අපිරිසිදු මාස්ක් පැළඳීමෙන් උගුරේ අමාරු ඇති වෙන්න පුළුවන් කියලා දන්නවාද?

November 7, 2020
1,410
Why do we get throat ache when using masks?
COVID-19 පැතිරීම මන්දගාමී කිරීමේ ඵලදායී මෙවලමක් වගේම, මේ කාලයේදී ඔබට මුහුණු ආවරණ වලින් නම් විවේකයක් ලබා ගන්න එක කොහෙත්ම සුදුසු නෑ. කොච්චර අමාරු වුණත් පුරවැසියන් විදිහට ඔබ ඒ සෞඛ්‍යමය දායකත්වය සමාජයට ලබා දෙන්නම ඕනේ. ඒත් මේ මුහුණු ආවරණ නිසා ගොඩක් අය විවිධ අපහසුතා වලට පත් වෙලා ඉන්න ආකාරයත් දකින්න පුළුවන්. දැන් ෆේස් මාස්ක් නිසා,

ඇස් කණ්නාඩි අපැහැදිලි වෙනවා.

මානසික කාංසාවට මූලාශ්‍රයක් වෙන්නත් පුළුවන්.

නැත්නම් මාස්ක් පළඳින්නේ නැති කෙනෙක්ට පළඳින්න කියන්න ගිහින් නිකන් නැති ප්‍රශ්න ඇති කරගන්න එක.

දැන් ඒ ලැයිස්තුවට තවත් දෙයක් එකතු වෙලා තියනවා. ඒ උගුරේ අමාරුව. සමහර අයට මාස්ක් පැළඳීමෙන් පස්සේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියනවා. එම නිසා ඔබ මාස්ක් එකක් නැවත නැවතත් පළඳිද්දී උගුරේ අමාරුවක් ඇති වෙන්න හේතුව ගැන කල්පනා කරනවා නම්, ඒ වගේ තත්ත්වයක් කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගැනීමට දිගටම මේ ලිපිය කියවන්න.

මේ දවස් වල අපි දිනපතා අත් සෝදන්න ඕනේ වගේම සෑම පෘෂ්ඨයක්ම සහ අපි ජීවත් වෙන සෑම අවකාශයක් ම හොඳින් පිරිසිදු කරන්න ඕනේ බව අපි දන්නවා. ඉතින්, අපිරිසිදු මාස්ක් එකකින් උගුරේ අමාරුවක් ඇති වෙනවා නම් ඒක පුදුමයක් නෙමෙයි. නමුත් උගුරේ අමාරු ඇති වෙන්න එකම හේතුව ඒක නෙමෙයි. උගුරේ අමාරුව ඇතිවීමට හේතු සහ වෙනත් සාධක ද ඒ තත්ත්වයට බලපාන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.

උගුරේ අමාරුවක් ඇතිවීමට හේතු
උගුරේ අමාරුව සාමාන්‍යයෙන් වෛරස්, බැක්ටීරියා හෝ පාරිසරික දූෂණ නිසා ඇති වෙන්න පුළුවන්. ඔබේ කටහඬ ඕනෑවට වඩා භාවිතා කිරීම, වියළි වාතය හෝ ගැස්ට්‍රයිටිස් වගේ රෝගී තත්වයන් නිසා ද ඒවා ඇති වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට උගුරේ අමාරුව ඇති වෙන්න පුළුවන් නමුත් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්, ආසාත්මිකතාවයකින් පෙළෙන අය සහ වැඩිපුර කටහඬ භාවිතා කරන අය බොහෝ විට ඒ වගේ තත්ත්වයකට විශේෂයෙන් නැඹුරු වෙන්න පුළුවන්.

මාස්ක් එකක් දිග වේලාවක් පැළඳීමෙන් පස්සේ උගුරේ අමාරුවක් ඇති වෙන්නේ ඇයි?
මාස්ක් එකක් පැළඳගෙන සිටිද්දී බොහෝ විට අනිත් අයට ඇහුම්කන් දෙනකොට ශබ්ද නගා කතා කරන්න සිද්ධ වෙනවා. ඒක ඔබට වාචික ආතතියක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. වෙනත් අවස්ථා වලදී, නොසේදූ හෝ අපිරිසිදු මාස්ක් වල වාසය කරන වෛරස් හෝ විෂබීජ වලින් උගුරට බලපෑමක් ඇති කරන්න පුලුවන්. ඒවා සේදීමකින් තොරව නිතර භාවිතා කිරීම හා අපිරිසිදු දෑතින් ඒවා රැගෙන යාම ද හේතුවක්. අපිරිසිදු මාස්ක් වලින් උගුරේ තත්වය වඩාත් නරක අතට හරවන්නේ ඔබ මාස්ක් එකක් පැළඳගෙන ඉන්නකොට ඔබේ මාස්ක් එකේ සිරවී ඇති බැක්ටීරියා හෝ වෛරස් ආශ්වාස කෙරෙන නිසායි.

වෙස් මුහුණු නිතිපතා සේදීමට අමතරව, උගුරේ අමාරුව වැළැක්වීමට කරන්න පුලුවන් තවත් දේවල් මොනවාද?
මුලින්ම ඔබ ඔබේ මාස්ක් එක ස්පර්ශ කරන හෝ ඉවත් කරන වාර ගණන සීමා කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම මාස්ක් එක ඉවත් කිරීමට අවශ්‍ය වුණාම ඒවා ගලවා දමද්දී හා ඒවා පැළඳ සිටිනකොට ඔබේ දෑත් වල පිරිසිඳුකමට ද අවධානය දෙන්න.

මෙම උගුරේ අමාරුවට විදේශ රට වලදී throat sprays හෝ lozenges මගින් හා ඖෂධ වලින් ප්‍රතිකාර ලබා දෙනවා. නමුත් ඔබට උගුරේ අමාරුවක් හෝ නිතර නිතර රෝගී තත්ත්වයන් වැළඳෙන්නේ ඇයි කියලා ඔබට විශ්වාස නැත්නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම වැදගත් වෙනවා.

රෙදි මාස්ක් පිරිසිදු කරන්නේ කොහොමද?
අපිරිසිදු මාස්ක් නිසා ඔබට ඇති වෙන්න පුළුවන් උගුරේ අමාරු අවදානම අඩු කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙන මාස්ක් පිරිසිදු කිරීමේ උපදෙස් කිහිපයක් මෙන්න.

රෙදි සෝදන යන්ත්‍රයක ඔබේ මාස්ක් සෝදන්නේ කොහොමද?
ඔබේ අනෙක් රෙදි සමඟ ඔබේ මාස්ක් එක ද සෝදන්න පුළුවන්. මාස්ක් එක මහලා තියන රෙදි වර්ගය සඳහා සාමාන්‍ය රෙදි සෝදන ඩිටර්ජන්ට් එකක්ම භාවිතා කරන්න. ඔබට තියෙන්නේ සංවේදී සමක් නම් මෘදු ඩිටර්ජන්ට් එකක් භාවිතා කරන්න.

ඔබේ මාස්ක් එක අතින් සෝදා ගන්නේ කොහොමද?
මේ සඳහා අමතර පියවර කිහිපයක් අවශ්‍ය වෙනවා:

1 ආරම්භ කරන්න කලින් ඔබේ බ්ලීච් නිෂ්පාදනය විෂබීජ නැසීම සඳහා සුදුසු ද කියලා බැලීමට නිෂ්පාදනයේ ලේබලය පරීක්ෂා කරන්න. වර්ණ ගැන්වූ ඇඳුම් මත ආරක්ෂිතව භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ඇති සමහර බ්ලීච් නිෂ්පාදන විෂබීජ නාශක සඳහා සුදුසු වෙන්නේ නෑ.

2 සෝදද්දී ඔබ හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශයක සිටින බවට වග බලා ගන්න.

3 බ්ලීච් විසඳුමක් පිළියෙළ කරන්න. 5.25% -8.25% සෝඩියම් හයිපොක්ලෝරයිට් අඩංගු බ්ලීච් එකක් භාවිතා කරමින් කාමර උෂ්ණත්වයේ ජලය සමඟ මිශ්‍ර කරන්න. ප්‍රතිශතය මෙම පරාසය තුළ නොමැති නම් හෝ නිශ්චිතව සඳහන් කරලා නොමැති නම් බ්ලීච් නිෂ්පාදනයක් භාවිතා කරන්න එපා. කල් ඉකුත් වීමේ දිනය ඉක්මවා ඇති බ්ලීච් භාවිතා කරන්නත් එපා. ගෘහස්ථ බ්ලීච් නම් ඇමෝනියා හෝ වෙනත් පිරිසිදුකාරකයක් සමඟ කිසි විටෙකත් මිශ්‍ර කරන්න එපා.

