ඇඳුම් වලින් දහඩිය පැල්ලම් ඉවත් කර ගැනීමට මේ උපදෙස් පිළිපදින්​න

November 6, 2020
3,258
How to remove sweat stains from clothes
පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා අපේ ශරීරයට ද එක එක විදිහේ බලපෑම් ඇති වෙනවා. අධික රස්නයක් තියන දවස් වලදී ඔයාට අධික ලෙස දහඩිය දමනන්නේ ඒ නිසායි. ඒ අතර ඇඳුම් වල ඇති වෙන දහඩිය පැල්ලම් ලොකු කරදරයක් වෙනවා. ඒක ඇත්තටම ලැජ්ජාවට කරුණක් නෙමෙයි. හැමෝටම එහෙමයි. නමුත් ඔයාගේ ඇඳුම් වල ඇති වුණ පැල්ලම් ඉවත් කිරීමට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අද හැඩකාරී අපි ඔබට කියන්න හිතුවේ දහඩිය පැල්ලම් ඉවත් කිරීම ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු වැදගත් කාරණා කිහිපයක් ගැනයි. දැන් ඔයාට දහඩිය පැල්ලම් ඉවත් කිරීමට අනවශ්‍ය වෙහෙසක් දරන්න ඕනේ නෑ.

දහඩිය පැල්ලම් ඉවත් කරන්නේ කොහොමද යන්න පිළිබඳව උපදෙස් කිහිපයක් මෙන්න:

ලෙමන් යුෂ - ඇඳුම් සෝදන්න කලින් ලෙමන් යුෂ හා ජලය සමාන ප්‍රමාණයෙන් මිශ්‍ර කරලා පැල්ලම් මතට යොදා අතුල්ලන්න.

ලුණු - රෙදි සෝදන්න කලින් උණු වතුර භාජනයකට ලුණු ටිකක් එකතු කර ස්පොන්ජ් එකක් ආධාරයෙන් දහඩිය පැල්ලම් මත අතුල්ලන්න.

Ammonia - ඇඳුම් සෝදන්න කලින් Ammonia සහ ජලය සමාන ප්‍රමාණයෙන් මිශ්‍ර කරලා පැල්ලම් මතට යොදා අතුල්ලන්න.

දියර රෙදි සෝදන ඩිටර්ජන්ට් සහ හිරු එළිය - මුලින්ම ඇඳුම් උණුසුම් ජලයේ පොඟවා ගන්න. දහඩිය පැල්ලම් ඇති තැනට දියර ඩිටර්ජන්ට් වත් කරන්න. ඊට පස්සේ අව්වේ ඩිටර්ජන් යෙදූ තැන් වලට වතුර ස්ප්‍රේ කරමින් තෙත්ව පැය 3-4 ක් තබාගන්න. පස්සේ සිසිල් ජලයෙන් සෝදන්න.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් - මේක නම් පාට ඇඳුම් මතට භාවිතා කරන්න එපා. සේදීමටකලින් දහඩිය පැල්ලම මතට සමාන ප්‍රමාණයෙන් ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිශ්‍ර කර දමා මිනිත්තු 30 ක් තබා සෝදා හරින්න.

ඇස්පිරින් - ඇස්පිරින් පෙති 2 ක් කුඩු කරලා උණුසුම් ජලය කෝප්ප 1/2 ක් සමග මිශ්‍ර කරන්න. සේදීමට පෙර පැය 2-3 ක කාලයක් ඇස්පිරින් සහිත ජලයේ ඇඳුම් පොඟවා ගන්න.

සුදු විනාකිරි - සෝදන්න කලින් සුදු විනාකිරි ටිකක් අරන් කෙලින්ම දහඩිය පැල්ලම මතට දමා අතුල්ලන්න.

බේකිං සෝඩා - බේකිං සෝඩා ස්වල්පයකට අවශ්‍ය තරම් ජලය එකතු කරලා පේස්ට් එකක් සාදා ගෙන පැල්ලම මතට යොදන්න. ඇඳුම් සෝදන්න කලින් පැය කිහිපයක් තබන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1900 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:12:44 PM
Script:/article/1900/how-to-remove-sweat-stains-from-clothes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:12:45 PM
Script:/article/1900/how-to-remove-sweat-stains-from-clothes.html