Jumpsuit එකක් ඔබේ ශරීර හැඩයට ගැළපෙන විදිහට තෝර ගන්නේ මෙහෙමයි

October 8, 2020
9,031
How to choose a jumpsuit for body type
රැකියාවට, සාදයකට, සංචාරයකට හෝ එදිනෙදා ගමනකට බිමනකට අද කාලයේ තරුණියන් අඳින්න කැමතිම විලාසිතාවක් තම‍යි ජම්ප් සූට් කියන්නේ. මේ වෙද්දී ඒ විලාසිතාව ලෝකයේ වගේම අපේ රටේ ද ජනප්‍රියයි. මේ විලාසිතාවයේ තියන සුන්දරත්වය නිසාම ගොඩක් තරුණියන් උත්සහ කරනවා ජම්ප් සූට් එකක් ඇඳලා බලන්න. ඉතින් අපි අද ඔබට කියන්නම් ඔබේ ශරීර හැඩයට අනුව නිවැරදි ජම්ප් සූට් එකක් තෝර ගන්නේ කොහොමද කියලා.

ඔබ උස නම් : පළල් කකුල් සහිත ජම්ප්සූට් එකක් ගැලපෙනවා

සුභ පැතුම්! ඔබට හොඳ උසක් තියෙනවා නම්, සාමාන්‍යයෙන් ජම්ප් සූට් එක නිමැවුණු රෙදි වර්ග බොහොමයක් ඔබට ගැලපෙනවා. සෑම විටම ජම්ප් සූට් එකේ ඉන සිට කකුලේ වාටිය දක්වා ඇති උස ගැන සැලකිළිමත් වෙන්න. ජම්ප් සූට් එක විළුඹ වැසෙන්න හෝ ඊට දිග උනාට කමක් නෑ. එහෙම අඳින්න අකමැති හෝ අපහසු නම්, ඇන්කල්-ක්‍රොප් කියුලට් (ankle-cropped culotte) එකක් අඳින්න.










ඔබ උසින් අඩු නම්: සිහින්, දිගින් අඩු ජම්ප් සූට් එකක් උත්සාහ කරන්න

ඔබට කුඩා සිරුරක් නම් තියෙන්නේ, රෙදි ගොඩකින් නිමැවුනු ඇඳුමක් ගැලපෙන්නේ නෑ. ඔබේ සිරුරේ සුන්දරත්වය රැකගන්න නම්, ඔබ සිහින්, සිරුරේ හැඩය කැපීපෙනෙන කට් එකක් සහිත ජම්ප් සූට් එකක් තොර ගන්න ඕනේ. අනිත් දෙය, ඔබ ප්‍රින්ටඩ් මෙටීරියල් එකක් තෝරගන්නවා නම්, ඉහල සිට පහලට වෙනකම් ඒකාකාරීව විහිදුණු රටාවක් ඇති රෙදි වර්ගයකින් නිම වූ සූට් එකක් තෝර ගන්න. මෙයින් ඔබේ උස ටිකක් වර්ධනය කරලා පෙන්වනවා.








ඔබට ඇත්තේ පුලුල් උකුලක් නම්:

ඔබේ උකුල පළල් නම් එය සඟවන්න ඕනේ නෑ. උකුලට ඇතිවෙන අවධානය වලක්වන්න, ඕෆ්ශෝල්ඩර් (Off-shouder) ජම්ප් සූට් එකක් හොඳ විකල්පයක්. ඒ වගේම ජම්ප්සූට් එකේ කකුල් පලල් හෝ ස්ට්‍රේට් කට් එකක් සහිත එකක් තෝරා ගන්න.








ඔබට ඇත්තේ ඇපල් හැඩැති සිරුරක් නම්:

උරහිස් පළල, ඉන ප්‍රදේශයත් පළල කෙනෙකුට ජම්ප්සූට් එකක් තෝරා ගැනීමේදී ඉන ගැන අවධානයක් දෙන්න ඕනේ. ඉනට පටියක්, බෙල්ට් එකක් හෝ ඉලාස්ටික් එකක් ඇති ජම්ප්සූට් එකක් හොඳින් ඔබට ගැලපෙනවා. ජම්ප්සූට් එකේ කකුල් ස්ට්‍රේට්-කට් උනා නම් හොඳයි. V-neck එකකින් තවත් ඔයාගේ සිරුර ලස්සනට පෙන්වන්න පුලුවන්.








ඔබට විශාල පපුවක් තිබෙනවා නම්:

ටිකක් විශාල පපු ප්‍රදේශයක් තියනකොට ඒක ටිකක් වසන් කරන්න නේ ගොඩක් තරුණියන් උත්සහ කරන්නේ. ඒ නිසා පපු ප්‍රදේශය තද වෙන විදිහට ඇඳුම් අඳිනවා. නමුත් ඒකෙන් වෙන්නේ ඇත්ත වශයෙන්ම හුස්ම ගන්න අපහසු වෙන එකයි. ඒ වෙනුවට ඔබට පුලුවන් (ඉතා ගැඹුරු නොවන) V- හැඩයේ කර ප්‍රදේශයක් සහිත V-neck ජම්ප්සූට් එකක් අඳින්න. ජම්ප්සූට් එකේ කකුල් ස්ට්‍රේට්-කට් වන එක හොඳයි. ඒවගේම හැකිනම් කෙලින් ඉරි සහිත රෙදිවලින් නිමැවූ ජම්ප්සූට් එකක් තෝරා ගන්න.








ඔබට කුඩා පපුවක් තිබෙනවා නම්:

සරළ රැළි ඩීටේල් එකකින් එය වහන්න පුලුවන්. එයින් ඔබේ පපු ප්‍රදේශයට හොඳ පරිමාවක් එක් කරන්න පුලුවන්.









Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1863 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:25:26 PM
Script:/article/1863/how-to-choose-a-jumpsuit-for-body-type.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:25:27 PM
Script:/article/1863/how-to-choose-a-jumpsuit-for-body-type.html