ඔබේ දියණියත් සමහර දවස් වල ඔබේ ලිප්ස්ටික් එක අරන් කන්ණාඩිය ඉස්සරහට ගිහින් හොරෙන් ම ආලේප කරගන්නවා ඔබ ඕනේ තරම් දැකලා ඇති. ඒත් ඒකට මීට පස්සේ ඉඩ දෙන්න එපා. පුංචි ගැහැණු ළමයින්ට ලිප්ස්ටික් ආලේප කරන්න ඉඩ නොදීමට හේතුවක් තිබෙනවා. මොකද සමහර ලිප්ස්ටික් වර්ග වල හානිකර විෂ සහිත ලෝහ සමඟ ඊයම් වර්ග අන්තර්ගතයි. ඒත් එහෙමයි කියලා ඔබ ඔබේ ලිප්ස්ටික් ආලේපනය කිරීමේ පුරුද්ද ඉවත දමන්න ඕනේ නෑ. ඒ සඳහා අනුගමනය කරන්න පුලුවන් මැද මාවතක් තියනවා. ඊයම් සහ වෙනත් හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු ලිප්ස්ටික් භාවිතය නුසුදුසු වෙන්නේ ඊයම් විෂ වීමේ අවස්ථා ඔබට වුණත් උදා වෙන්න පුලුවන් නිසායි. ඒ නිසා විශේෂ අවස්ථවකදී හැරෙන්න දියණියන්ට නිතරම ලිප්ස්ටික් ආලේප කරගන්න ඉඩ දෙන්න එපා. ඒ ගැන අද අපි ඔබට වටිනා තොරතුරු කීපයක් කියන්නම්...
ඊයම් හානි
සියලුම ලිප්ස්ටික් වල ඊයම් ප්‍රමාණයක් අඩංගු බව පර්යේෂකයෝ පවසනවා. කෙසේ වෙතත් එය ඔබගේ ප්‍රියතම ලිප්ස්ටික් වර්ගයේ සිටින එකම දුෂ්ටයා නෙමෙයි. තවත් ලෝහ අටක් පමණ අඩංගු පුළුල් පරාසයක විහිදුණු ලිප්ස්ටික් වෙළඳ නාම පිළිබඳව අධ්‍යයනවලින් හෙළි වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ කරපු පර්යේයේෂණයකින් ලිප් ග්ලොස් වර්ග 24 කින් සහ ලිප්ස්ටික් වෙළඳ නාම අටකින් කැඩ්මියම්, කොබෝල්ට්, ඇලුමිනියම්, ටයිටේනියම්, මැන්ගනීස්, ක්‍රෝමියම්, තඹ සහ නිකල් වැනි අංශ ද සොයා ගෙන තිබෙනවා. ඉතින්, ඔබ ලිප්ස්ටික් භයානක දෙයක් ලෙස මතකයේ තබා ගන්න. මොකද ළමයින් ඒවා ආලේප කරන අතරතුර කෑවොත් ඒක අනතුරක් වෙන්න පුලුවන්. මොකද ඒවායේ තියන සාපේක්ෂව විශාල ලෝහ ප්‍රමාණයක් දරුවන්ගේ කුඩා ශරීරය තුළට යන්න පුලුවන් නිසායි. ඒ නිසා දරුවන්ට හසු නොවෙන තැනක ඔබේ ලිප්ස්ටික් වර්ග ටික අරන් තියන්න.
ආලේපන ආරක්ෂිතව භාවිතා කිරීමට ක්‍රමයක් තිබෙනවාද ?
මුම්බායි හි සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය රශ්මි ෂෙට්ටි අනතුරු අඟවන්නේ, “කෙනෙක් දිනපතා ලිප්ස්ටික් ආලේප කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒකෙන් පරිස්සම් වෙන්න ඕනේ. රතු සහ තද වර්ණ වල වැඩිම ලෝහ ප්‍රමාණයක් තියනවා. ලිප්ස්ටික් ලෙවකෑමේ පුරුද්ද, නැවත නවත ආලේපනය කිරීමේ පුරුද්ද හෝ long-lasting වර්ණ ආලේප කරන්න ඔබ පුරුදු වෙලා නම් ඒකෙන් අහිතකර බලපෑම් ඇති වෙන්න පුලුවන්. ” බවයි.