4 ඔබට මෙහෙම ද මිශ්‍ර කරන්න පුළුවන් : කාමර උෂ්ණත්වයේ වතුර ගැලුම් එකකට 5.25% -8.25% බ්ලීච් 5 හැදි (1/3 කෝප්ප) ක් හෝ කාමර උෂ්ණත්වයේ හතරෙන් එකකට 5.25% -8.25% බ්ලීච් තේ හැඳි 4 ක්.

5 ඔබේ මාස්ක් පළඳනා එම බ්ලීච් ද්‍රාවණය තුළ විනාඩි 5 ක් පොඟවා ගන්න.

6 බ්ලීච් ද්‍රාවණය සින්ක් එකෙන් බැහැර කරලා සිසිල් හෝ කාමර උෂ්ණත්වයේ ජලයෙන් ඔබේ මාස්ක් පළඳනා හොඳින් සෝදන්න.

7 සේදීමෙන් පස්සේ ඔබේ මාස්ක් සම්පූර්ණයෙන්ම වේළන්නට ද වග බලා ගන්න.

ඔබේ මුහුණු ආවරණ වේළන ආකාරය
dryer එක තුළ වේලන්න - ඉහළම තාප සැකසුමක් භාවිතා කරලා සම්පූර්ණයෙන්ම වේලෙන තෙක් වියළනය තුළ මාස්ක් එක තබන්න.

වාතයට වේළෙන්න දෙන්න - මිදුලේ ස්වාභාවික සුළං හමන පරිසරයක මාස්ක් එක තියලා සම්පූර්ණයෙන්ම වේළෙන්න ඒකට ඉඩ දෙන්න. පුළුවන් නම් මාස්ක් එක සෘජුවම හිරු එළිය වැටෙන තැනක වේළෙන්න තබන්න.

මාස්ක් එකක් පැළඳීම සමහර පුද්ගලයින්ට කරදරයක් ලෙස පෙනෙන්නට තිබුණත් COVID-19 සහ වෙනත් විෂබීජ පැතිරීම වැළැක්වීම සඳහා එය දිගටම කරගෙන යාම වැදගත් බව මතක තියාගන්න .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Short term memory loss symptoms diagnosis and treatment
   256
   196

කෙටිකාලින මතකය නැතිවීම, රෝග ලක්ෂන, හේතු සහ ප්‍රථිකාර

කාන්තා අප එතරම් මේ ගැන සැලකිළිමත් නොවූවාට.. මේ තත්ත්වය අපේ ජීවිතය සම්පූර්ණයෙන් කණපිට හැරවීමට පවා හේතු වෙන බව ඔබ දැනුවත් වී සිටීම වැදගත්…
Must have frocks for woman (part 02)
   24,771
   189

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා
Do not do these after sexual intercourse
   1,945
   169

ලිංගික සංසර්ගයෙන් පසු මේ දේවල් නම් කරන්න එපා

ලිංගික එක්වීමකින් පසු ඔබ විසින් අනිවාර්‍යෙන් වැළකිය යුතු කරුණු පිලිබදව ඔබ දැනුවත්ද..? කාර්‍යක්ෂම ලිංගික ජීවිතයක් ගතකරන ගමන්ම ඔබ වැළකී සිටිය යුතු ප්‍රධාන කරුණු 6 ක් පිළිබදව හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරනවා
How to keep your feet beautiful
   44,822
   73

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Energy Boost Mango Juice
   3,299
   72

උදේට බීලා යන්න ශක්තිජනක අඹ ජූස්

අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට තේ එකක් කෝපි එකක් බොන්නනේ. ඒත් ඒකෙන් සතියට දවස් තුනක් වත් අයින් වෙලා පළතුරු ටිකක් කන්න, බොන්න පුරුදු උනොත් ඔයාගේ, ඔයාගේ පවුලේ අයගේ යහපත් සෞඛ්‍යයට හොඳ ආරම්භයක් වෙයි

Latest Articles

Most Viwed