YOGA PANTS පුළුවන් හැමතැනටම අඳින්න කැමතිද? මේ නීති 5 දැන ගන්න

October 17, 2020
7,767
Rules to wear yoga pants anywhere
එක්සත් ජනපදයේ පමණක් මිලියන 36.7 ක ජනතාවක් යෝගා ව්‍යායාම කරනවා. ඒ වගේම එම සංඛ්‍යාව සෑම වසරකම වැඩි වෙමින් පවතිනවා. ඒ සෑම කෙනෙක්ම තමන්ගේ යෝගා කලිසම ජිම් එකට විතරක් ඇඳගෙන යන්නේ නෑ. නමුත් වර්තමානයේ තියන නවීනතම විලාසිතා ප්‍රවණතාවලින් එකක් විදිහට මේ යෝගා කලිසම් ඕනෑම ගමනකට අඳින ඇඳුමක් විදිහට භාවිතා කරනවා දකින්න පුලුවන්. ඇත්තටම YOGA PANTS කියන්නේ සිසිල්, සැපපහසු ඇඳුමක්. ඔබ නිවැරදි YOGA PANTS යුගලයක් තෝරා ගත්තොත් ඒක ඔබේ ශරීරයට පුදුම සහගත පෙනුමක් එක් කරනවා.

නමුත් වැරදි YOGA PANTS යුගලයක් ලබා ගත්තොත් ඔබේ පෙනුම විනාශ වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ කෑමකට ගියත්, ජිම් එකට ගියත් යෝග කලිසම් නිසි ලෙස අඳින්න ඕනේ ආකාරය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා මේ ලිපිය ඔබට වැදගත් වෙයි.

1. සුදුසු පරිදි යෝගා පැන්ට් අඳින්න ඕනේ ආකාරය
මේක ඔබ අඳින ඕනෑම ඇඳුමකට අදාළ කාරණයක්. නමුත් යෝගා කලිසම් අඳිද්දී සුදුසු එක තෝරා ගත්තේ නැත්නම් ඒක විශේෂයෙන් ඔබේ පෙනුමට සමාව දෙන්න බැරි වැරැද්දක් වෙනවා. ඉතා තද යෝගා කලිසම් ඔබේ ඉණ සහ තට්ටම් ප්‍රදේශය දැඩිව ඉස්මතු කරලා පෙන්නන්න පුලුවන්.

දැඩි විදිහට ඇඟට තද වෙලා තියන යෝගා කලිසම් නිසා ඔබේ යට ඇඳුම් වල දාර පේන්න තියන අවස්ථා වැඩියි. ඒකෙන් ඔබේ පෙනුම විනාශ කරනවා. නමුත් ඔබේ යෝග කලිසම් ඕනෑවට වඩා බැගී වෙන්න ඕනේත් නෑ.

ඔබ මිලදී ගන්න යෝග කලිසම ඉන උඩට හොඳින් ෆිට් වෙන්න තියෙන්න ඕනේ. යෝගා කලිසම් හිප් එකට අඳින්නේ නෑ. එයත් මතක තබා ගන්න.

ඔබට විවිධ විලාසිතාවන් වල යෝග කලිසම් අඳින්න අවශ්‍ය වෙන්න පුලුවන්. 'යෝග කලිසම් කියන්නේ මොනවාද' කියලා ඇහුවාම ඕනෙම කෙනෙක්ට මුලින්ම හිතෙන්නේ ඉන උඩ සිට වළලුකර දක්වා ඇඟට තද කලිසම් කියලායි. නමුත් boot-cut හා short yoga pants ද ඔබට හොඳ විකල්ප වෙනවා.

ඕනේම ඇඳුමක විලාසිතාව සහ එය ඇඟට හොඳින් ෆිට් වෙන එක ඔබේ සුවපහසුවට අනිවාර්‍යෙන්ම බලපානවා. යෝග කලිසම් වල තියන වටිනාකම තමයි ඒවා සුවපහසු වගේම විලාසිතාමය ගතියෙන් යුක්ත වෙන එක. නමුත් සුදුසු කලිසම් වර්ගය තෝර ගත්තේ නැත්නම් ඒ සුවපහසුව ඔබෙන් ඈත් වෙලා යනවා!

2. ඇඟ පේන එක වළක්වගන්න
ඔබට සුදුසු යෝගා කලිසමක් හොයා ගත්තාට පස්සේ ඔබට තවත් බාධකයකට මුහුණ දෙන්න වෙනවා. ඔබේ යෝගා කලිසම් රෙද්ද ඝන නැත්නම් ඒක ඇදෙනකොට ඇඟ පේන්න පුලුවන්. ඔයා ගෙදරදී මේක අඳිනකොට ඒ තත්ත්වය දකින්න බැරි වෙන්න පුලුවන්. නමුත් ඔබ දීප්තිමත් හිරු එළිය සහිත පරිසරයකට ආවාට පස්සේ මිනිස්සු ඒ බව පේන්න පුලුවන්. ඒ නිසා හොඳ රෙද්දකින් නිර්මාණය කරපු යෝගා කලිසම් මිලදී ගන්න.

ඔබගේ යෝගා කලිසමට යටින් ඇඳපු දේවල් ද ඔබේ පෙනුමට බලපානවා. ඒ නිසා යෝගා කලිසම් අඳිනකොට යට ඇඳුම් ප්‍රවේශමෙන් තෝරා ගන්න.

මූලික රීතිය තමයි යෝගා කලිසම් අඳිද්දී thong එකක් අඳින එක සුදුසුයි. නැත්නම් කිසිම යට ඇඳුමක් අඳින්න එපා. මෙහෙම අඳින එක ටිකක් අපහසු වෙන්න පුලුවන්. නමුත් ඔබේ යට ඇඳුම් යෝග කලිසමේ පිටුපසින් පේනවාට වඩා ඒක හොඳයි!

3. අමතර ඇඳුම් විලාසිතා එකතු කරන්න

යෝගා කලිසම් තවදුරටත් ජිම් එකට පමණක් සීමා වෙන්නේ නෑ. යෝගා කලිසම් සමඟ අඳින්න සුදුසු අනිත් ඇඳුම් වර්ග මොනවාද කියලා හොයාගත්තාම ඒවායින් ඔබට හොඳ පෙනුමක් ලබා ගන්න පුලුවන්. ඔබට පහසු නම් නම් tight top එකක් සහ විශාල ප්‍රමාණයේ ජැකට් එකක් ඇඳලා බලන්න. ඩෙනිම් ජැකට් එක්ක යෝගා කලිසමක් අඳිනවා නම් ඒක දිවා කාලයේ සාමාන්‍ය ගමනකට හොඳයි. නමුත් ඔබ තදට අඳින්න කැමති නැත්නම් ඔබේ යෝගා කලිසමට tank top එකක් අඳින්න පුලුවන්.

ඔබේ යෝගා කලිසම් සමඟ වැරදි පාවහන් පළඳින්න එපා. යෝගා පෑන්ට් එකේ කට් එක අනුව තෝරගන්න ඕන පාවහන් වෙනස් වෙනවා.

Boot cut යෝගා කලිසම් සඳහා සරල පා වහන් හොඳින් ගැළපෙනවා. ඔබ කැමති නම් Sneakers වුණත් ඔබට පළඳින්න පුලුවන්. ඔබේ බූට් කට් යෝගා පෑන්ට්ස් වල වාටිය බිම ගෑවෙන්නේ නැති නම් හෝ පැටලෙන්නේ නැති නම් බැලේ ෆ්ලැට්ස් (ballet flats) උනත් අඳින්න පුලුවන්.

ඇඟට තද යෝගා කලිසම් සමඟ Sneakers වගේම සරල ක්ලැසික් සැන්ඩ්ල්ස් ද හොඳින් ගැළපෙනවා. මතක තබා ගන්න, ඔබේ පා වහන් වලට ඔබේ යෝග කලිසමට වඩා අවධානය ලැබෙන්න දෙන්නත් එපා.

කෙටි යෝග කලිසම් ජිම් වලින් පිටතට ඇඳුමක් ලෙස අඳිනවා ගොඩක් අඩුයි. නමුත් මෙයින් අදහස් කරන්නේ නෑ ඒවායින් ඔබට හොඳ පෙනුමක් ලබා ගන්න බෑ කියලා!

කෙටි යෝග කලිසම් වලට මලල ක්‍රීඩා සපත්තු, ballet flats හෝ සෙරෙප්පු වලින් හොඳ පෙනුමක් ලැබෙනවා.

























































4. රැකියාවට යද්දී අඳින්න එපා

ඔව්, යෝග කලිසම් වලින් ඔබට ඉතා හොඳ පෙනුමක් ලබා දෙනවා. නමුත් ඒවා කාර්යාලීය ඇඳුම් වර්ගයක් නම් නෙමෙයි. මේවා ඔෆිස් පෑන්ට්ස් එකක් එක්ක සමාන කරන්න බෑ. කාර්‍යාලීය රැස්වීම් වලදී ඔයා යෝගා කලිසම් අඳින එක නම් ඔබේ සේවාදායකයින්ගේ සිත් අරගන්න එකක් නෑ.

5. ප්‍රින්ට් සහිත කලිසම් තෝර ගන්න

මෙහිදී විවිධ මුද්‍රණ සහිත යෝග කලිසම් එක්ක ඔබට බොහෝ තේරීම් කරන්න පුලුවන්.

සාම්ප්‍රදායික කළු වර්ණ හෝ නේවි වර්ණ වලට ඔයාගේ ඇහැ වැඩිපුර යන්න පුලුවන්. ඒත් ප්‍රින්ට් තියෙන යෝගා පෑන්ට්ස් වලින් ඔයාට විලාසිතා බොහොමයක් කරන්න පුලුවන්. 

ඔබ කැමති වර්ණ හෝ රටා ගැන සොයා බලන්න. ඔබේ අල්මාරියේ තියෙන අනිත් ඇඳුම් ආයිත්තම් සමඟ මැච් කරන්නේ කොහොමද යන්න ගැනත් හොඳින් සිතා බලන්න.

ඔබ ණුවනක්කාර ලෙස රටා ඇති යෝගා පෑන්ට්ස් මැච් කරනවා නම් ටොප් එක පුලුවන් තරම් සරල තේරීමක් වෙන්න වග බලා ගන්න.

සමහර විට මුද්‍රණ සහිත යෝගා කලිසම් තනි වර්ණ වලට වඩා පැසසුමට ලක් වෙන්න පුලුවන්. ඔබේ සිරුරේ හැඩය වැඩි කරන්න mesh panel තියෙන කලිසම් හෝ පටි රටා ඇති යෝග කලිසම් ඇත්තෙන්ම හොඳ තෙරීමක් වේවි.





















Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1877 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:42:10 PM
Script:/article/1877/rules-to-wear-yoga-pants-anywhere.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:42:11 PM
Script:/article/1877/rules-to-wear-yoga-pants-anywhere.html