ඔබට පරෙස්සම් වෙන්න පුලුවන් කොහොමද ?
අපි හුස්ම ගන්නා වාතයේ සහ අප පරිභෝජනය කරන ජලයෙ ඊට වඩා විෂ ද්‍රව්‍ය ඇති බව කියමින් ලිප්ස්ටික් වල ඇති ලෝහ ප්‍රමාණය අපට හානියක් නොකරන දෙයක් කියලා යමෙකුට තර්ක කරන්න පුලුවන්. ඔව්.. ලිප්ස්ටික් භාවිතයෙන් ඔබව මරන්නේ නෑ. නමුත් ඔබේ තොල්වල කුෂ්ඨ, දැවිලි, කළු පැහැයන් හෝ පතුරු ගැලවෙන ස්වභාවයක් ඔබ දුටුවොත්, ඒ සියල්ලටම හේතු වන නිෂ්පාදන භාවිතා කිරීම වහාම නතර කරන්න ඕනේ. මෙම මූලික දර්ශක ගැන විමසිල්ලෙන් සිටින්න. සඳහන් කිරීමට හානිකර රසායනික ද්‍රව්‍ය පිළිබඳ නිල ලැයිස්තුවක් නොමැති නිසා පැරබන්, රසායනික ද්‍රව්‍ය සහ ස්ථායීකාරක අධික ලෙස පිළිකා කාරක බව ඔබ දැනගෙන ඉන්න ඕනේ. සමහර රූපලාවණ්‍ය නිෂ්පාදන මගින් ආපස්සට හරවන්න බැරි හානියක් ඔබට සිදු වෙන්න පුලුවන්. ඒ නිසා ලිප්ස්ටික් වලට ආදරය කරන ඔබ මීට පස්සේ ඒවා ආලේපනය කරන්න කලින් හැම වෙලාවේම මුල් ස්ථරයක් ලෙස හොඳ මොයිස්චරයිසින් කාරකයක් තොල් වල ගාන්න. එය බාධකයක් ලෙස ක්‍රියා කරන නිසා ඔබේ තොල් වලට වෙන හානිකර බලපෑම් විශාල වශයෙන් අවම කරයි.
වෙළඳපොළේ තිබෙන ස්වාභාවිකයි කියන ලිප්ස්ටික් වර්ග පවා ඇත්තටම ස්වාභාවික නෑ. ඔබට ඒවා ගැන තියන දැනුවත්භාවය ඔබේ යහපැවැත්ම සඳහා යතුරයි. පහසුවෙන් ඉවත් නොවෙන, දිගු කල් පවතින මැට් ලිප්ස්ටික් ( long-lasting, matte lipsticks) භාවිතා කරන එක වළක්වා ගන්න. නිවසේදී ඔබේ තොල් වලට රැකවරණයක් සකසා ගැනීම සඳහා හොඳ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්න. අපේ ශරීරය තුළ දීර්ඝ කාලයක් තිස්සේ මෙසේ ඊයම් එකතු වීමෙන් ඔබ දැනටමත් භාවිතා කරන මාරාන්තික රතු ලිප්ස්ටික් වර්ගය නිහඬ ඝාතකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ප්‍රවීණයන් ඒකමතිකව කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ පරිස්සමින්, ලිප්ස්ටික් ෆවුන්ඩේශන් එකක් සහිතව මධ්‍යස්ථ ප්‍රමාණයෙන් භාවිතා කරන ලෙසයි.
නිවෙස් පිළියම්
ඔබ භාවිතා කරන මැට් ලිප්ස්ටික් වලින් බොහෝ විට කෙරෙන්නේ තොල් වියළමින්, තොල් වල තිබෙන තෙතමනය උරා ගන්න එකයි. පැය 12 ක් හෝ ඊට වැඩි කාලයක් පවතින මැට් ලිප්ස්ටික් භාවිතා කිරීමේ පුරුද්දක් ඔබට තිබෙනවා නම්, සෑම රාත්‍රියකම ඔබේ තොල්වලට මෘදු රැකවරණයක් ලබා දෙන්න ඕනේ. milk cream වගේ ස්වාභාවික මොයිස්චරයිස් එකක් භාවිතා කරන්න. සෑම රාත්‍රියකම ඔබේ තොල් මත ඒවා ආලේප කරන්න. මෙම අමුද්‍රව්‍යය අඳුරු තොල් වලටත් හොඳින් ක්‍රියා කරන අතර ඔබේ ස්වාභාවික තොල් වර්ණය නැවත ලබා ගැනීමට උපකාරී වෙයි.
මුහුණ ස්ක්‍රබ් කරන එක ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වනවා වගේම, ඔබේ තොල්වලත් මැරුණු සම ඉවත් කරන්න ඕනේ. කෙසේ වෙතත් ඔබට හානියක් කරන්න පුලුවන් රසායනික ද්‍රව්‍ය සහිත ස්ක්‍රබ් භාවිතා කරනවා වෙනුවට, ඔබේ තොල් මෘදු ලෙස ආරක්ෂා කර ගන්නට සුදුසු ස්වාභාවික ස්ක්‍රබ් එකක් භාවිතා කරන්න. මේක සිදු කිරීම සඳහා දුඹුරු සීනි කියන්නේ විශිෂ්ට අමු ද්‍රව්‍යයක්. දුඹුරු සීනි කැට ටිකක් අරගෙන මී පැණි බින්දුවක් සමඟ මිශ්‍ර කරලා රවුම් චලිතයකින් ඔබේ තොල් මත ආලේප කරන්න. ඒක ඔබේ තොල් වල මිය ගිය සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඊට පස්සේ ඇල්මැරුණු ජලය සමග සෝදන්න, පස්සේ තොල් වල ලිප් බාම් එකක් ආලේප කරමින් තෙතමනයට අගුළු දමන්න. ඔබේ තොල් මෘදු කර ගන්න නම් සතියකට වරක් වත් ඒ ක්‍රමය භාවිතා කරන්න.
ඔබට ලිප්ස්ටික් භාවිතයෙන් විවේකයක් ලබා ගැනීමට ඔබ තීරණය කළොත් ඔබේ තොල් වල අඳුරු පැහැය මග හරවා ගන්නත් අවශ්‍ය නම්, ඔබේ තොල්වලට වර්ණයක් එක් කරන ස්වාභාවික පිළියම් වෙත යොමු වෙන්න පුලුවන්. ඒ සඳහා බීට්රූට් කියන්නේ විශිෂ්ට අමුද්‍රව්‍යයක්. ඔබ කරන්න ඕනේ බීට්රූට් ගෙඩියක් අරගෙන තුනී පෙත්තක් කපලා ඔබේ තොල් මත අතුල්ලන එකයි. ඒකෙන් ක්ෂණිකව ඔබේ තොල් වලට ගැඹුරු රෝස පැහැයක් එක් කරයි. ඔබට භාවිතා කරන්න පුලුවන් තවත් අමුද්‍රව්‍යයක් වන්නේ දෙළුම්. එය ඔබට රෝස පැහැයට වඩා සැහැල්ලු පාටක් ලබා දෙයි. දෙළුම් ඇට කිහිපයක් පොඩි කරලා ඒ යුෂ ටික ඔබේ තොල් මත ආලේප කරන්න. හොඳම දෙය තමයි ඔබ තොල් ලෙවකමින් සිටියත්, මේවා ස්වාභාවික අමුද්‍රව්‍ය නිසා ඔබේ ශරීරයට ඒවා ඇතුළ් වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැති එක.
ලිප්ස්ටික් නිරන්තරයෙන් භාවිතා කිරීමෙන් ඔබේ තොල් නරක අතට හරවන්න පුලුවන් තවත් ගැටළුවක් වන්නේ තොල් ඉරි තැලෙන එකයි. කෙසේ වෙතත් ඔබට ලිප්ස්ටික් රහිතව පිටතට යන්න බැරි නම් ඔබේ තොල් සුව කිරීමට සරල අමුද්‍රව්‍යයක් භාවිතා කරන්න පුලුවන්. ආයුර්වේදයට අනුව ගිතෙල් (clarified butter) වල තොල් සුව කිරීමේ වාසි කිහිපයක් තියනවා. clarified butter ටිකක් අරන් කෙලින්ම ඔබේ තොල් මත ආලේප කරන්න, නැත්නම් රාත්රියේදී ඔබේ නාභියට ගිතෙල් බින්දුවක් යොදන්න පුලුවන්. මේ ක්‍රමය අභ්යන්තරවම ඔබේ වියළි බව ඉවත් කරමින් ඉරිතැළුණු තොල් සුව කිරීමට උපකාරී කරගන්න පුලුවන්. තත්වය වැඩිදියුණු වෙනකල් සෑම රාත්‍රියකම මෙය කරන්න.
