ඔයාගේ ආත්ම විශ්වාසය ගැන ඔයාට සැකයක් තියෙනවද?

September 8, 2020
6,526
Do you have doubts on your confidence?
ඔයාට ආත්ම විශ්වාසයක් නැති නම් නිවස තුල එහෙමත් නැතිනම් රැකියාව තුල විවිධ අංශ වල පසු බැසීම් වලට මුහුණ දෙනවා. අතම විශ්වාසය ඕනෑම කෙනෙක්ට තිබිය යුතුම ලක්ෂණයකි. ආත්ම විශ්වාසය නැති කෙනෙක්ට වඩා ආත්ම විශ්වාසය වැඩි කෙනෙක් අද සාමාජය තුල කැපී පෙනෙන බව වැඩියි. ඔයා ඒ නිසාම ආත්ම විශ්වාසයෙන් යුතුව එදිනෙදා ජිවිතයේ හමුවෙන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙමින් ජිවිතයට එන අභියෝග වලින් ජය ගෙන දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතා මග හැර ගෙන සාර්ථකව ජීවිතය ගෙන යන්න. අද හැඩකාරි අපි ඔයාට ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කර ගන්න ඔයා ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

සිතින් ශක්තිමත් වෙන්න
ඔයා කැමති ඇති රැකියා කරන ස්ථානයේ ඉහල තැනකට යන්න. නමුත් ඔයාට ඉලක්කයක් නැති නිසා මට මෙතනින් එහාට යන්න බැහැ, මට වාසනාවක් නැහැ වගේ දේවල් ඔයාගේ හිතට මැවෙනවා ඇති. වාසනාව තියෙන්න ඕනා වගේම වාසනාව නැති උණත් ඔයාට ඔයා ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔයාට ඔයාගේ හැම ඉලක්කයක්ම අභිබවා යන්න පුළුවන් වෙනවා. ඔයාගේ සිතින් සිහින මවන ගමන් ඔයාගේ තත්වය ගැනත් සිතන්න. ඔයාගේ සිහින වලට පළමුතැන දෙන්න ඒවාට ගරු කරන්න. එතකොට ඔයාට ඔයාගේ ඉලක්ක ලේසියෙන්ම ජය ගන්න පුළුවන්.  

ඉලක්ක ස්ථිර කර ගන්න
ඔයාට ඔයාගේ ඉලක්කයට මුහුණ දෙන්න පුළුවන් කියලා ස්ථිර විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනි. ඔයා ඔයාටම පොරොන්දුවක් දෙන්න, ඔයාගේ ඉලක්කයටම යනකම් අරමුණු ළඟා කර ගන්නකම් ඔයාගේ සිත දුර්වල නොවී ඉදිරියටම යනවා කියලා. ආත්ම විශ්වාසය බලවත් ආයුධයක් කියලා ඔයාට දැනේවි. 

හැම දවසකම අභියෝගයක් ඇති වැඩක් කරන්න
ඔයා ගොඩක් වෙලාවට බය වෙන්නේ, වෙන කෙනෙක් කරන දෙයක් නිසායි. පොඩි දේවල් වලට බය වෙලා ඉලක්ක අරමුණු ජය ගන්න වෙන්නේ නැහැ. ආත්ම ශක්තිය වැඩි කර ගන්න නම් ඔයා හැම දවසකම පොඩි අභියෝගාත්මක දෙයක් කරලා ඒ ගැන මෙනෙහි කරලා බලන්න. ඔබ බය වෙලා තියෙන්නේ බොරු දේකට කියලා වටහාගන්න නම්, ඔයා විසින්ම අභියෝග වලට මුහුණ දිය යුතුයි.

විවේචනය කරන්න එපා
ඔයා අතීත කලයේදිම කලේ ඔබව විවේචනය කරගන්න එක නම නම්, පහුගිය වසර ගණනාවකටම ඔයාට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔයගේ ආත්ම විශ්වාසය නම් බිඳ වැටෙන්න ඇති. ඔයාගේ සිත ඔයාට සෘණාත්මක සිතුවිලි ලබා දෙනවා නම් සිතට ශක්තියක් ගෙන දෙන ධනාත්මක සිතුවිලි ගැන සිතන්න. ලොව බිහි වූ විශිෂ්ඨ චරිත ගැන කියවන්න සොයා බලන්න. වැරදි සිදු වුනා කියලා කනස්සලට පත් වෙන්න එපා. හැමෝගෙම අතින් වැරදි සිදු වෙනවා. ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනි. වුණු වැරදි නැවත වරක් නොකරන්න වග බලා ගන්න.

බැරි දෙයක් නම් බැහැ කියන්න 
ඔයා අකමැති දේවල් වලින් ඔයාව පහලට ඇද දමා ගන්න එපා. අද සමාජයේ මිනිසුන් ඔයාගේ අකමැත්තෙන් ඉල්ලන අසාධාරණ මෝඩ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න. අනිත් අයගේ ඉල්ලීම් ඉටු කරන්න ගිහින් ඔයාගේ ඉලක්ක අමතක කර ගන්නේ නැතිව කාලය නාස්ති කර ගන්නේ නැතිව හිස නවන්නේ නැතිව ඔයාගේ ආත්ම ශක්තියෙන් ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න.

ආත්ම විශ්වාසය කියන්නේ පුද්ගලයෙක්ගේ ශක්තියයි. ඒ නිසා ආත්ම විශ්වාසය පලුදු කර ගන්නේ නැතිව ජිවත් වෙන්න පුරුදු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,000
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,985
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed