනය කරන්න.
03. පසුව හිසකෙස් උණුසුම් තුවායකින් ආවරණය කර අමතර විනාඩි 30 ක් තබන්න.
04. සිසිල් ජලය සහ සල්ෆේට් රහිත මෘදු ෂැම්පූ එකකින් සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1810 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 10:45:11 AM
Script:/article/1810/is-olive-oil-a-solution-for-dry-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 10:45:12 AM
Script:/article/1810/is-olive-oil-a-solution-for-dry-hair.html