ලිප්ස්ටික් හානිවලින් ඔබේ තොල් ආරක්ෂා කර ගැනීමට උපදෙස්
ලිප්ස්ටික් මගින් ඔබේ වටිනා තොල් වලට යම් හානියක් සිදු වෙන්න පුලුවන් බව මේ වන විට ඔබ දන්නවා, නමුත් අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ඔබට කරන්න පුලුවන් තවත් දේවල් තියනවා. විශේෂයෙන් ඔබට දිනපතා ලිප්ස්ටික් ආලේප නොකර එළියට යන්න බැරි නම් මේවා අනිවාර්යෙන්ම පුරුද්දක් කර ගන්න.
දිනකට දෙවරකට වඩා ලිප්ස්ටික් ආලේප කිරීමෙන් වළකින්න: ලිප්ස්ටික් කිහිප වතාවක් නැවත යොදනවා කියන්නේ ඔබට වැඩි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ගිලෙනවා හා වැඩි හානියක් සිදු කර ගන්නවා කියන එකයි. ඒක වළක්වා ගන්න නම්, දිනකට දෙවරකට වඩා නැවත එය නොකිරීමට පුරුදු වෙන්න.
ඔබේ තොල් ලෙවකන්න එපා: ඔබ ලිප්ස්ටික් ගාලා සිටියත් නැතත්, තොල් ලෙවකෑම හොඳ පුරුද්දක් නෙමෙයි. ඒ හරහා ඒවා වියළෙනවා වගේම ඔබව ඒ පුරුද්දට තව තවත් නැඹුරු වෙනවා. ඔබ තොල් සඳහා ලිප් ග්ලොස් භාවිතා කරනවා නම්, ඔබ මූලික වශයෙන් ඔබට ඒවා ද ඉබේම ගිලෙන අතර ඒ නිසා සෑම පැය කිහිපයකට වරක් නැවත නැවත ඒවා ආලේප කරන්න සිද්ධ වෙන එකෙන් ඔබව විෂම චක්‍රයකට හුරු වෙන්න පටන් ගනන්වා. ඒ නිසා මෙම පුරුද්දෙන් මිදීමට උත්සාහයක් දරන්න, ඔබේ තොල් ඒ සඳහා ඔබට ස්තූති කරයි.
අඳුරු, මැට් ලිප්ස්ටික් දිනපතා ආලේප කරන්න එපා : ඔබේ ලිප්ස්ටික් වර්ණය අඳුරු වන තරමට එය විෂ සහිත වෙනවා. ඒ නිසා හානිය අඩු වන පරිදි ආලෝකය වැඩි සහ අඳුරු පාට වැඩි ඒවා වෙනුවට විකල්ප වර්ණ භාවිතා කරන්න. ඔබ අඳුරු වර්ණවලට පමණක් කැමැත්තක් දක්වනවා නම්, හානිය අඩු කරගන්න සෑම දිනකම මැට් ලිප්ස්ටික් වෙනුවට දිලිසෙන ඒවා භාවිතා කරන්න.
ටින්ටඩ් ලිප් බාම් ආලේප කරන්න: අවම වශයෙන් සතියකට වරක්වත් තොල් වලට ලිප්ස්ටික් වලින් විවේකයක් ලබා දෙන්න. කෙසේ වෙතත් රසායනික ද්‍රව්‍ය නොමැතිව ඔබේ තොල් වලට වර්ණයක් එක් කරන ටින්ටඩ් ලිප් බාම් එකක් තෝරා ගන්නත් ඔබට පුලුවන්. හානිය තවත් අඩු කර ගැනීම සඳහා සුවඳක් නොමැති ලිප් බාම් තෝර ගන්න.