සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

April 6, 2017
54,528
Sri Lankan Pickle (Sinhala Achcharu)
රතු ලුණු 250g
කැරට් 2 (අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගන්න)
බෝංචි 5 (අවශ්‍යනම් )
මිරිස් කරල් 15ක් (වෙන් නොවන සේ දෙකට පලා ගත්)
කුඩා ගැට ගස්ලබු ගෙඩියක් (අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගත් ගන්න)
විනාකිරි කෝප්ප 1ක්
අබ කුඩු මේස හැඳි 1-2ක්
ලුණු
ඉඟුරු කැබැල්ලක් (අඟල 2 පමණ දිග)
සුදු ලුණු ගෙඩි 1ක්
කහ කුඩු ස්වල්පයක්

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න. ඉන්පසු රතු ලුණු, කැරට්, බෝංචි, මිරිස් කරල් හා ගස්ලබු ටික වෙන වෙනම විනාකිරි වල දමා තප්පර 30 ක් පමණ වෙලාවක් තම්බා ගන්න.

ඉන්පසු කලින් අඹරා ගත් අබ හා ඉඟුරු මිශ්‍රණය විනාකිරි භාජනයට දමා මිනිත්තු 2 ක් පමණ හොඳින් උයා ගන්න. දැන් විනාකිරි මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන කලින් සකස් කරන ලද එළවලු සියල්ල එක්‌ කර හොඳින් කලවම් කර ගන්න.

ඉන්පසු හොඳින් වේලා ගත් පිරිසිදු විදුරු බෝතලයකට හෝ මැටි මුට්ටියක දමා කල් තබා ගත හැක.

මෙය හරිම රසයි වගේම හොද සුවදකුත් එනවා.

අච්චාරු සාදන විට මැටි හට්ටියක් භාවිතා කිරීම ඉතා වැදගත්ය. එලෙසම තෙත නැති පිරිසිදු හැන්දක් භාවිතා කළහොත් මෙය මාස 5-6 ක පමණ කාලයක් කල් තබා ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,250
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,999
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed