හෙයාර් කලරින් ගැන කතා කරද්දී සාම්ප්‍රදායික දුඹුරු පැහැති හිසකෙස් වර්ණය විතරක්ම හැමදාම යොදන එක ඔබටත් දැන් ටිකක් කම්මැලි වෙලා ඇති. මහෝගනී රතු හිසකෙස් වර්ණය (mahogany red hair color) වගේ නවීන දුඹුරු පැහැ වර්ණ ගවේෂණය කිරීම සැමවිටම හොඳ අදහසක් වෙන්නේ ඒ නිසායි. මෙම උණුසුම් පැහැය බැරෑරුම් ට්‍රෙන්ඩි ලුක් එකක් ඔබට ලබා දෙමින් ඔබේ වරලසේ පෙනුම ඉහළට ඔසවා තබනවා. විශේෂයෙන්ම මෑතකදී ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ මහෝගනී දුඹුරු පැහැති හිසකෙස් පෙනුම ගැන #mahoganyhair හෑෂ් ටැග් එක හරහා බෙදාගෙන තියනවා. ඒ නිසා ඔබටත් හිසකෙස් කලර් කරන්න අදහසක් තියනවා නම් මේ අලුත් විලාසිතා වර්ණය උත්සාහ කරලා බලන්න පුලුවන්.
ඔබේ කෙස් කළඹ වෙනුවෙනුත් මහෝගනී වර්ණ උත්සාහ කිරීමට ඔබ කැමති නම්, ඒ සඳහා ඔබට උදව් වෙන තොරතුරු අපි ඔබට අද කියන්නම්. පහත දැක්වෙන්නේ ඔබට හොඳම මහෝගනී හිසකෙස් කලර් ශේඩ්ස් 07ක්. ඒ වගේම හිසකෙස් වර්ණ ප්‍රවණතා ගැන ඔබ දැනගත යුතු සියල්ල අපි අද බෙදා ගමු...
මහෝගනී හිසකෙස් කියන්නේ මොනවාද?
මහෝගනී හිසකෙස් කියන්නේ ඔබ අනුමාන කරන විදිහටම මහෝගනී ලී පුවරුවක ඇති ලස්සන වර්ණ වලට සමාන හිසකෙස් වර්ණයටයි. ඔබ කැමති මහෝගනී ශේඩ්ස් මත පදනම් වෙලා එම වර්ණය එක්ක බොහෝ වෙනස්කම් රැසක් ඔබේ වරලසට කරන්න පුලුවන්. චොකලට් දුඹුරු, එස්ප්‍රෙසෝ, රතු සහ ගැඹුරු දම් පාට මිශ්‍ර කර ඇති වර්ණ ගැනත් සිතලා බලන්න. සමස්තයක් වශයෙන් මහෝගනී කියන්නේ තද පැහැයෙන් යුත් රතු-දුඹුරු හිසකෙස් වර්ණයක් වන අතර එය අලංකාර හා උණුසුම් පෙනුමක් ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට පරිපූර්ණ හිසකෙස් වර්ණයක්.
මහෝගනී හිසකෙස් වර්ණයක් ලබා ගන්නේ කොහොමද?
මහෝගනී හිසකෙස් වර්ණයක් භාවිතා කරන්න ඔබත් කැමති නම් ඔබට ඒ සඳහා ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ සඳහා ඔබ රූපලාවණ්‍යාගාරයකට යනවා නම්, ඔබේ කැමැත්තට සහ සමේ වර්ණය අනුව ඔබේ මහෝගනී පැහැය තෝරා ගන්න ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් සහයක් ලබා ගන්න. එහිදී ඔබට සුදුසුයි කියලා හිතෙන මහෝගනී වර්ණයෙන් හැඩ ගන්වපු කෙස් කළඹක ඡායාරූප කිහිපයක් රූපලාවණ්‍ය ශිල්පියාට පෙන්වන්නත් පුලුවන්.
ඔබ නිවසේදීම හිසකෙස් වර්ණගන්වන්න සිතා ඉන්නවා නම් ඒ සඳහාත් වෙළඳපලේ නිෂ්පාදන තියෙනවා. ඔබේ මහෝගනී හිසකෙස් වඩාත් රතු, දුඹුරු හෝ දම් පාටට නැඹුරු වෙනවට කැමතිද කියලා සරලව හිතලා තීරණය කරන්න.
දැන් ඔබ මහෝගනී හිසකෙස් වර්ණයන් පිළිබඳව මනා දැනුමක් ලබා ගත් නිසා, නිවැරදි පැහැයක් ආලේප කරන්න කාලය උදා වෙලායි තියෙන්නේ. පහත දැක්වෙන්නේ ඔබේ කෙස් කළඹේ පෙනුම වෙනස් කිරීමට භාවිතා කරන්න පුලුවන් මහෝගනී දුඹුරු හිසකෙස් වර්ණ ගැන අලුත් අදහස් 07 ක්.
1. CHOCOLATE MAHOGANY OMBRE
ඔබේ අවශ්‍යතාවන්ට සරිලන විදිහටම මෙම වර්ණය පැහැදිලි සහ තද හිසකෙස් වර්ණයක් ලබා දෙනවා. අඩු නඩත්තුවක් වැය වන මෙම පැහැය සිත් ඇදගන්නාසුළු නිමාවක් ලබා දෙනවා.
2. MAHOGANY SOMBRE
මෙම ප්‍රවණතාවයට ස්තූතිවන්ත වෙන්න, අනවශ්‍ය ලෙස වර්ණය උලුප්පන්නේ නැතිව චමත්කාරජනක නිමාවකින් මෙම වර්ණය ඔබට භාවිතා කරන්න පුලුවන්. මෙම මහෝගනී රතු හිසකෙස් වර්ණයෙන් හයිලයිට්ස් කිරීමන් මෘදු හා සියුම් ප්‍රවේශයක් ලබා දෙනවා
3. MAHOGANY COPPER
කොපර් වර්ණය සමඟ මුසු වුණු මේ නවීන වර්ණ සංයෝජනය ඔබේ හිසකෙස් පෙනුමට උණුසුම් බවක් එක් කරයි.
4. MAHOGANY BALAYAGE
මෙම වර්ණය ද ආකර්ෂණීය විකල්පයක්. මෙම හිසකෙස් වර්ණයට ඔබේ හිසකෙස් වල අලංකාරව පෙනෙන්නට අවශ්‍ය තැන් කැපී පෙනෙන්න වර්ණගන්වන්න පුලුවන්.
5. MAHOGANY WITH CARAMEL HIGHLIGHTS
මැහෝගනී වර්ණයත් එක්ක කැරමල් වර්ණයත් අතරින් පතර පෙනෙන විට ඔබේ හිස කෙස් වලට අමුතු ලස්සනක් එකතු කරනවා.
6. LIGHT MAHOGANY
දුඹුරු වර්ණයන් වලට කැමති ඔයාට ලයිට් මැහෝගනී වර්ණය තෝරගන්න පුලුවන්.
7. CHERRY MAHOGANY
මැහෝගනී වර්ණය හොඳින් පෙන්වන මේ වර්ණය ඔබේ හිසකෙස් වලට නවමු අලංකාරයක් ගෙනදෙයි.