ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා

September 21, 2020
76,106
Do not do these if you want to look rich
ලොව පුරා සිටින කාන්තාවන් බොහෝ දෙනෙක් සිත් ඇදගන්නාසුළු, පොහොසත් පෙනුමක් පෙනෙන ලෙස ඇඳුම් ඇඳීමට ප්‍රිය කරනවා. ඔයත් ඒකට කැමති ඇති. ඒ වගේ ආකර්ෂණිය පෙනුමක් ලබා ගැනීමට ඔයාට අති විශාල ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තෙන්ම අපි එතරම් සැලකිල්ලක් නොදක්වන මේ වැරදි ටික හදා ගත්තොත් ඔබට කා අතරත් කැපී පෙනෙන්න පුලුවන්.

කළු වර්ණය

හුඟාක් තරුණියන් කළු පාට ඇඳුම් අඳින්න කැමතියි. නමුත් වර්ණයේ දීප්තිය හේදිලා ගිය කළු ඇඳුම් වලින් නම් ඔයාගේ පෙනුම අපහසුතාවයට පත් කරනවා. ශයින් වෙන රෙදි වලින් නිමැවුණු කලු ඇඳුම් මිලදී ගැනීමෙන් වලකින්න. ඉතින් නිතරම ෆේඩ් නොවෙන රෙඳි වලින් නිමැවූ කළු පැහැති ඇඳුමක් තෝරා ගන්න.







ඇඳුමට ගැලපෙන මාලයක් තෝරා ගන්න

බෙල්ල හිස්කර තබනවාට වඩා පුංචි හෝ මාලයක් පැළඳීමෙන් හරිම ඉක්මනින් ඔබට ආකර්ෂණීය වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා ප්ලාස්ටික් ආභරණ පැළදීන්න එපා. හැම වෙලාවෙම අලංකාර සහ සරල ආභරණ පැළදින්න.






පාවහන් තෝරා ගැනීමේදී 

ක්ලැසික් මෝස්තරයක් සහිත සපත්තු දෙකක් මගින් ඔයාගේ පාදය ලස්සනට පෙන්වන්න පුලුවන්. ඒ වගේම සපත්තුවේ ඉදිරිපස කොටස විශාල වන, ඔයාට නොගැළපෙන සපත්තු පළඳින්න එපා. 






Size එක

ඔයාට නොගැළපෙන ප්‍රමාණයේ ඇඳුම් අඳින්න එපා. ඔයාගේ සිරුරේ size ගැලපෙන ඇඳුම් විතරක් අඳින්න. ඇඳුම ඕනෑවට වඩා ලොකු වුණාම ශරීරයේ හැඩය අවලස්සනටයි පේන්නේ.






වෙළඳ සන්නාම

ප්‍රසිද්ධ සන්නාම භාවිතා කර වෙළඳපොලේ ඇති ව්‍යාජ ඇඳුම් අඳින්න එපා. ඒකෙන් ඔයාගේ පෞරුෂයට හානියක් ඇති වෙනවා.






නියොන් වර්ණ ඇඳුම්

නියොන් වර්ණ ඇඳුම් වලින් වැලකී සිටින්න. තද ගැඹුරු වර්ණ තෝරා ගන්න.






යට ඇඳුම්

යට ඇදුම් පිටතට පෙනෙන විදිහට ඇඳුම් අඳින්න එපා. නමුත් පොහොසත් පෙනුමක් ලබා ගන්න නම් ඔයා යට ඇඳුම් පිටතට නොපෙනෙන ලෙසට ඇඳුම් අඳින්න.






බෑග්

කාන්තාවකට හෑන්ඩ් බෑග් එකත් ඉතාමත් විශේෂයි. ඔබ රැගෙන යන විට නිෂ්චිත හැඩයක් නැති කඩා හැලෙන බෑග් පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට නිශ්චිත ආකෘතියක් ඇති බෑග් එකක් භාවිතා කරන්න.





Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   88,679
   34

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Dress patterns for flower prints
   57,901
   32

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Food to regulate your menstrual circle
   39,215
   30

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
5 skin care tips for your neck
   20,796
   29

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Crazy of becoming fair? Read this
   8,871
   27

ඔයත් සුදු වීමේ උන්මාදයෙන් පෙලෙන කෙනෙක්ද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න

සුදු වෙන්න කියල නොකරන දෙයක් නැහැ. සමහර විට ඔයා දැනටමත් මේ

Latest Articles

Most Viwed