අළුත් සම්බන්ධතාවයකදී මේවා ගැන ඔබ සැලකිලිමත්විය යුතුයි

September 21, 2020
5,470
Be aware of these things in a new relationship
ආදරය කියන්නේ ඔබේ ජීවිතයට තවත් බලාපොරොත්තු සිහින එකතු කරන දෙයක්. නව සම්බන්ධතාවයක ආරම්භය සිත් ඇදගන්නාසුළු මෙන්ම උපක්‍රමශීලී වෙන්නත් ඕනේ. ඔහු සෑම විටම ඔයා ගැන සිතනවා නම් ආදරය තවත් සුන්දර වෙනවා. ඒ වගේ කෙනෙක් ආදරය කරනවා නම් ඒ කෙනා ගැන විශේෂ හැඟීමක් දැනෙන්න ඕනේ. සමර වෙලාවට ඔයා නිවැරදි දේද කරන්නේ, නිවැරදි තීරණයද අරන් ඉන්නේ කියලා සැකයක් මතු වෙනවා ඇති. අධික හැඟීම් සමග ආදරයක් ඇති වුණත් ඕනෙම දෙයක් සීමාවක් ඇතුළේ තියා ගන්න. ඒ වගේම ඔබේ පැත්තෙන් ද හොඳ දායකත්වයක් ආදරයට දෙන්න වග බලාගන්න. ඒ සඳහා ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් මේ දේවල් කරන්න උත්සහ කරන්න... 

1. ඔහු සමඟ සම්බන්ධ වන්න
සම්බන්ධතාවයක් පෙනුම හෝ හැඟීම් මත පදනම් වෙන්නේ නැහැ. ඔබ ඔහු සමග ආදරයෙන් බැඳෙන්න කලින් ඔහු සමඟ සම්බන්ධ වෙලා මුලින්ම ඔහු මොන වගේ පුදගලයෙක් ද කියලා සොයා බලන්න. ඔහුව තේරුම් ගැනීමට සහ විශ්වාසය ගොඩ නගා ගන්න උත්සහා කරන්න. විශ්වාසය හා ගෞරවය මත පදනම් වූ සම්බන්ධතාවයක් වඩා හොඳ හා දිගු කල් පවතිනවා.

2. සාමාන්‍ය ජීවන වළල්ලෙන් පොඩ්ඩක් ඉවත් වෙන්න
ක්‍රමවත් දිනචරියාව ඔබට සැනසිල්ලක් ලබා දුන්නත් ඉඳ හිට එයින් ඔබ්බට ගොස් ප්ලෑන් පොඩ්ඩක් වෙනස් කරන්න. වෙනස් දෙයක් කරන්න හදිසි තීරණ ගන්න. අලුත් දේවල් අත්විඳීමට ඔයාට ඉඩ දෙන්න. ඒ පුරුද්ද ඔයාට සැනසීමක් ලබා දෙනවා. ඔයාගේ සම්බන්ධතාවය ඉදිරියට යන බව සහතික කරගන්න ඔහු සමඟ සරල චාරිකාවක් යන්න සැලසුම් කරන්න. නැත්නම් ටිකක් ඇවිදින්න යන්න එන්න පුලුවන් ද කියලා විමසන්න.

3. සන්නිවේදනය කරන්න
ඔහු සමඟ කතා කරන්න. ඔයාට හැඟෙන ආකාරය ඔහුට කියන්න. ඔයා අදහස් කරන දේවල්, දැනෙන දේවල් ගැන ඔහුට හරියටම, පැහැදිලිව කියන්න. සන්නිවේදනය කියන්නේ ඕනෑම සම්බන්ධතාවයක පදනමයි. ඵලදායී සන්නිවේදනයකින් ඔයාගේ සම්බන්ධතාවය ගොඩනඟා ගන්න පුලුවන් අතර මෙමගින් අනාගතය සඳහා පදනමක් හදා ගන්නත් පුළුවන්.

4. ධනාත්මක වන්න
ධනාත්මක වෙන්න! ඔයා ඔහු ගැන නිතරම සැක කරනවා නම් හෝ  ඔහුගේ තීරණය වලට නිතරම බාධා කරනවා නම් දැන්ම ඒ දේවල් නවත්වන්න. ඔයා සහකරු විශ්වාස කරන්න පටන් ගන්න ඕනේ. ඔයාගේ ඍණාතමක වැඩ නිසා ඔහුව පහත් කර දමනවා වෙන්න පුලුවන්. ඔයාගේ ධනාත්මක භාවය ඔහුගේ ආත්ම ගරුත්වය සහ විශ්වාසය ඉහළ නැංවීමට උපකාරී වෙනවා.

5. ඔයාටම ආදරය කරන්න
“අනිත් අය ඔයාට ආදරය කිරීමට පෙර ඔයා ඔයාටම ප්‍රේම කරන්න.” ඔයා ඔයාටම ආදරය කරනකොට සහ ඔයාගේ සිරුර, මුහුණ, හිසකෙස් ගැන නිතරම සොයා බලනකොට ඔහුට ඔයාට ආදරය කරන්න ලේසි වෙනවා වගේම ඔයා ළඟ ඔහුට පහසුවෙන් ජීවත් වෙන්නත් පුලුවන් වෙනවා.

6. ඔබම වන්න
ඔයා වෙනත් අය වගේ ක්‍රියා කරන්න එපා. ඔහු නවීන තරුණියන්ට කැමති බව හැමවෙලාවකම කිව්වත් ඔහුගේ කැමැත්තට ඔයා ඔයාව වෙනස් කර ගන්න යන්න එපා. ඔයා විනෝදකාමී, නිදහස් ආත්මයක් ඇති පෙම්වතියක් නම් ඔයා ඔහුට පෙන්වන්න ඕනේ ‘ඔයාගේ ම’ ඇත්ත හැසිරීමයි. එතනින් එහාට ඔයා පතන සහකරු ඔයාට ආදරය කරන්නේ නැත්නම් ඔහු සමග විවහා වීමෙන් ඔබට කිසිම ඵලක් ඇත්තේ නැහැ.

7. මේ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න
ඔහුගේ සියළු සංඥා ගැන විමසිල්ලෙන් සිටින්න. ඔයාගේ සහකරු අවසාන මොහොතේදී සැලසුම් අවලංගු කරන්නේ නම්, ඔබ කරන සැලසුම් වලින් අඩක් ගැන උනන්දුවක් නොදක්වන්නේ නම් සහ ඔබ දෙදෙනාගේ බැඳීම්වලට ගරු නොකරන්නේ නම්, ඔහු ගැන ඇති බලාපොරොත්තු අත් හැරීම වඩා හොඳයි. ඔයා පමණක් ආදරය කරන සම්බන්ධතාවයක් ලුහුබැඳීමෙන් පලක් නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1835 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:17:26 AM
Script:/article/1835/be-aware-of-these-things-in-a-new-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:17:27 AM
Script:/article/1835/be-aware-of-these-things-in-a-new-relationship.html