ස්මාර්ට්ෆෝන් එක නාන කාමරයේදී භාවිතා කරන්න හොඳ නැති බව දන්නවද?

October 9, 2020
6,915
Do you know that its not good to use smart phone in the bathroom?
වර්තමානයේදී ලෝකයේ හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්නේ අතේ තියන ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලායි. ඒ බව සමීක්ෂණ වලින් පවා සොයා ගෙන තියෙනවා. අපි කාටත් මොන දේ අමතක වුණත් යන යන තැන ෆෝන් එක අරගෙන යන්න නම් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා නාන කාමරයට යන්නෙත් ස්මාර්ට්ෆෝන් එක අරගෙන නම්, ඔයා සලකා බලන්න ඕනේ අවදානම් තත්ත්ව කිහිපයක් තියෙනවා. මොකද ඒක ඔයාගේ සෞඛ්‍යයට විතරක් නෙමෙයි මනසට ද අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා.

හැඩකාරී අපි ඔයාගේ සෞඛ්‍යය ගැන නිතරම සැලකිලිමත් වන නිසා ඔයා වැසිකිළියේ, බාත් රූම් එකේ සිටිද්දී ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කිරීම සම්බන්ධයෙන් දැන ගන්න ඕනේ කරන වැදගත් කරුණු කිහිපයක් ගැන අද කියන්නම්...

හානිකර බැක්ටීරියා පැතිරෙයි
මෑත කාලයේ කරපු අධ්‍යයනයකින් පෙනී යන්නේ වැසිකිළියට වඩා අපේ දුරකථන අපිරිසිදු බවයි. ඒක ඉතා පිළිකුල් සහගත කරුණක්. ද්විතීයික පාසල් ළමුන් පිළිබඳ අධ්‍යයනයක දී E. coli නම් බැක්ටීරියාවෙන් ජංගම දුරකථන ආවරණය වෙලා ඇති බව සොයා ගෙන තියනවා. මෙම හානිකර බැක්ටීරියාව ආහාර විෂවීම වගේ බඩවැල් ආශ්‍රිත ගැටළු සමඟ සම්බන්ධයි. නමුත් ඔබේ නාන කාමරයේ ඉන්න එකම හානිකර බැක්ටීරියාව එය නෙමෙයි.

අර්ශස් වලට ගොදුරු වීමේ අවස්ථාව වැඩි කරයි
මේක සිද්ධ වෙන්නේ ඔබ වැසිකිළිය සඳහා වැය කරන කාලය තුළදී ඔයා අවයව මත වැඩි කාලයක් පීඩනය යෙදීම නිසායි. ඒකෙන් අර්ශස් ඇති වෙන්න පුලුවන්. මෙම සම්බන්ධතාවය තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ පවත්වලා තියනවා. වැසිකිළියට ස්මාර්ට්ෆෝන් එක රැගෙන යන පුද්ගලයන් අර්ශස් රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව ඒවායින් අනාවරණය වෙලා තියනවා. ඒ නිසා වැසිකිළි යාමේදී දුරකථනය මග හරින්න. ඒකෙන් සෞඛ්‍ය ගැටලු ගොඩක් වලක්වා ගන්න පුළුවන්.

අපගේ සිතීමේ හැකියාව සීමා කරයි
ජංගම දුරකථන ඔයාගේ චින්තනයට බාධා ඇති කරනවා. අපි ස්මාර්ට්ෆෝන් එකක් භාවිතා නොකරන අවස්ථා වලදී හෝ ඒවා ක්‍රියා විරහිත කර තිබෙන වෙලාවල් වලදී අපේ කාර්යයක් සාර්ථකව නිම කර ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එම නිසා දුරකථනය භාවිතය සිමා කර ඔයාගේ මනසට අත්‍යවශ්‍ය වන නිදහස ලබා ගන්න. ටික වෙලාවකට හරි දුරකතනයෙන් ඈත් වෙලා තනිවම කාලය ගත කිරීම සුදුසුයි. මෙයින් අදහස් කරන්නේ දුරකථන නාන කාමරයට රැගෙන යාමෙන් ද ඔයාගේ මනසට අවශ්‍ය වටිනා විවේක කාලයක් අඩු වෙන බවයි.

ශ්‍රෝණි තලයේ අක්‍රියතාවයන් ඇති කරයි
වැසිකිළියේ දීර්ඝ කාලයක් ගත කිරීම ඔයාගේ මාංශ පේශි සඳහා ගැටළු ඇති කරනවා. විශේෂයෙන් බඩවැල්, මුත්‍රාශය සහ යෝනි මාර්ගය වගේ අවයව පහළට පහත් වීමෙන් ඔබේ ශ්‍රෝණි තලයේ අක්‍රියතාවයන් ඇති වෙන්න පුලුවන්. ඒකට හේතුවක් වන්නේ දිග කාලයක් වැසිකිළියේ හිඳගෙන ඉද්දී සිටින ඔයාගේ ඉරියව්වයි.

ඔයාගේ දුරකථනය මත රඳා පැවතීම වැඩි කරයි
ස්මාර්ට්ෆෝන් එක නැතිව අපිට වෙන කිසිම වැඩක් කරන්න බැරි තරමටම අපිව එය අසරණ කරලා තියෙන්නේ. ඒකෙන් අපිට මුළු ලෝකයක් ම සම්බන්ධ කළත් අනවශ්‍ය තරම් අපි දැනටමත් ඒකට අධික ලෙස ඇබ්බැහි වෙමින්, දුරකථනය මතම යැපෙන්න පුරුදු වෙලායි ඉන්නේ. මේ පුරුද්ද අපිට අප වටා ඉන්න අය ගැන තියෙන අවධානය ටිකෙන් ටික සහමුලින්ම නැති කරන්නයි යන්නේ.

ඔයා ජිවත් වන සමාජයේ මිනිසුන් ජංගම උපාංගවලට ඇබ්බැහි වීම ගැන ඔයා සිතන්නේ කුමක්ද? මෙමගින් හානිකර තත්වයක් ඇති කරන බවට ඔබ එකඟද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1866 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:33:50 PM
Script:/article/1866/do-you-know-that-its-not-good-to-use-smart-phone-in-the-bathroom.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:33:51 PM
Script:/article/1866/do-you-know-that-its-not-good-to-use-smart-phone-in-the-bathroom.html